Friday, April 22, 2016

රුසියන් හොස්ටල්



මේ සිද්දිය සිදුවුනේ මීට වසර 4-5කට ප්‍රථම රුසියාවේදී.........
ඕන් ඉතින් මමත් හා හා පුරා කියල රුසියානු විශ්වවිද්යාලකට ගියා වැඩිදුර අද්‍යාපනයට......නැවතුනෙ යුනිවසිටියෙ හොස්ටල් එකක.....ඒකෙ රුසියන් බඩු විමානෙ...... හම පාට උන් පේන්න බෑ... රෙද්ද උස්සගත්ත ගමන්මයි..... මුල් දවස් ටිකේ බයටම රූම් එකට වෙලා හැන්ගිල හිටියෙ........ කොහොමින් කොහොම හරි දෙයියො බලල මට එහෙදි ලංකාවෙ කොල්ලො සෙට් එකක් සෙට් වුනා..... එළ ඩයල් ටික..... මට වඩා අවුරුදු දෙකක් සීනියර්.... හිටියෙ මගේ යුනිවසිටියෙම අනෙක් හොස්ටල් එකේ...... කොල්ලො ටික එළ වුනාට උන් එක්ක හිටිය මහ අමුතු එකෙක්...... කොන්ඩෙ රැවුල වවාගත්ත මූනක් කටක් හෝදපු නැති කොට කෙට්ටු මහ අමුතු එකෙක්. කොහොම හරි මගෙත් තිබුන පන්ඩිතකමට හොයන්නෙ බලන්නෙ නැතිව මාත් උන්ගෙ හොස්ටල් එකට මාරුවක් දාගත්ත.......... ලට්ට ලොට්ට ටිකත් අරන් අලුත් හොස්ටල් එකට ගියාම ලන්කාවෙ උන්ට කාමර තුනක් තියෙනව දැක්ක.... හැබැයි කට්ටිය ඔක්කෝම සෙට් වෙලා ඉන්නෙ කාමර දෙකක.... අනික් කාමරේ අර අමුතු බුවා විතරයි....... ඌ ඇඳවල් 3ක් තියන් එළට ඉන්නව
මාත් ඉතින් මෑන් වගේ අරූටත් තට්ටුවක් දාල එහෙම උගේ කාමරේ සෙට්වුනා..... කට්ටියත් එක්ක හැන්දෑ වරුවෙ අවලමේ ගිහින් රෑ කෑමත් කාල කට්ටියම නිදාගන්න සෙට්වුනා......

ගුඩ් නයිට් එව්රිවන්............

කාමරේට ගිහින් නිදාගන්න සෙට්වුනාම අර මලපෙරේතය මගේ ඇඳ උඩ ඉන්නව.......... ආපු මුල් දවස නිසා ශේප් එකේ ඌව උගේ ඇඳට යවල ලයිට් නිමන්න හදනකොට මූ කියපි ලයිට් නිමන්න එපා පාඩම් කරන්න තියෙනව කියල...... මුගෙ අම්මට හු... කියල හිතාගෙන මම රෙදි පොරවන් බුදි........ සීතලට හින්ද නින්ද යනවත් හොරයි..... මට අතරමගදි ඇහැරුන.......... අර හු##ත උගේ ඇඳේ කකුල් දෙකත් උඩ දාගෙන (ඇණ තියන්) මගේ දිහා බලන් ඉන්නව...... මමත් ඔහේ නිදාගත්ත.....

කොහොම හරි ඒ සෙනසුරාද රැය මහ අමුතු විදියට ගෙවිල ගියා..... අරූ එක විනාඩියක් ඇස් පියවෙවුවෙ නෑ..... මගේ ලඟ ඉන්න එකා මහ අමුතු එකෙක් බව මට දැනුනත් මම වැඩිය ගනන්ගත්තෙ නෑ....... ඊලඟ දවසේ උදේ පාන්දරම මම අර අනික් උන්ගෙන් අර ගෝතය ගැන ඇහුව..... උන් කියුවෙ ඌ හරි හොඳ එකෙක් වැඩිය නිදාගන් නෑ කියල විතරයි....... උන් ටික ඌව මාර විදියට කවර් කලා....... මටත් ඉතින් ඕන පු#ක් නිසා මාත් වැඩිය ඇඟට ගත්තෙ නෑ......

ඉරිද දවසත් සුපුරුදු සුන්දර අවලම් විදියට ගෙවිල ගිහින් හැන්දෑවෙ කොල්ලොත් එක්ක ඔරිජිනල් රශියන් වොඩ්ක පාරක් දාල රෑ දෙගොඩ හරියෙ කාමරේට රිංගුව නිදාගන්න......... ලයිට් එක වැහුව විතරයි අර හු#තා කෑගැහුව පාඩම් කරන්න තියෙනව ලයිට් එක දාපන් කියල. වොඩ්ක එකෙන් පුක පැලෙන්න වැදිල හිටිය වෙලේ ඊයෙ සීන් එකත් මතක් වෙලා මම මූට අම්ම මුත්ත මතක් කරල බැනල ලයිට් එක වහල දැම්ම....... එදා රෑ -25c ට හීතලයි....... ඩෝප් මරගාතෙ එළට නින්ද ගියා...... එකපාරට මර ලතෝනියක් ඇහිල උඩ ගිහින් ඇහැරුනා......සද්දෙ තරමට මුලු හොස්ටල් එකේම උන් කාමරේට දුවන් ආව........ ලන්කාවෙ උන් ටික අරූ හීනෙන් බයවෙලා කියල ශේප් කරල කට්ටියව යැවුව......... එදා කතන්දරේ ඉවරයි......... කොහොම වුනත් ඊටපස්සෙ ලයිට් වහපු හැම රැයකම මූ මහ රෑට යටිගිරියෙන් කෑගහන්න පටන් ගත්ත........ උගේ ඒ සද්දෙට චූ යන් නැති ටික විතරයි........මමත් දැන් දිගට හරහට ලයිට් දාගෙන බුදි දවස් 3-4කට පස්සෙ මළටම ඕන හුත්#ක් වෙන්න කියල ලයිට් වහල නිදාගත්ත....... ටිකවෙලාවකින් මට දැනුන මගේ ලඟ කවුරුහරි ඉන්නව කියල...... හෙමීට ඇස් හීන් කරල බැලුව....... අම්ම ගහයි පුහුල් ගෙඩියෙන්!!!!........ කට්ට කලුවරේ අර භූතය මගේ ලඟ හිටගෙන ඉන්නව කලුවරට චායාවක් විතරයි පෙනුනෙ....... මේන් බොලේ මූ ටික ටික මට කිට්ටුවෙනව..... මට බය දෙගොඩ තලා ගිහින්..... මූ මොකාට එන්න හදනවද කියල තේරෙන් නෑ...... පුක් කාරයෙක් ද?? නපුන්සකයෙක්ද? හොමෙක්ද?? සයිකො බුවෙක් ද??? මගේ ඔලුව යකාගෙ කම්මල වගේ...... ඕන එකක් කියල කකුලයි අතයි රෙඩිකරගත්ත මැරිල යන්නම කෙලින්න..... මගේ ලඟටමවෙලා මන් දිහා බලන් හිටපු මූ මගේ මූන ලඟට නැමන්න ගත්ත.... මල හුත්#යි...... උඹලම කල්පණාකරල බලපල්ලකො මහ කලුවරේ ආත බූත නැති එකෙක් මූන ලඟට වියතක් විතර දුරට ලන් වෙනකොට තියෙන සනීපෙ......මූ දැන් හොඳටම ලන්වෙලා මාවඉවකරනව..... හොඳට බලනව...... මගෙත් සීමාව ඉක්මයන්න ටික වෙලාවයි තිබුනෙ..... එකපාරටම මූ මුගෙ ඇඳ ලඟට ගිහින් කොට්ටෙ හාරල මොනවද ගත්ත........ පස්සෙ සිගරට් ලයිටරේ පත්තුකරන් අතටගත්තු දේ බලන්න ගත්ත........ මූ පින්තූර වගයක් බලනබව මට පෙනුන..... විනාඩි ගනනකින් මූ මහ හයියෙන් හූ තියුව....... සුපුරුදු විදියට කට්ටිය ඇහැරුනා..... මොනව කරන්නද සාමාන්‍ය දෙයක් නෙ..... ඔය අතරෙ බුවා චූකරන්න ටොයිලට් ගියා..... මට මාර චාන්ස් එක මූ මොනවද බලන්නෙ කියල හොයල බලන්න... මම ඩාං ගාල දොර ලොක් කරගත්ත.........

කෝ බලන්න මූ රෑ දෙගොඩහරියෙ රහකරකර බලන පින්තූරටික......... මාත් ඉතින් වැඩර් වගේ කොට්ටෙ ඇදල පින්තූර ටික ගත්ත.......

බුදු අම්මෝ.......

බුදු අම්මෝත් හොඳ එක......

පින්තූරවල තිබුනෙ සුදුපාට වෙඩින් ගවුමක් අන්දවපු මුලු මූනම දම්/කලු පාටට විරූප වුන මළමිනියකගෙ සමීප රූප...... ඒ පින්තූරටික බලන්න තියා හිතනකොටත් බයයි..... ඒක අස්සෙ අරූ යකා වෙලා... දොර කඩන්න හදනව.

ඇරපිය යකෝ දොර..........

මමත් පින්තූර ටික මේසෙ අස්සෙ දාල කාමරේ දොර ඇරිය..... අරූට ටිකක් සීන් එක සැක හිතිල ගානයි ඌ ශේප් එකේ කොට්ටෙට අතදදා ෆොටෝස් ටික හොයනව. මමත් සද්ද නැතිව හිටිය.... මූ ටිකක් නාහෙට අහන් නෑ ඒත් මම මුල් දවසෙ බීල දාපු ටෝක් එකට මූ ටිකක් මට බය වෙලා හිටියෙ....

ටිකක් වෙලා ගිහින් මූ මගෙන් පින්තූරටික ඉල්ලුව..... මම මූට තදින් කියුව මට සීන් එක කියපන් නැත්නම් ඉස්සරහට වැඩ වරදියි කියල........

මෙන්න මූ අතදරුව වගේ මගේ ලඟ අඬ අඬ සීන් එක කියන්න ගත්ත........


උගේ සිද්දිය කෙටියෙන්......

ඌ පවුලේ එකම දරුවලු..... අම්මයි තාත්තයි ගොඩක් ප්‍රසිද්ද ව්‍යාපාරිකයින්...... පදින්චි වෙලා ඉන්නෙ පුන්චිබොරැල්ලෙ...... තාත්තගෙ කන්ටෑක්ස් වලින් ශ්‍රි ලන්කන් එකේ ලොකු පෝස්ට් එකක් සෙට් කරන් මූ හෙන සැපට ජීවත්වෙලා තියෙනව....... ඔය අතර මූ ඒ ඔෆිස් එකේම අහින්සක කෙල්ලෙක් ෆන් එකට සෙට් කරන් බලාපොරොත්තු දීල අමාරුවෙ දාල තියෙනව..... අන්තිමට කෙල්ල බඩින්..... කොහොමින් කොහොම හරි මූ වියදම් කරල කෙල්ලගෙ අකමැත්තෙන්ම ලමයටත් වැඩේ දීල........... මේ සිද්දිය කෙල්ලගෙ අයියට මාට්ටු වෙලා ඌ මුගේ ගෙදර ඇවිත් යකා නටල..... අන්තිමට අයිය තගෙන්ම කෙල්ලව බන්දල දීල බලෙන්ම උගේ ගෙදර නවත්තල.......ගෙදර හිටියට මොකද මුලු පවුලම ඒ කෙල්ලට වෙනස්කම් කරල......
අන්තිමට මේ කෙල්ල ජීවිතේ නැතිකරගන්න කොල්ලගේ වාහනේට ගෙනාපු එන්ජින් ඔයිල් බීල........

කොලඹ මහ ලෝහලේ නොවිඳිනා දුක් විඳල සතියක් පණ ඇදල ඒ කෙල්ල මෙලොව අතහැරල ගිහින්...... ඌ මට කියනව..... ඉස්පිරිතාලෙ හිටිය ටිකට උගේ කෙල්ල විඳපු දුක ජීවිතේ තියෙනකන් අමතක වෙන් නෑ කියල..... බලන් ඉන්දැද්දි ඒ ලස්සන මූන විරූපී වුන හැටි..... පෙනීම දුර්වල වෙලා ඇස් අන්ද වුන හැටි...... කලු පාටට වමනෙ කරපු හැටි...... කොටින්ම කියනවනම් මූ නිසා මූට ආදරය කරපු කෙල්ල දින 7 කින් උපරිමයට විඳවල උගේ අත උඩම මැරෙන හැටි මූ අත්විඳල.....

අවසානයේ මරණයේ කටයුතු අවසන් වුනාට පස්සෙ හරියටම හත් දවසෙ බණ දවසෙ ඉඳල මේ විරූපී වුන කෙල්ල මූ ලඟට එන්න අරන්.....හැම වෙලේම මූ තනි වුනාම මුගේ කර උඩින් ඒකි කකුල් දෙක දාගෙන ඉන්නවලු.... ගොඩක් වෙලාවට අම්මත් මේ දේවල් දැකල තියෙනව........ මූව බේරගන්න තොවිල් පවිල් ආදී වූ කිසි දෙයක් කරත් හරි ගිහින් නෑ...... අන්තිමට මූව මේ බූත කේස් එක නිසා රස්සාවෙනුත් එලියට දාල...... දෙමවුපියන්ට කරකියාගන්න දෙයක් නැතිව ඉන්නකොට සාත්තරකාරයෙක් කියල තියෙනව අමනුශ්‍ය දෝශ රටින් පිටවුනාම බලපාන් නෑ කියල..... එතින් කට්ටිය පුලුවන් ඉක්මනින් මූව රුසියාවට එවල..... ඒත් මොන ගැලවීමක්ද...... ඒකි මූ පස්සෙන්මලු..... මූ රෑට බයවෙලා යටිගිරියෙන් කෑගහන්නෙ බැරි වෙලාවත් මූට ඇහැ පියවුනොත් ඒ සැනින් උගේ ඇඟ බරවෙල ඇහැරෙනවලු. ඇස් අරිනකොට විරූපී වුන කෙල්ලගෙ කකුල් දෙක උගේ කරේ තියෙනව පේනවලු......

මූ කියපු විදියට මූ කෙල්ල මැරුණට පස්සෙ එකදිගට අවුරුදු 2-3ක් නිදාගෙන නැහැ.
විස්තරේ අහල මටත් නිකන් හොල්මන් හොඳ එක...... මට කියල මූව දොස්තරකෙනෙක් ලඟට ගෙනියන්නත් තේරුමක් නෑ.... අන්තිමට මම ඌට ටිකක් බොන්න දුන්න... දෙයියන්ගෙ පිහිටෙන් මූට ඒදවස්වල පැයක් දෙකක් එකදිගට නින්දගිහින් තිබුන..........මම ටිකෙන් ටික මුගේ ගෑනිගෙ සීන් එකට මූ බයවෙන එක අඩුකලා..... මූ කලකට පස්සෙ කියුව මූට ගෑනි ලඟ ඉන්නව පේනව, ගොඩක් වෙලාවට කකුල් කරේ දාගෙන ඉන්නව නමුත් දැන් වැඩි බයක් දැනෙන් නෑ කියල........

මොනව කලත් කලකම් පලදෙනව........ මටනම් ඒ ගෑනි මුගෙ පස්සෙන් ආවෙ නැත්නම් තමයි පුදුම. ඊත් මෙච්චර අමාරුවෙන් ගොඩ දාපු මූ, මම ගැන පොලීසියට ඔත්තුවක් දීල.... මම යුරෝප් බෝඩර් ක්‍රොස් කරන්න ඇවිත් ඉන්නෙ කියල.......පොලීසියෙන් මාව කාලයක් ෆලෝ කරල......මට පස්සෙ තමයි ආරන්චි වුනේ......

අනික් කාරණය... මට හම්බවුන එළ කොල්ලො සෙට් එකත් එළම නෑ....... උනුත් මූත් එක්ක ගහගෙන මේ මිනිහ උගේ අතක් කපාගෙන ඇඩ්මිට් වෙලා ඉගෙනගන්න ආපු ලන්කාවෙ කොල්ලො හතරදෙනෙක් ඩිපොර්ට් කරවල..... උන් ඔක්කෝම මට සීන් එක හැන්ගුව......ඔය විස්තර දැම්මෙ මිනිස්සු තේරුන් ගන්න......


ඕන් එහෙනං කතාව අහවරයි...... මේක කියවෙවුවට වැඩි බයක් නැතිවුනාට අත්දැකීමට මුහුනදුන්න මම මේ සීන් එකට පන යන්න බය වුනා.... වෙන එකක් තියා මම මේ සීන් එක දැන් ටයිප් කරන්නෙ ලයිට් දාගෙන........lol

Thursday, September 5, 2013

ගෑනු ළමයා ගේ අවතාරේ




කොලබ ඇති කටුක එකාකාරී බවින් මිදිමට අනුරාධ පුරයේ පුන්චිලා ගෙදර යෑමට තිරණය කලෙමි, බොහො කලකින් යෑමට බැරි උන බව කියමින් මෙවර මා සමග අම්මා සහ නන්ගි ද එකතු විය, කොලබින් පිටත් වු අපි අනුරාධ පුරයට ලන් වන විට  රෑ බො වී තිබුනි

ගමන් විඩාවත් නිසා මා ඉක්මනින් නින්දට වැටුනාය, පසුදින උදයේ නැකිට්ට විට දැන ගන්න ලැබුනේ එතරම් හොද ආරන්චියක් නොවේ, එනම් උඩහ ගෙදර සීයා අන්තරා වි ඇති බවයි

පුන්චිලා ගෙදර ඇවිත් ගත කරන්න යොදා ගත් නිවාඩුව ඉන් පසු ගත කිරීමට උනේ සියාගේ මල ගෙදරයි, නමුත් තෙවෙනි දවසේ මා හට ගගෙන් උඩහා මාම ලාගේ ගෙදර යෑමට සිත් විය, මා සමග ඉතාමත් කුලුපග මාමා ෆන් එකට බර පොරකි

මාම ලා ගේ ගෙදර ගොස් නැවත මල ගෙදර බලා පිට වෙද්දි වෙලාව මැදියම් රෑ 12 පමන විය, මාමා නවතින්න යැයි බල කරද්දි අම්මා සහ නන්ගි බලා සිටිනවා කියා මල ගෙදර බලා යන්නට මා පිටත් විය

රෑ 12ට මාම ලාගේ ගෙදර සිට නැවත පිටත් වන විට මාගේ මතකට ආවේ බැද්ද තුලින් වැටි ඇති කෙටි පාරකි, ප්‍රධාන පාරෙන් බට මා බැද්ද තුලට පිවිසියෙමි.

තනියට එලියට සන්තකයටම තිබුනේ මා සතුව ඇති ජන්ගම දුරකතනය පමනි, ජන්ගම දුරකතනේ  එලියේ ආදාරයෙන් මම ගස් වැල් පීරා ඉදිරියට ඇදුනෙමි

රැහැයියන්ගේ හඩත් , නරියන් හු කියන හඩත් වටින් පිටින් ඇහෙන්නට විය, අවට පරිසරයෙ මහා මුසල බවක් පිරි තිබිනි

ටික දුරක් යද්දි මට අසුනේ ජල පහරක සද්ද යයි, සතෙක් වතුර බොනවා යයි මා අනුමාන කලෙමි, නමුත් තව ඉදිරියට යද්දි මා හට පැහැදිලිව ඇහුනේ කිසිවෙකු වතුර ඇද නාන සබ්ද යයි, බැද්ද මැද ඇති පාලු ලිද මා මතකයට ආවේ එවිටයි

මා දන්නා තරමින් ඔය ලිද කිසිවෙක් බාවිතා කරන්නේ නැත, ඔය ලිද දවල් වෙලාවකත් කිසිවෙක් බාවිතා නොකරන  බව පුන්චි අම්මා මට දිනක් කීවාය, එත් මේ වෙලාවේ නාන්නේ කව්ද

මා හට යෑමට නම් පාලු ලිද පසු කල යුතුය, ඉදිරියට ඇදුන ම ලිද ලග දැකපු දෙයින් ඇගම වෙව්ලා බියට පත් විය

ලිදෙන් වතුර ඇද නාන්නේ ගැහැනියකි, කොන්ඩේ පල්ලෙහට බේරි, මුහුන පාත් කරගෙන චිත්තයක් ඇදගෙන වතුර අදමින් ඇය ඔහේ නායි

මෙය කිසි විටකත් විය නොහැක්කකි, වෙලාව රෑ 1 පමන විය, මා හට නැවත හැරි යන්නටත් බැරිය, යාමට නම් ලිද පාස් කල යුතුය, හිතට ශක්තියත් හෙන ඉතිපිසො ගාතාව මුමුනමින් ලිදට ලන්විය

ගැහැනිය මා ලන් වු පසුවද කිසිම හැල හොල්මනක් නැතුව නායි, ඇය පොඩ්ඩක් වත් හෙල්ලෙන්නේ වත් මා දෙස අවදානය යොමු කරන්නෙත් නැත, මා ඇය දෙස බලා අක්කෙ අක්කේ යයි කිව්වෙමි

ඇය නෑසුනා මෙන් දිගටම පිලිමයක් මෙන් මුහුන බිමට හරවා සිටියාය, අක්කේ ඇයි මේ වෙලාවේ නාන්නේ යයි අසුවෙමි, නමුත් ඇය පිලිමයක් සේම මුහුන බිමට හරවා සිටියාය

අනිත් පැත්ත හරුන මම පුන්චිලා ගේ නිවස බලාම දුවන්නට විය, පුන්චිලා ගේ ගෙදර මිදුලට බට මා කලාන්තේ හැදි අද වැටුනි

පසුවදා උදේ නැකිටන විට මා හට උන සෑදි තිබිනි, සිද්දිය කුමක්දැයි විපරම් කිරිමට මල ගෙදර බොහො දෙනෙක් පුන්චිලා ගේ ගෙදරට පැමින සිටියාය

මොකක්ද පුතේ ඊයේ රෑ උනේ, යයි අම්මා ඇසුවාය, මතක් කිරිමට අකමැති උවත් බොහො දෙනෙක් අසා සිටියදි මා උන දේ විස්තර කලෙමි.

කට්ටියම විසාල කරගත් දෑස් ඇතුව මා දිහා බැලුවාය, ඊට පසු එතන සිටි ආච්චි කෙනෙක් මෙසේ කීවේය

ඔය පුතා මීට අවුරුද්දකට විතර කලින් ඔය ලිදට පැනලා මැරිච්ච් ගෑනු ළමයා ගේ අවතාරේ, නැතුව ඔය ලිද කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ, කීප දෙනෙක්ම ඔය අවතාරේ දැකලා තියෙනවා, හැබැයි කාටවත් කරදරයක් කරලා නම් නැහැ

ඊට පසුව මාගේ රොගය උත්සන්න විය, ඉස්පිරිතල යට පවා ඇතුල්වී සුවය ලැබුවේ සතියකට විතර පසුවය

එදා සිට හොල්මන් කෙරේ මා තුල තිබු බොරු පුහු හෙලවෙන මනස වැනි දෑ ඉවත් වී
හොල්මන් පිලිබදව විස්වාස කරන්නට පටන් ගත්තෙමි...

පාළු ගෙය

කොල්ලො ටිකක් එකක් වෑන් එකකින් පොඩි ට්‍රිප් 1ක් යන්න සෙට් වෙලා. ඉතින් මේ කොල්ලො ටික යන ගමන් එක කොල්ලෙක් දන්න කියන තැනක ටිකක් නතර වුනාලු. ඉතින් පොඩි රෙස්ට් එකක් අරගෙන ඩ්‍රින්ක් එකක් දාන්න සෙට් වෙලා. හැබැයි මෙයාලා නතර වෙලා තියෙන්නේ පාළු ගෙයක් ලග.එතනම ළග තවත් පාළු ගෙයක් තිබිලා තියෙනවා. ඒ ගෙදර නම් කවුරුවත් යන්නෙ නැති, අතහැරලා දාපු පාළු ගෙයක්ලු.

ගුප්ත පෙනුමක් තිබුන මේ ගේ ගැන කොල්ලො ටික පොඩ්ඩක් විපරම් කරන කොට, එතනින් ගිය ගමේ මනුස්සයෙක් කිව්වලු “ඔය තියෙන පාළු ගෙදරට යන්න හිතන්නවත් එපා. මීට කාලෙකට කලින් ඔය ගෙදරදි තරුණ ගැහැණු ළමයෙක් දූශණය කරලා මරලා. ඒ ළමයා එල්ලලා මරලා තියෙන්නේ. දැන් කවුරුවත් ඔය ගෙදරට නොයන නිසා තමයි ඔය ගේ දොර ජනේල වහලා තියෙන්නේ“

හැබැයි ඔය කියන පාළු ගෙදර දොර ජනේල වහලා තිබුනට සමහර ජනේල එහෙම කැඩිලා ගිහින් තිබිලා තියෙන්නේ. මේ වෙන කොට කට්ටිය නියම ගානට පදම් වෙලා. සමහරුන්ට හොදටම වෙරි. ඉතින් ඔහොම වෙරි වැඩි වෙච්ච එකෙක් පණ්ඩිත කතා කිය කිය ඔය කියපු පාළු ගේ පැත්තට ගිහින්. කෙලින් යන්න බැරි තරමට වෙරි වෙච්ච මෙයා වැනි වැනී ඒ පාළු ගේ ළගටම ගිහින්. ගිහින් කැඩුණ ජනේලයක් ලගට ගිහින් මුත්‍රා කරන්න ගත්තලු. අනිත් කොල්ලො ටික මූ දිහාට ඇගිලි දික් කරගෙන හයියෙන් හූ කියනවලු. එකෙක් කුපාඩි කමට මූ මුත්‍රා කරන විදිය ෆොටෝ එකක් අරගෙන.

කොහොම හරි මේ කට්ටිය මෙතනින් පිටත්වෙන්න වෑන් එකට නැග්ගලු. වෑන් එකට නැගලා පිටත් වෙලා ටික වේලාවකින් අර මුත්‍රා කරන්න ගිය කොල්ලා හොදටම වෙව්ලන්න ගත්තලු.වෙව්ලලා උණ ගත්තලු. උණ අඩුවෙන පාටක් නොතිබුන නිසා යාළුවො ටික මෙයාව රෝහලකට එක්කගෙන ගියාලු.කොයි තරම් ප්‍රතිකාර කලත් බේරගන්න බැරි වෙලා. උණ හැදිලා හිටපු මේ කොල්ලා දවස් තුනකට පස්සේ මැරුණලු.

මළ ගෙදර මරණ පෝස්ටරේට ඒ කොල්ලගේ පින්තූරයක් ඕන නිසා ට්‍රිප් එකේ ගහපු ෆොටෝ ටික බලලා. ෆොටෝ බලපු කට්ටිය තිගැස්සිලා තියෙන්නේ එතනදි.

ඒ කොල්ලා අර කියපු පාළු ගෙදර ජනේලය ළග මුත්‍රා කරන ෆොටෝ එකේ තියෙනවලු, කාගෙදෝ අතකින් ඒ කොල්ලගේ බෙල්ල මිරිකනවා

මෝහීනී දිෂ්ටිය

 
 
මේක මීට බොහෝම කලකට කලින් උන දෙයක්, ඒ කියන්නේ අවුරුද්දකටත් විතර කලින්, මේ කාතාවට සම්බන්ද මාගේ මිත්‍රයා දැන් ලංකාවේ නැති නිසයි මේ කාතාව ලියන්නේ.....මාගේ මිතුරාගේ නම ගිහාන්...කිටියෙන්ම කිව්වොත් මගේ බොක්කේම මිතුරා තමයි මූ...අපි දෙන්න ඉස්සර ඉදන්ම මේ ගුප්ත දේවල් ගැන හොයන්න ගොඩාක් ආස කලා....ගොඩාක් දේවල් අපි මේ ගැන හෙව්වා, ඒකට මූලිකම පසුබිම සෑදුනේ අපේ පවුල් මේ වැඩ වලට සම්බන්ද නිසා වෙන්න ඇති...... ගිහාන්ගේ මාමා කෙනෙක් හිටියා, බොහෝම දක්ෂ අදුරෙක්, බොහෝම දක්ෂයි...ඉතින් මේ ගුප්ත දෙවල් ගැන සමහර ගුරුකම් ගැන ගිහාන්ට හොද අවබෝධයක් තිබුනා මාමට පිං සිද්ධ වෙන්න... ඉතින් දවසක් මට ගිහාන කතා කරලා කිව්වා " මචං පොඩි වැඩක් තියෙනවා, උඹේ සපෝට් එක ඕන, වරෙං මේ පැත්තේ කියලා " .... මාත් ඉතිං ටිකක් දවල් වෙලා ඒ පැත්තේ ගියා...ඉතින් මේ ගුප්ත දෙවල් ගැන සමහර ගුරුකම් ගැන ගිහාන්ට හොද අවබෝධයක් තිබුනා මාමට පිං සිද්ධ වෙන්න... ඉතින් දවසක් මට ගිහාන කතා කරලා කිව්වා " මචං පොඩි වැඩක් තියෙනවා, උඹේ සපෝට් එක ඕන, වරෙං මේ පැත්තේ කියලා " .... මාත් ඉතිං ටිකක් දවල් වෙලා ඒ පැත්තේ ගියා...මන් යද්දී ගිහාන් ගෙදර නෑ, මං මූට call එකකුත් දීලයි ගියේ, ඒත් මූ ගෙදර නැහැ.... මාත් එක්ක මුගේ ගෙදර උන් ගොඩාක් fit . මන් උන්ගේ අම්මට කිව්වා " මොකක්ද වැඩක් තියෙනවා නයිටක් ගහන්න බලන් වරෙං " කියලා මට කිව්වා කියලා, මොකද දන්නේ නෑ කියලා මම අහුවා..... මුන්ගේ අම්මා එකපාරටම කලබල වෙලා " එහෙම මුකුත් මට කිව්වේ නැහැනෙ" කියලා කිව්වා ...... එතකොටයි මට තෙරුනේ මොකක් උනත් මූ කරන්න යන්නේ ගෙදරටත් හොරෙන් කියලා....දැන් මුන්ගේ අම්මා මගෙන් රටේ නැති ප්‍රශ්න අහනවා, මම මොනවා කියලා කියන්නද, මොකද මම දන්න දෙයක්ද???? මූ මට කලින් කියලත් නැහැනේ, පස්සේ මම මූට sms ගැහුවා "කොහෙද තෝ ඉන්නේ කියලා..." මෙන්න මූ කොහෙද මන්දා ඉදන් දාඩිය පෙරාගෙන ආවා...මූ දන්නවා මාව ගෙදර දැන් තියා ගත්තොත් අම්මා ඔක්කොම දැනගන්න විත්තිය, මූ මාව ගෙදරටත් නෝන්ඩි වෙන්නේ නැතුව ගෙදරින් එලියට එක්ක ගියා..... ඔන්න දැන් අපි පාරේ පයින් අවිදන් යනවා, යන ගමන් මන් මුගෙන් අහුවා " මොක්කද බං seen එක, ඉස්සෙල්ලා එක කියල ඉදපන් ", කියලා ...... මොකද මං අපේ ගෙදරට කියලා අවේ අද ගෙදර එන්නේ නැහැ, ගිහන්ලාගේ ගෙදර පොඩි වැඩක් තියෙන්වා කියලා, අද එහෙ ඉන්නේ කියලා, මම දන්නවා අනිවාරෙන්ම අපේ ගෙදරින් හවසට මුගේ ගෙදරට call කරනවා කියලා... මූ මට පස්සේ හීමීට විස්තරේ කියන්න ගත්තා..... මෙන්න මේකයි සිද්දිය.... මූ එක කෙල්ලෙක්ට කැමැතෙන් හිටියා, ඒක ගමේ කෙල්ලෙක්, ඒත් එකී මූට පොඩ්ඩක් වත් කැමත්තෙන් හිටියේ නැහැ, කෙටියෙන්ම කියනවානම් එකී මූව ගානකට වත් ගන්නේ නෑ...... මූ අවුරුදු 6 වඩා මේකිගේ පස්සෙන් ගියා මම දන්න විදිහට, ( මම වැඩිය මේකි ගැන දන්නේ නැහැ, මොක්ද මේකී උගේ ගමේම කෙල්ලෙක් නිසා ) දැන් මේකී වෙන එකෙක් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා මූට ආරංචි වෙලා.....දැන් තමයි තේරෙන්නේ මුගේ මෝඩ කම, කෙල්ලෙක් කවද්ද අවුරුදු 16 පැන්නට පස්සේ තනිකඩව හිටියේ , මූට පිස්සූද කියාලා හිතෙන්වා වෙලාවකට, ආදරේ බොක්කටම ගැහුවහම ඔහොම තමයි......දැන් මූ හදන්නේ මේකිට වශීයක කරන්නලු, වශීයක් කරලයි මූ දැන් මේකිව ලගට ගන්න යන්නේ...... මං කිව්වා මේක හරියන වැඩක් නෙමේ.... (මොකද වශී ගුරුකම් හිතන තරම් නැහැ කියලා මම හොදට දන්න නිසා.) පස්සේ මූට කොච්චර තේරුම් කරන්න හැදුවත් මූට වැඩක් නැහැ, යාලුවා නිසා මුකුත් කියන්නත් බැහැ, අන්තිමට කොහොම හරි අකමැත්තෙන් හරි වඩේට කැමති උනා......දැන් මේ වැඩේට 3 දෙනෙක් හවුල්.... මමයි, ගිහානුයි, ගිහාන්ගේ යලුවෙකුයි...මේ ගිහාන්ගේ යාලුවා උගේ ගෙවල් පැත්තේ එකෙක්.... ඌත් හැබැයි ගෙන fit dial එකක්..උන්ගේ ගෙදර තමයි වැඩෙට අවශ්‍ය දේවල් ලෑස්ති කරන්නේ,

ඔන්න දැන් අපි හවස් වෙද්දී කොහොමහරි වැඩෙට අවශ්‍ය කලමනාකරන ටිකත් ලෑස්ති කරන් හවස ඔක්කොම මල්ලකට දාගෙන යන්න පිටත් උනා.... මේ ගුරුකම මතුරන්න ඕන තොටුපලක් ලග, ඉතින් අපි තොටුපල ලගට ගිහින් තටුව හදන්න ගත්තා. ඔන්න දැන් වඩේට ඔක්කොම ලෑස්තියි, දැන් ඔන්න විලක්කු පහන් පත්තු කරලා වඩේ පටන් ගත්තා.... මෙහෙම හිතන්නකෝ, වෙලක් එක්කම ගලාගෙන යන ඇලපාරක් ලග, කිසිම එලියක් නැහැ විලක්කුවේ එළියයි පහනේ එලියයි විතරයි තියෙන්නේ, ඒ එක්කම කිසිම සද්දයක් අහෙන්නේ නැහැ වටපිටාවෙන්......ඇහෙන්නේ මන්තර මතුරන සද්දේ විතරයි.... ඔයවගේ පරිසරයක තනිවෙද්දි හිතට කොහොමත් බය එනවා..... මමත් පැත්තකට වෙලා වඩිවෙලා ඉන්නවා, ගිහාන් හරියට පල පුරුදු ඇදුරෙක් වගේ එක දිගටම මතුරනවා..... අනික් කෙනා ගිනිගිදක් ගහලා එකෙන් පොල්කටු පිච්චෙන්න දාලා බලන් ඉන්නවා......මේ වගේ ක්‍රියාවලියක් තමයි එදා උනේ...... මට මතක හැටියට මූලික මන්තර වලින් පස්සේ දුම්මල දුම් එක්ක නවනීලය මතුරන්න ගත්තා...මොනවා උනත් පල පුරුදු අදුරෙක් වගේ දිගටම දුම්මල දිදී තටුවට මතුරන්න ගත්තා... ඔන්න නවනීලෙත් මතුරලා එවරයි....එතකොට රෑ 11 පහුවෙලා මම හිතන්නේ.....මම පැත්තකට වෙලා වඩි වෙලා හිටියට හරි අවදානයෙන් හිටියේ...දැන් මුලු පරිසරයම නිහඩයි...ඇහෙන්නේ මතුරන සද්දේ විතරයි...... මොහීනී දිෂ්ටි මන්තර වල හඩ ඒ නිහඩ බවට අභියෝග කරන්වද ? මේ වගේ විකාර දෙවල් මට දැනෙන්න ගත්තා...

"..... ඕං නයි මානික්ක සෙල්ලුම් ඉඩ මානික්ක සෙල්ලුම්, කච්ච තම්බිටාණේ එන්නාරු මෙත්තම්බ කය්යේරුම් අප්පා උඩයාරුම් උඩුවා තම්බිරාණේ කට්ටි කට්ටි වාර කමසු තම්බිරාණේ කච්චියේන් උරච්චියේන් උත්තම්බිරාණේ කල උරුලෙන් ඉරු වාරක්කට්ටු අඩුක්ක සූරතන් ඉල්ලේ වා වා ඕඩ්වා........"

ගිහාන් එක දිගට දුම්බල දිදී මෝහීනී දිෂ්ටියට අඩගහනවා ( ඔය මන්තරේ මුල් දැහැන විතරයි ) පැය 2 වැඩියෙන් එක දිගට අඩ ගහද්දී පරිසරයේ පොඩි වෙනසක් මට click උනා....එක මොකක්ද කියන්න තේරුනේ නැහැ, ඒත් මොකක් හරි වෙන්න යන බව දැනුනා.... මන් හීමීට තටුවට ලං උනා......ගිහාන් එක දිගට මතුරනවා, අනෙක් එකා ගිනි ගොඩ ලගට වෙලා ඉන්නවා.......එක පාරටම අමුතූ සුළගක් එන්න ගත්තා..ඒ සුළගේ අවේ අමුතූ සුවදක්...මං දැනගත්තා දැන්නම් දිෂ්ටිය ලගටම ඇවිත් කියලා...ඒත් මේක ගිහාන්ට දැනුනේ නැද්ද මන්දා, මිනිහා තාමත් එක දිගටම මතුරවා.....මෙහෙම වෙන්න විදිහක් නැහැ, මට දැනුනා කියන්නේ ඒක මතුරන කෙනාට ඊටත් කලින්ම දැනෙන්න ඕන් කියන එකයි.....හොදම දේ එක නෙමේ, මම ඉටපස්සේ දැකපු දේයි.....කවුද කාන්තා රූපයක් නියර ඇළ දිගේ එනවා වගේ....මේ මහ රෑ කොහෙන්ද ගෑණු....දැක්කේ යාන්තමට චායාව විතරයි.....මන් අපේ අනික් මිත්‍රායාගේ මූන දිහා බැලුවා, මිනිහගේ වෙනසක් පේන්න නැහැ, ආපහු බලද්දී අර චායාව පේන්න නැහැ...........මට හිතා ගන්න බැහැ මොකද්ද වෙන්න යන්නේ කියලා....දැන්නම් හිත බය වෙලා එවරයි...ඒත් කරන්න දෙයක් නැති නිසා හිත තද කරන් හිටියා......එක පාරටම හුලං වල වෙනසක් උනා.....හුලං හමන වේගය වැඩි උනා......ඒත් ගිහාන් එක දිගටම මතුරනවා.... දැන් කරන්න ඕන අඩහන්න නෙමේයි, දොල දීලා ඉනාවට මතුරන එකයි...ඒත් මේකා තාම අඩගහනවා....එක පාරටම හුලං පාරක් ඇවිත් තටුවේ තිබිච්ච පහන නිවුනා....හුලං පාර කොච්චර සැරද කියනවානම් අපිවත් විසි වෙන තරමටයි හුලග අවේ...මුලු තටුවම හෙල්ලුනා ඒ හුලං පාරට......තටුවේ විලක්කුව නිවෙන්නේ නැතුව බේරුනේ 99න්....මම එක පාරටම බැලුවේ අනික් මිත්‍රායා දිහා, මිනිහත් බය වෙලා වගේ, මම අහුවා අවුලක් නැහැ නේද කියලා, මිනිහා නැහැ කිව්වා, මං දැන්ගත්තා මූ නම් යකෙක්ට වත් බය නැති එකෙක් කියලා.......

මම ගිහාන් දිහා බැලුවා...ඌ කිසිම සද්ධයක් නැහැ...එහෙමම වාඩි වෙලා ඉන්නවා...... මම තව විලක්කුවක් පත්තු කර ගත්තා....අරන් වට පිට බැලුවා කිසිම අවුලක් නැහැ....මං ගිහාන්ට කිව්වා " මචං මේ වැඩේ හරියන්නේ නැහැ, අපි මෙක නවත්තලා යමු බං යන්න......" ,කියලා........මං පස්සේ අනෙක් යාලුවාට කිව්වා ඔය ඔක්කොම පෝර බෑග් එකට දලා විසිකරලා දාමු කියලා....මේ වගේ කතාබහ වෙන වෙලාවෙත් ගිහාන් එහෙම වාඩිඋන විදිහටම වාඩිවෙලා හිටියා...මන් පන්දම මුගේ මුනට ලං කලා.......දන්නවද මම දැක්ක දේ.....මුගේ මූනම ඉදිමිලා වගේ, ඇස් එහෙම ලොකු වෙලා, මූ බලා ගත්තු අත බලන් ඉන්නවා......

මගේ මුලු ඇගම හිරි වැටිලා ගියා, අනේ දෙවියනේ මම දැන් මොකද කරන්නේ, මං එහෙමම බිම වාඩි වුනා නෙමියි නිකන්ම වාඩි උනා.......කිව්වට විස්වාස කරන එක්ක නැහැ ඒ වෙලාවේ මට පුදුම අසරණ කමක් දැනුනේ.......ඒත් මම හිතින් වැටුනේ නැහැ, මම අදහන ධර්මයේ විශ්වාසය මට නිතරම තියෙනවා...... මම හීමීට පන්දම යාලුවගේ අතට දුන්නා, දෙන ගමන් අතින් සලකුනු කලා කතා කරන්න එපා කියලා..... මං එහෙම්ම තත්පර ගානක් ඇස් වහ ගත්තා....ඒ මගේ හිත ඒක තැනකට ගන්න......මට හොදට ඒ වෙලාවේ සිහිය තියෙනවා කියලා දැඩි අදිෂ්ටානයක් ඇති කට ගත්තා...මං දකුනු අතට හීමිට කාලමක් මතුරන්න ගත්තා එක දිගටම මතුරන කොට මෙන්න ගිහාන් එක පාරටම නැගිට්ටා..මටත් ඒ එක්කම නැගිටුනා මතුරලා, එක පාරටම මන් මුගේ ඔලුවව අත තියලා මතුරන්න ගත්තා....දැන් මූ නැගිටන්ම ඉන්නවා.....මොනවා උනත් අපි දෙන්නම එකතු වෙලා මූවා බදා ගත්තා...මන් කොහොමහරි දනිස්සට හයියෙන් ගහුවහම මූ බිම වැටුනා, දැන් අරූ ගිහාන්ව තදින් අල්ලන් ඉන්නවා..... දැන් ඉතින් කරන්න දෙයක් නැහැ දැන් සැර කාලමක් කියන්න වෙනවා... මං ගිහාන්ගේ මූන අත්දෙකෙන් අල්ලන් මතුරන්න ගත්තා ...

".............ඕං හර හරම් කන්දාස්වාචී ජෙස් ගුරු නාරායයේ නමඃ ඕං අවකොරේ කුන්තු බාගේස් තුසයි වීර වල්ලි ගිනි........."

මේ පත්තිනි කුලම්බුව, (කොටසක් විතරයි ) මේ මන්තරයෙන් දිගට හරහට මතුරන්න ගත්තා විනාඩි පහකටත් වැඩි වෙලාවක් මට හිතෙන හැටියට, මතුරලා මූනට පිම්බා, ගිහාන්ට එක පාරටම සිහිය නැති උනා.....දැන් දිෂ්ටිය මූව ඇතෑරලා තියෙන්නේ, ඒත් මේ අවට කැරකැවෙනවා වෙන්න පුලුවන්, මං පන්දමත් අතට අරන්, දුම්මල මතුරලා වටේටම ගහුවා.....ගිනි පේසුමාලාවෙන් මැතුරුවේ දුම්මල, දැන් මේ පැත්ත පලාතේ මොකෙක්වත් නැහැ කියල sure...... දැන් හීමිට ගිහාන්ගේ මුනට වතුරා ගහලා සිහිය ගත්තා.....මූ බොහොම අමාරුවෙන් ඔලුව උස්සලා නැගිට්ටා....ඊට පස්සේ මූව අමාරුවෙන් වාඩිකරවා ගත්තා, අවිදින්න පුලුවන්ද කියලා අහුවම අගට ටිකක් පන මදියි වගේ කියලා කිව්වා.....මේ වෙනකොට මගේ හිතට මාර fit ඇවිත් තිබුනේ....දැන් අපේ එක මුවා වාරු කරන් ගෙදර අරන් යන එක....ඉට කලින් මං මුගේ බැනියම අරන් මතුරලා ගැටයක් ගැහුවා...දැන් කරන්න ඕන ඔක්කොම මූලික ආරක්ෂාවල් බැදලා ඉවරයි...... දැන් මූව වාරු කරන් ගෙදර පේන මායිමට අවා, පස්සේ ඉඩමට අතුල් වී වෙසමුණි දැහැනින් අන ඉර පාරේ අන්දා......දැන් හරි, දැන් බය වෙන්න ඕන නැහැ...පස්සේ ගෙදර අයට ඇහැරවලා විච්ච කතාන්දරය ඔක්කොම කිව්වා, මුන්ගේ මාමා ඇවිත් පහුවෙනිදා අපි තුන්දෙනාටම දෙහි කපලා කරට නූල් 3ක් දැම්මා....... ඒ මාමා කිව්ව විදිහට අර දේවල් කරේ නැත්නම් මෝහීනීගේ පහසට යටත් වෙන්න තිබුනලු......ඔන්න ඕකයි කාතාව......ඔය ගොඩක් දේවල් ඇතෑරලයි ලිව්වේ........මේක මීට වඩා දේවල් ඇතුලේ උනා...ඒවා වැදගත් නැති නිසයි මෙහෙම කෙටියෙන් ලිව්වේ.....

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි, මන්තර කියන්නේ සෙල්ලම් කරන්න පුලුවන් දෙයක් නෙමේ.....මේ ගැන හොයලා බැලුවට කමක් නැහැ ඒත් අත්හදා බලන්න යන්න එපා......බලගතු ආරක්ෂාවල් දන්නේ නැතුව, කාලම් මන්තර දන්නේ නැතුව මේවා අත්හදා බලන්න වත් යන්න එපා ...... !!!!!!

Wednesday, September 4, 2013

සුරංගනී

 
 
හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක් වන සුරංගනී තිස් හතර හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය දැඩි ඇඟපත රුදාවකින්, හිසරදයකින්, බඩ පුරවා දැමීමෙන් හා කෑම අරුචියෙන් අවුරුදු නවයක් තිස්සේ පීඩා වින්දාය. සිංහල ඉංගී‍්‍රසි වෛද්‍ය ප්‍රතිකාර ලැබුව ද කිසිදු සහනයක් නොවීය. ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරු ද අවුරුදු ගණනාවක් තමන් කළ ප්‍රතිකාරවලින් සුවයක් නොලැබුණු බැවින් “ඔබට කායික රෝගයක් නැතැයි” ප්‍රකාශයට පත් කොට “මනෝ වෛද්‍යවරයකු ළඟට යන්නැ”යි උපදෙස් දෙති. සුරංගනී ඊළඟට අවුරුදු හතරක් ම එක දිගට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලැබුවාය. එහෙත් සුවයක් ලැබුණේ ම නැත.

නවීන විද්‍යාවෙන් සහනයක් නොලැබුණු විට පැරණි සම්ප්‍රදායික අභිචාර විධිවලට යොමු වී තොවිල් හතරක් ද ඇගේ වැඩිහිටියන් විසින් සිදු කරවනු ලැබුණි. මේ සියලු ප්‍රතිකාර වත් පිළිවෙත් ක්‍රම සඳහා රුපියල් ලක්ෂ ගණනක් දිය වී ගියත් ඇයට සුවයක් ලැබුණේ නැත.

අවසානයේ “සිළුමිණ” - “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගයේ තොරතුරු අසා අදාළ ස්ථානය කරා ඇගේ වැඩිහිටියෝ ඇය කැඳවා ගෙන ගියහ.

පළමු දිනයේ රෝගියා පරීක්ෂා කැර බැලීමේ දී ඇය සිහිසුන්ව වැටුණාය. මේ වන විට සුරංගනී කායිකවත් මානසිකවත් ඉතා ම පහත් තත්ත්වයකට පත්ව සිටි බැවින් ඇගේ චිත්ත ඒකාග්‍රතාවය ගොඩ නැඟීම සඳහා දින විසි එකක් බෝධි පූජා පවත්වා එන ලෙස ද ඒ බෝධි පූජා පැවැත්විය යුතු ආකාරය පිළිබඳව ද ගවේෂකවරයා උපදෙස් දුන්නේය.

දෙවැනි දිනයේ ද එසේ ම සිදුවිය. තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන ලෙස නියම කළේය.

තුන්වැනි දිනයේ සුරංගනී ප්‍රලය වූවාය. ඇගේ ශරීරය ගැහෙන්නට පටන් ගෙන එක දිගට විනාඩි දහයක් පමණ ඉකි බිඳිමින් හඬන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ ය.

“කව්ද මේ අඬන්නේ?”

“මම සුමිත්”

“සුමිත් කියන්නේ කවුද?”

“මේ සුරංගනීව බඳින්න හිටිය එක්කෙනා, පෙම්වතා”

“ඇයි මේ ළමයට හිරිහැර කරන්නේ?”

“මම හිරිහැර කරන්නේ නැහැ.”

“නැත්තේ මොකද? සුමිත් මේ ළමයගෙ ශරීරයට රිංගා ගෙන ඉන්න කොට මෙයා ලෙඩ වෙනවා. අවුරුදු නවයක් කියන්නේ සුළුපටු කාලයක් ද? කරුණාකර මේ ශරීරයෙන් ඉවත්ව යන්න.”

“බෑ... බෑ... මට නම් යන්න බෑ. මම සුරංගනීට ආදරෙයි”

“සුමිත් මැරුණේ කොයි කාලෙ ද?”

“2004”

“මොනවා වෙලා ද මැරුණේ?”

“සුනාමියට අහුවෙලා”

“එදා කොහොමද මැරුණෙ කියලා මතක ද?”

“ඔව්! මගේ ගම මිරිස්ස. සුරංගනීගෙයි මගෙයි විවාහයට අවශ්‍ය බඩු ගන්න මම මාතරට ගියා. මෝටර් සයිකලයෙන් ගියේ. හිටි හැටියේ විශාල ජල කඳක් ආවා. ඊට පස්සෙ මොනවා වුණා ද දන්නේ නෑ.”

“කොහොම ද සුරංගනී ළඟට ගියේ?”

“මගේ මරණයේ දී හිටි හැටියේ ඇතිවුණ පීඩනය නිසා මගේ මතකය ක්‍රියාත්මක වුණේ නෑ. කාලයකට පස්සෙයි මතකය ක්‍රියාත්මක වුණේ. සුරංගනී මගේ නම කිය කියා තනියම අඬන කොට මාව හම්බන්තොටට, සුරංගනී ළඟට ඇදිලා ගියා.”

“ගිය ගමන් සුරංගනීගෙ ඇඟට රිංගුව ද?”

“නෑ. එහෙම රිංගන්න බැරිවුණා. මම ළඟට ගිහින් සුරංගනීට කතා කළා. එයාට ඇහුණේ නෑ. එයා මගේ පින්තූරය ළඟ තියා ගෙන බල බලා ඇඬුවා. මම එයාගෙ ළඟින් ම හිටියා. මට ඒත් ඇඟට රිංගන්න බැරිවුණා.”

“ඉතින් කොහොම ද රිංගුවේ?”

“දවසක් ගෙදර අය සුරංගනී එක්ක රණ්ඩු කළා. බහින් බස් වුණා. සුරංගනී එදා හොඳටෝ ම ඇඬුවා. මම සුරංගනී ගෙ ඔළුව අත ගෑවා. එතකොට මට දොරක් ඇරෙනවා වගේ දැනුණා. මම ටක් ගාලා එතැනින් ඇතුළට රිංගා ගත්තා. එදා ඉඳලා මම සුරංගනී ගෙ ඇඟේ ඉන්නවා.”

“ඇඟේ ඉඳගෙන මොනව ද කරන්නෙ?”

“සුරංගනීව විවාහ කර දෙන්න ගෙදර අය මනමාලයෝ ගෙදරට ගෙන්වනවා. මම උන්ව පන්නනවා.”

“කොහොම ද පන්නන්නේ?”

“සුරංගනීගේ ඇස් දෙකෙන් නපුරු යක්ෂ බැල්මක් නිකුත් කරනවා. ඒ මනමාලයෝ බය වෙලා යනවා. ආයෙත් එන්නෙ නැහැ. සමහරුන්ට සංග්‍රහ කරන කොට මනමාලයට පිළිගන්වන කෑමට බැල්ම හෙළනවා. උන්ට බඩේ අමාරු හැදිලා ඉක්මනින් යන්න යනවා.

“සුරංගනී විවාහ වෙන්න කැමති ද?”

“නෑ... සුරංගනී කැමති නෑ. ගෙදර අයගෙ කීමටයි මනමාලයෝ එන්නේ. සුරංගනී මගේ ම යි.”

“ඉතින් මේ ගෙදර තොවිල් කළා නේද?”

“ඔව්! ඒවාට සූදානම් වෙන කොට මම හොඳ විමසිල්ලෙන් ඉන්නේ.”

“ඉතින් ඔබ කොහොම ද අහුනොවී හිටියේ?”

“ඔය ඇදුරො තොවිල් කරන්නේ උන්ගේ සිල්වත් කමකින්වත්, ආධ්‍යාත්මීය ශක්තියකින්වත් නොවෙයි. අමනුෂ්‍ය බලයෙන්, ඇදුරන්ගේ ළඟ වැඩ කරන අමනුෂ්‍යයා මාව අල්ලගන්න එන කොට ම මම දුවලා හැංගෙනවා. ඇදුරෝ ඔය ආරක්ෂාවල් යොදන්නේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් නොවෙයි. යන්ත්‍ර මන්ත්‍ර දැම්මාට උන් ඒවා හරියට ජීවම් කරන්නේ නෑ. නියමිත වාර ගණන ජීවම් කරන්නේ නෑ. ඉතින් ළඟ ඉන්න අමනුෂ්‍යයන් එතැන ආරක්ෂාවට නතර කරලා යනවා. ඇදුරා තොවිලය කර ගියාට පස්සේ ටික දවසකින් උනුත් යන්න යනවා. ඒ ආරක්ෂාවට හිටිය එවුන් ගියාට පස්සෙ මම ආයෙත් සුරංගනී ළඟට එනවා.”

“තමුන් සුරංගනීට ආදරේ ද?”

“ඔව් මම එයාට තරම් වෙන කාටවත් ආදරේ නෑ”

“තමුන් ජීවත් වෙන්නේ කොහොම ද?”

“සුරංගනීගෙ ශරීරයෙන්මයි”

“මම කියනවා තමුන් ඇත්තට ම සුරංගනීට ආදරේ නෑ කියලා.”

“ආදරෙයි. ආදරෙයි. ඇත්තට ම ආදරෙයි”

“සුරංගනීට තමුන් ආදරේ නම් සුරංගනීව සතුටෙන් සැපෙන් තියන්න ඕනෑ. තමුන් මේ ළමයගෙ ඇඟේ යම් යම් තැන්වල ඉන්න කොට. යම් යම් තැන්වලින් ලේ උරා බොන කොට, ඔය විදිහට ගියොත් මෙයා පිළිකාවක් හැදිලා මැරෙයි. සුරංගනී මැරිලා ඈතට යන්න යාවි. තමුන් කරපු අපරාධයට ඔය ඉන්න දුගතිගාමී ආත්මයෙන් තවත් පහළට වැටිලා තමුන්ට දුක් විඳින්න වේවි. එතකොට සුරංගනීව දැකගන්නවත් ලැබෙන්නේ නෑ.”

“එහෙම ද?”

“එහෙම තමයි. තමුන් දැන් සුමිත් නොවෙයි, සුමිත් සුනාමියට අහුවෙලා මැරුණා. තමුන් දැන් පේ‍්‍රත ජීවියෙක්, තමුන් ඇත්තට ම මේ ළමයට ආදරේ නම් එයාට සතුටෙන් ජීවත්වෙන්න ඉඩ දෙන්න ඕනෑ. තමුන් ඇගේ ඇඟේ ඉන්න කොට ඇය අසනීප වෙනවා. ඉතින් කොහොම ද සතුටෙන් ඉන්නෙ? තමුන් සුරංගනීට ආදරේ නම් එයාට සතුටෙන් ජීවත්වෙන්න උදව් කරන්න. ඇගේ ආධ්‍යාත්මික ජීවිතය ගොඩනඟා ගන්න උදව් කරන්න. එතකොට එයා සුවපත් වේවි. තමන්ටත් ඒක විශාල කුසලයක් වේවි.”

“හොඳයි මම සුරංගනීගෙ ශරීරයෙන් ඉවත් වෙන්නම්. හැබැයි මට එයාව දකින්න ඕනෑ.”

“තමුන් කැමති බෝධියක් තියෙනවා ද?”

“ඔව්! මාතර බෝධියට මම කැමතියි.”

“ඔබට මාසයකට වතාවක් සුරංගනීව දැකගන්න අවස්ථාව සලසා දෙන්නම්.”

“හොඳයි”

දින විසි එකක් මාතර බෝධින් වහන්සේ වෙත බෝධි පූජා පවත්වන ලෙස සුරංගනීට උපදෙස් දුන්නේය. මාතර බෝධීන් වහන්සේ අසල පැවැත්වෙන සියලු පින්කම්වලට අත හිත දී සිත පහන් කරගන්නා ලෙස පේ‍්‍රත ජීවියාට නියම කළේය. සුරංගනීගේ දින විසි එකේ බෝධි පූජාවලින් පසු මාසයකට වරක් බැගින් එහි පැමිණ බෝධි පූජා තබන ලෙස ද ඇයට කීවේය. මාසයකට වරක් පැමිණ බෝධි පූජා පවත්වන විට ඈතින් හිඳ ඇයට ආශීර්වාද කරන්නට පේ‍්‍රත ජීවියාට නියම කළේය.

මරා දැමුණු නාගයා පරම්පරාවෙන්ම පළිගන්න ඇවිත්

 
 
 
වයඹ ප්‍රදේශයේ රජයේ නිලධාරියෙක් දිනක් වැඩ අවසන්ව නිවෙසට එමින් සිටියා. ඔහුගේ ගේ ආසන්නයේ තවත් නිවෙසක පිරිසත් වත්තකට ඇතුළු වූ විශාල ප්‍රමාණයේ නයෙකුට බියවී මරාදමන්නට උත්සාහ කරමින් සිටිනු ඔහු දුටුවා. නිවෙසට යෑම පසෙක ලා ඔහු ඒ නිවෙසට ඇතුළු වුණා. යකඩ පොල්ලකින් නයා තදකර නයාට පහරදී උෟ මරා දැම්මා. එහෙම කරල ඔහු තමන්ගේ නිවෙසට යන්න ගියා. ඔහුට පාසල් වයසේ 16 හැවිරිදි පිරිමි ළමයෙක් හිටියා. මේ සිද්ධියට මාස දෙකක් විතර යද්දි ඒ ළමයා හදිසියේ එකවරම සිහි නැතිවී බෙල්ල කඩා හැලුණා. පසුව ඒ පියා මේ ළමයාට හදිසි අසනීපයක් කියා සිතා වෛද්‍යවරුන් ගණනාවක් ළඟට කැඳවාගෙන ගියා.

ඒ ළමයා අමුතු භාෂාවකින් කතා කරන්න පටන් ගත්තා. ළමයා රැගෙන යන සෑම වෛද්‍යවරයෙක්ම කීවෙ ඔහුට කිසිම අසනීපයක් නැති බව. වෛද්‍ය වාර්තා එක්ස්කිරණ වාර්තාවලිනුත් ඒ බව සනාථ වුණා. දරුවා වෙනුවෙන් ඒ පියා නොවිඳිනා දුක් වින්දා. දරුවා රැගෙන සෑම විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟටම ගියා. අන්තිමේ ඒ පියා ඒ පළාතට නුදුරු ප්‍රදේශයක ඉන්න ගුරුන්නාන්සේ කෙනෙක් ළඟට ගියා. එහෙදී එයා කීවා කොහෙවත් අරන් යන්න එපා, මේ ළමයා මහාභද්‍රකාලි කෝවිලේ මහේන්ද්‍ර සාමි ළඟට අරන් යන්න කියල. එහෙම කීවාට පසු ඒ පියා ළමයා රැගෙන මා ළඟට ආවා. මේ වන විට මේ ළමයට පිස්සු, මානසික රෝගියෙක් කියල විරුද්ධවාදී බලවේග මේ අයට විරුද්ධව නැඟී සිටියා. එක පැත්තකින් ළමයාගෙ ප්‍රශ්නය, අනිත් පැත්තෙන් විරුද්ධවාදී බලවේගවල ප්‍රහාර. පියාගේ ආත්මධෛර්යය හීන වූයේ නැහැ. ඔහු දරුවා රැගෙන ගියේ භද්‍රකාලි කෝවිලේ මහේන්ද්‍ර සාමි ළඟට. එතැන් සිට මහේන්ද්‍රසාමි කළ කී දෑ ගැන සාමි අප සමඟ මෙසේ කීවා.


ඒ ළමයා මාළඟට අරන් ආව වෙලාවෙ මම එයා කාලි මෑණියන් ළඟට ගෙන ගියා විතරයි, එයාගෙ මුහුණුවර නයි වේශයක් වගේ වෙනස්වී පිඹිමින් ඇඟට ආරූඪයක් ඇවිත් හිස කෙළින් කර හඬ අවදි කළා. මම ආවේශ වූ ඒ ළමයගෙන් ප්‍රශ්න කළා. ඇත්ත වශයෙන්ම මම ප්‍රශ්න කළේ ළමයගෙන් නොවේ, එයාට වැහිල ඉන්න අදෘශ්‍යමාන කෙනාගෙන්. එයා දිෂ්ටියෙන් කීවේ පියා නයා මරාදැමීම නිසා තනි වූ හැපින්න වෙනුවෙන් ළමයට වැහී පරම්පරාවෙන්ම පළිගන්න ආ බව. මම ඒ අදෘශ්‍යමාන බලවේගයට කීවේ නුඹ නයා වුණත් නුඹ මැරුවෙ දෙවියන් මිස මොහුගේ තාත්ත නොවන බව. පියා නුඹ මැරීමට යොදාගත්තේ දුන්නක් විතරක් බව කියමින් ඔහුට තර්ජනය කරමින් ඒ ළමයාගෙන් ඉවත්ව යන ලෙස බලකර සිටියා. ඒ වෙලාවේ ඒ දරුවාට ආරූඪ වී සිටින නයා කීවෙ තමන් වෙනුවෙන් කාලි මෑණියන්ගේ අවතාරයක් වන රාජ රාජේශ්වරී අම්මාන් දේවාලයක් හදල පූජාවල් තිබ්බට පස්සෙ ඉවත් වනවා කියල.

ඒ අනුව මහාභද්‍රකාලි මෑණියන්ගේ ආශීර්වාදය, බලය ලබාගෙන ඒ පියාගෙ ඉඩමෙ පුංචි දේවාලයක් හදල පුද පූජා ආරම්භ කළා. මම ඒ අයට ඒ අය පදිංචි ප්‍රදේශයේ හදපු භද්‍රකාලි අම්මාගේ අනුහස් ආශීර්වාදය බැල්ම ඇති ඒ දෙවොලට ආශීර්වාද කරමින් පුදපූජා පැවැත්විය යුතු විධි ගැන කියා දුන්නා. අර දරුවා දැන් මහා භද්‍රකාලි මෑණියන්ගේ දරුවෙක්. ඒ දෙවොල හැදුවායින් පසු නාග දිෂ්ටියෙන් එල්ලවුණ කරදර තුරන් වුණා. මේ ප්‍රශ්නය ආව වෙලාවෙ ඒ අයට හිරිහැර කළ සමහරුන්ට කරදර සිදුවුණා. සමහර අයට සුව කළ නොහැකි තරමේ අසනීප හැදුණා. සමහර අය මේ අයගෙ පිහිට පතා පැමිණියා. කාලි මෑණියන්ගෙ බැල්ම තියෙන තැනට විරුද්ධ වන පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන බව සත්‍යයක්. ඒක සනාථ කරන මෙය තවත් එක සිද්ධියක් පමණයි. මම සෑම විටම කියන්නෙ කාලි මෑණියන් යක්‍ෂණියක් නොවෙයි.

ඇය දේවමාතා ලොව පාලනය කරන යක්‍ෂ සේනාවන්ට අණදෙන මෑණි කෙනෙක්. කාලි දේවි යන්නෙහි තේරුම කාලය (වේලාව). කළු පැහැයෙන් යුක්ත නිසාද කාලි නම භාවිත කරනවා. දේවමාතා ලොවෙහි පාලනය සිදු කෙරෙන ප්‍රධාන ශක්ති දහය දස විද්‍යා නමින් හඳුන්වනවා. එම දස විද්‍යාවට අයත් වන්නේ කාලි දේවි, ගෝඩශී දේවි, හැවනේශ්වරී දේවි, භෛරව දේවි, ජීන්තමස්නාදේවි ධූමවතී දේවි, මාතනන්ගි දේවි, කමලා දේවි, බග්ල මූඛී දේවි. මෙම දස ශක්තිවලින් ප්‍රධාන හා බලවත් ශක්ති බලය කාලි දේවී ශක්තිය. ලොවෙහි උපදින සියලු ශාක සහ සත්ත්වයන්ගේ උත්පත්තිය හා මරණය යන අවස්ථාද එම අවස්ථා අතර සිදුවන සියලුම සිදුවීම්ද පාලනය කරන්නේ කාලි දේවී ශක්තියෙන්.

තරුණියකගේ ජීවිතයේ සුන්දරම බලාපොරොත්තුව මොකක්‌ද කියල ඇසුවොත් දෙවරක්‌ නොසිතාම ලැබෙන පිළිතුර තමයි විවාහය. තරුණියකගේ මනෝරාජ්‍යය තුළ හොඳ පවුල් පසුබිමක්‌, හොඳ මනාලයෙක්‌, ලොකු විවාහ උත්සවයක්‌, පෝරුව චාරිත්‍ර... මේවාට තිබෙන්නේ ලොකු කැමැත්තක්‌. මෙවැනි සුන්දර බලාපොරොත්තු, ජීවිතය සමඟ බැඳුන බලාපොරොත්තු, ජීවිතය ජීවත් කරපු බලාපොරොත්තු... විවාහය යනු ජීවිතයයි, ජීවිතය යනු විවාහයයි, විවාහය මගේ ආත්මයයි කියල තබාගෙන තිබෙන බලාපොරොත්තු බිඳුන විටදී, දෙදරා ගිය විටදී, අහිමිවී ගිය විටදී, තවකෙකු විසින් බිඳදැමූවිටදී අහිංසක යුවතියකගේ සිතේ ඇතිවෙන පීඩනය කොතෙක්‌ද? එම බලාපොරොත්තු අහිංසක යුවතියකගේ සිතේ ඇතිකොට එය විනාශකොට දැමූ විටදී, සුන්දරම සිහිනය මරාදැමූ විටදී, ඇය තුළ කුමන මනෝභාවයන් ඇතිවෙයිද? මෙවැනි මනෝභාවයන් තුළදී ඇය මිය ගියහොත්, දිවිනසාගතහොත්, මරාදැමුවහොත්, ඇයට පරලොවදී කුමක්‌ වෙයිද? ඔබ සිතනවාද ඇය තම ආත්මය කරගත්ත බලාපොරොත්තුව ඇයට අතහැරී සිත නිරුද්ධ වෙයි කියල. ඇය ගොඩනැගූ සිහින මාලිගා, එකතු කළ රන් රිදී ආභරණ, තැන්පත්කරගත් වැටුප් මුදල්, තෝරාගත් මඟුල් සාරි ... මේ සියල්ල උදෙසා ඒවා අරමුණුකොටගත් තෘෂ්ණාව, උපාදානය ඇයට අතහැරී සිත නිරුද්ධ වෙයි කියලා. එය නොවන දෙයක්‌මයි. එහෙමනම් කුමක්‌ද සිද්ධවෙන්න පුළුවන්.

භික්‌ෂුවක්‌ සමාධිය තුළ සිටින විට මෙවැනි දර්ශනයක්‌ දැකගත හැකිවිය. මෙය ප්‍රේත ලෝකයේ ප්‍රේතියකගේ දර්ශනයක්‌. හැසිරීමේ රටාවකි. ඇය කර්ම විපාක ගෙවන දර්ශනයකි. තමන් අල්ලාගත් උපාදානයේ බලවත් බව නිසා ඇය විඳිනා දුකේ ස්‌භාවයකි.

ප්‍රේතිය වයස අවුරුදු විසි පහක පමණ තරුණියකි. ඇය සැරසී සිටියේ මගුල් දවසට මනාලියක්‌ පළඳින සුදු සාරියක්‌ සහිත මඟුල් ඇඳුමකිනි. ඇය ඉතාමත් කළු පැහැති, කිසිඳු ප්‍රසන්නභාවයක්‌ නොපෙනෙන, ගුප්ත මුහුණක්‌ සහිත මනාලියකි. මනාලියක්‌ සේ හැඳපැළඳගෙන ඇවිද්දත් ඇය ඇවිදින මළමිනියක්‌ වගේය. මළමිනියක මුහුණේ ස්‌වභාවය ඇයට තිබිණි. මනුෂ්‍ය ලෝකයේදී තරුණියක්‌ මියගියහම ඇයගේ සිරුර පෙට්‌ටියේ බහා තැන්පත් කරන්නේ ඇයව මනාලියක්‌ සේ හැඩගන්වාය. එහෙත් එම දේහය දින දෙකක්‌ පමණ ගතවන විට කළුපැහැ ගැන්වේ. ඉහත ප්‍රේත මනාලියගේ ස්‌වභාවයද එසේමය. ඇය මනාලියක්‌ සේ සැරසී මල් පොකුරක්‌ද අතැතිව ප්‍රෙAත ලෝකයේ ඇවිදින්නීය. නමුත් ප්‍රේතියගේ කය සියුම් ස්‌වභාවයෙන් යුක්‌ත නිසා ඔබගේ මස්‌ ඇසට නොපෙනෙයි. සාමාධිමත් සිතට ඇයගේ සියුම් කය දර්ශනය වෙයි. භික්‌ෂුවට ඇය දර්ශනය වන මොහොතේ ඇය සිටියේ මනුෂ්‍ය ලෝකයේ මඟුල් ගෙදරක ස්‌වභාවයේ ස්‌ථානයකය. සමහරවිට එය හෝටලයක උත්සව ශාලාවක්‌ වීමටද පුළුවන. එහෙත් එය ඉහළ ස්‌වභාවයේ මඟුල් උත්සවයකි. භික්‌ෂුවට හැඟී ගියේ ප්‍රේතිය තමාව කවුරුන් හෝ විවාහ කරගනී යෑයි විශ්වාසයෙන්, විවාහයට දැඩි කැමැත්තෙන් ඇවිදින බවයි. ප්‍රේත මනාලියට විවාහවීමට දැඩි වුවමනාවක්‌ තිබෙන බව පෙනිණිs. ඇය මඟුල් ශාලාවේ වාඩිවී සිටින අමුත්තන් අතර ඉඳගනිමින් ශාලාවේ ඇවිදිමින් සිටිනවා භික්‌ෂුවට දර්ශනය විය. ඇය හරිම අවාසනාවන්තියකි. මනුෂ්‍ය ලෝකයේදී තබාගත් විවාහය පිළිබඳ බලාපොරොත්තුව ප්‍රේත ලෝකයේදීද ඇයට අතහැරී නොමැත. භික්‌ෂුවට හඳුනාගැනීමට ලැබුණ මේ ප්‍රේත මනාලිය අර විවාහ උත්සවයට ඇවිත් සිටි පිරිමින් හා විවාහය බලාපොරොත්තු වන බවයි. මෙය ප්‍රේතියගේ උපාදානය පිළිබඳ අහිංසකත්වය කියාපාන දුක්‌මුසු අවස්‌ථාවකි. ප්‍රේත ලෝකයේ සිටියද උපාදානයේ බලවත් බව නිසා හෝ ඇයගේ කර්ම විපාකය නිසා ඇය විවාහයට බලාපොරොත්තු වන්නෙ මනුෂ්‍ය පුතෙක්‌ වීමටද පුළුවන. මෙම කර්ම විපාකය ඇයට ලැබුණේ සමහරවිට අනුන්ගේ විවාහයක්‌ කේලමක්‌ කියා, බොරු කියා, වංචාකොට කඩාකප්පල් කිරීම නිසාද විය හැකිය. එසේත් නොමැතිනම් තමාගේ විවාහ සිහිනය තවකෙක්‌ මරාදැමූ නිසාද විය හැකිය. කොටින්ම ඇයට මෙ විරූපී ස්‌වභාවය ලැබුණේ මැරෙන මොහොතේදී මෙන්ම ජීවත්ව සිsටියදී වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැඩීම නිසා බව නම් සක්‌සුදක්‌ සේ පැහැදිලිය. තමා මියයන මොහොතේ තමාගේ විවාහය විනාශ කළ අය කෙරෙහි වෛරය ක්‍රෝධය ඇති කරගත් නිසා ඔහු කෙරෙහි වෛරයෙන් සියදිවි නසාගත් නිසා මියගිය පසු විරූපී ප්‍රේතියක්‌ වූවාද විය හැකියි.

කෙසේ හෝ ඇය මනාලියක්‌ වීමේ සිහිනය දරාගෙන මඟුල් සාරියකින් හැට්‌ටයකින් සැරසීගෙන සුදෝ සුදු මල් කලඹක්‌ අතින් ගෙන ඇය තවමත් ප්‍රේත ලෝකයේ සරන්නීය. ප්‍රේත ලෝකයේ සරණ මේ ප්‍රේත මනාලිය සහකරුවෙක්‌ සොයන්නීsය. ඇය කළු පැහැතිය, උස අඩි 5' 5" පමණි, ආගම මිථ්‍යාදෘෂ්ඨිකය, ජාතිය ප්‍රේත ජාතියයි, කුළය සතර අපායයි. ඔබ කැමතිනම් ඇයට සහකරු වීමට ඇය කළා සේම අකුසල කර්ම සිදුකොට ප්‍රේත ලෝකයේදී ඇයව හමුවන්න. ඔබ ඇයට මඟුල් සාරි, මල්කලඹ සෙවිය යුතු නැත. මන්ද ඇය ඒවා හැඳපැළඳගෙනම ක්‍ෂණික විවාහයක්‌ බලාපොරොත්තුවෙන් ප්‍රේත ලෝකයේ සරන්නීය. මනුෂ්‍ය ලෝකයේ සිදු වූවාසේ නොව, විශ්වාසය අගේ කොට සලකමි. අවිද්‍යාවෙන් අන්ධ, කාමයෙන් බරිත මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයකු ඉහත යෝජනාවටද කැමති වුවහොත් භික්‌ෂුව පුදුම වන්නේ නැත. පුදුම වන්නේ මෙයට කිසිවකු කැමති නොවුණහොත්ය.

දැන් ඔබට පැහැදිලිද මනමාලියෝ ඉන්නෙ මනුෂ්‍ය ලෝකයේ විතරක්‌ නොවේය කියලා? සුදු මඟුල් සාරියක්‌ හැට්‌ටයක්‌ ඇඳගෙන සුදු මල් කලඹක්‌ අතැතිව ප්‍රේත ලෝකයේ සරණ මේ මනාලිය මනුෂ්‍ය අපට කියන්නේ හොඳ පාඩමක්‌, දුර්ලභ පාඩමක්‌, ඇඟ කිළිපොලා යන පාඩමක්‌. මනුෂ්‍ය දියණියක්‌ මගුල් ඇඳුම අඳින්නේ ජීවිතයේදී එකම දවසයි. ඒත් ප්‍රේත ලෝකයේදී ඇය කල්ප ගණනක්‌ මඟුල් ඇඳුම ඇඟලාගෙනම ඇයගේ ක_ම විපාකය නිසා සහකරුවෙක්‌ නොමැතිව දුක්‌ විඳිනවා. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය දුවෙක්‌, පුතෙක්‌ විවාහයක්‌ හරි නොගියොත් විවාහය ප්‍රමාද වුණොත් අවුරුදු හැටක්‌ ජීවත්වෙලා මැරිල යයි. ඒත් මේ ප්‍රේත මනාලියට තව කල්ප ගණනක්‌ මඟුල් ඇඳුම දරාගෙනම මනමාලයෙක්‌ සොයා යන්න සිද්ධ වේවි. එයාගේ කර්ම විපාකය නිසා එයාට කවදාකවත් මනමාලයෙක්‌ ලැබෙන්නෙ නැහැ. මේ හේතුවෙන් ඇය තුළ තව තව වැඩෙන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, රාගය, කාමය ආදී දේය. මේවා දරුණු අකුසල් ධර්මයන්මයි. මෙන්න මේ අකුසල් නිසා ඇය තව තව විරූපීභාවයට පත්වෙමින් ගැටෙමින් අවසානයේ නිරයේ ගිනිදලු මතටම වැටෙනවා. බලන්නකො අනුන් කළ දෙයක්‌ නිසා වෛර කරලා , ක්‍රෝධ කරලා, ඊර්ෂ්‍යා කරල අනුන් නිසා ප්‍රේත ලෝකයේ දුක්‌ විඳිනා දියණිය. අනුන් බලාපොරොත්තු නැති කළා කියල අනුන් ඔබේ සිහින බිඳදැම්ම කියල ඔබ ඒ අයට වෛර කරන්න, ක්‍රෝධ කරන්න යන්න එපා. මොකද බලාපොරොත්තු ඔබට අයිති නැති නිසා. ඔබට අයිති නැති බලාපොරොත්තුවක්‌, ඔබේ වසඟයේ නොපවතින බලාපොරොත්තුවක්‌ ඔබේ කරගෙන ඔබ ඇයි දුක්‌ විඳින්නේ. බලාපොරොත්තු තමයි අපව ජීවත් කරවන්නේ. එක බලාපොරොත්තුවක්‌ බිඳ වැටෙනකොට තව බලාපොරොත්තුවක්‌ ඇතිවෙනවා. බලාපොරොත්තු තමයි ජීවිතය. අපි බලාපොරොත්තු පස්‌සේ දුවනවා, ඒවා අපේ කරගෙන. අපිට වැටහෙන්නේ නැහැ බලාපොරොත්තුව මිරිඟුවක්‌ කියලා. බලාපොරොත්තුව කියන මිරිඟු=ව පස්‌සේ දුවලා අර ප්‍රේත මනාලියට වෙලා තිබෙන අලකලංචිය ඔබ දැක්‌කා නේද?

සති අන්ත පුවත්පත්වල සෑම භාෂාවකින්ම මංගල යෝජනා කී දාහක්‌ පළවෙනවද, සෑම භාෂාවකින්ම. මිනිස්‌සු වන්දනාවේ ගිහිල්ල, රැකියාවට ගිහිල්ල, දුම්රියේ, බස්‌රථයේ මොන තරම් බැඳීම් ඇතිකරගන්නවද. මේ බැඳීම් වල මොනතරම් වංචාසහගත දේවල් සැඟවිලා තිබෙනවාද. ප්‍රොaඩාවන්, මුළා කිsරීම්, නොමඟ යෑවීම් තිබෙනවාද. තමාගේ කැමැත්ත උදෙසා, තමාගේ සැප උදෙසා, තමාගේ පැවැත්ම උදෙසා මිනිසා මේ නොමඟ යෑවීම් කරන්නේ හරිම කැමැත්තෙන්.

මේ මගේම සහෝදරියක්‌, මේ මගේම සහෝදරයෙක්‌ කියන හැඟීSම සමාජයට නැහැ. මේ හේතුව නිසාම සමාජය වෛරයෙන්, ක්‍රෝධයෙන් පිරිලා. කඳුළින් තෙමී ගිය විවාහ සහතිකය ගිනි අවුළුවාගෙන එම ගින්නෙන්ම තමුන් දැවී යන්නේ, මේ ක්‍රෝධය නිසාමයි. මඟුල් සාරිය බාල්කය මතට දමා, මඟුල් සාරියම ගෙලට තොණ්‌ඩුවක්‌ වී මියයන්නේ මේ වෛරය, ක්‍රෝධය නිසාමයි. ඔබ බුද්ධිමත් වන්න. ඔබේ සතුට උදෙසා තවකෙක්‌ වෛරයෙන් ක්‍රෝධයෙන් විනාශ නොකරන්න. අහිංසකයන්ගේ අහිංසකභාවය ඔබ ඔබේ අවිචාරවත් බවේ ගොදුරක්‌ කර නොගන්න. අහිංසක ඔබද මෙවැනි අවිචාරමත් අයෙකුගෙන් පීඩාවට පත්වුවද, ඔහු නිසා ඔබ වෛර ක්‍රෝධය ඇතිකර නොගන්න. ඔබ එක දුකක්‌ නිසා දුක්‌ ගොඩක උරුමක්‌කාරයෙක්‌, උරුමක්‌කාරියක්‌ නොවන්න. ඔබ තවම ප්‍රමාද නැහැ. ඔබට තවම වෙලාව තිබෙනවා නිවැරැදි වෙන්න. නිවැරැදි තැනට එන්න. එහෙත් අර ප්‍රේත ලෝකයේ ප්‍රේත මනමාලියට නම් දැන් ප්‍රමාදයි. ඇයට දැන් සරණක්‌ නැහැ. අහිංසකාවිය දුකෙන් දුකටම යනවා. ඇයට නිවැරැදි වෙන්න දැන් කිසිම අවස්‌ථාවක්‌ නැහැ. අනේ මේ අහිංසකාවිය මිය යන මොහොතේ සිතට ආපු වෛරය ක්‍රෝධය අනිත්‍යයයි කියලා දැකගත්තා නම්, මේ සිත මගේ නොවේය කියලා දැකගත්තානම්, එවැනි දැනීමක්‌ නොමැති වූ නිසා මැරෙන මොහොතේ සියලු සත්වයෝ සුවපත්වේවා, නිදුක්‌ වේවා, නිරෝගී වේවා කියලා හිතුවානම්... එසේත් නැතිනම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක්‌ සිහියට නගාගත්තා නම්, බුදු රුව සිහියට නගාගත්තා නම්, එසේත් නැතිනම් කසාවත් චීවරයක්‌ නගාගත් භික්‌ෂුවක්‌ මතකයට නගාගත්තා නම් දෙවියනේ ඔය ප්‍රේත දුකෙන් ඇය ගැලවිලා හිමිවන්නේ සුගතියක්‌මයි. බලන්නකෝ සතියයි සිහියයි ඇයට නොතිබුණ නිසා, ඇය සද්ධර්මය ශ්‍රවණය නොකළ නිසා, බුදු ගුණ නොවැඩූ නිසා, මෛත්‍රිය නොවැඩූ නිසා ඇයව සනසන්නට ආවේ වෛරයයි, ක්‍රෝධයයි, කැමැත්ත පිළිබඳ උපාදානයයි. යහපත අතහැරුණු කල අල්ලාගත්තේ අයහපතමයි.

භික්‍ෂුව මේ සටහන ලියන මොහොතේ වැඩ සිටින්නේ කැලෑබද ආරණ්‍යයක. එම ආරණ්‍යයේ දන් පිරිසට දානය උයන්නට ලොකු ශාලාවක්‌ හදලා තිබෙනවා. අලුත් ශාලාවක්‌. සුදු තීන්ත ගාලා හරි වෙහෙස මහන්සි වෙලා දායකයෝ මෙය හදලා තිබෙන්නේ. සිමෙන්ති කොට්‌ටයක්‌ කැලය මැද්දෙන් කිලෝමීටර දෙකක්‌ පමණ ඔසවාගෙන ඇවිත් මේ අලුතින් හදපු ශාලාවේ සුදු බිත්ති සියල්ලේම දුරකථන අංක ලියලා. එම අංක යටින් පිරිමි ගැහැණු අයගේ නම ලියලා. මේ නම ධන තව නමක්‌ ලියලා, ගෙදර ලිපිනයත් ලියලා, වාහනයේ අංකයත් ලියලා, පිස්‌සන්කොටුවේ කාමරයකවත් මෙහෙම ලියලා නැතිව ඇති. මොනවද අපි මේ දාන උයන ශාලාවේ බිත්ති පුරා දකින්නේ. මනුෂ්‍යයාගේ කාමයේ ආශ්වාදය විඳින ස්‌වභාවය, මෙය විකෘතියක්‌. නිශ්චල නොවූ, තැන්පත් නොවූ, විසිරුණු සිතක කැඩපතක්‌. පිංවත් දරුවනේ ඔබලා තරුණ කාලයේදීම මේ මඟ එළිපෙහෙලි කරගන්නේ යහපතට නම් නොවේ, අයහපතටමයි. අඟුරු කැබලි වලින් සුදු බිත්තියේ ඔබ මේ තබන සටහන්, මේ ප්‍රවේශය අනාගතයේදී ඔබව බලාපොරොත්තු කඩවීම නිසා වෛරයෙන් ක්‍රෝධයෙන් පිරී ගිය සිතකින් ප්‍රේත ලෝකයට වැටුන ප්‍රේත මනාලියට අත්වූ දුක්‌ත ඉරණමටම පත්කරවනු ඇත. එහෙයින් ඔබ ප්‍රවේශම්වෙන්න. කාමය අනතුරු සහිතයි. කාම බලාපොරොත්තු බිඳ වැටෙන මොහොතේ ඒ හිස්‌තැන පුරවන්නේ වෛරය සහ ක්‍රෝධය විසින්මය. ඒවා කාමයේ ආදීනවයන්ය. කාමය උදෙසා ඔබේ බලාපොරොත්තු ඔබ අල්ලාගතත්ද, බිඳවැටුණද එහි ප්‍රතිඵලය ක්‍රෝධයයි. වෛරයයි. එහෙයින් ඔබ කළ යුත්තේ අවබෝධයෙන් අතහැරීමයි. ක්‍රමයෙන් ඒ අතහැරීම පුහුණුවීමයි. ජීවිතයට හුරුකරවීමයි. සතර අපායට නොවැටෙනවාය කියන විශ්වාසය ජීවිතයට පුරුදු කිරීමයි. වෛරයේ ක්‍රෝධයේ සිතුවිල්ල වෙනුවට මෛත්‍රී සිතිවිලි නිතර මෙනෙහි කිරීමයි. තම ප්‍රතිවාදියාගේ රුව වෙනුවට, තමා දුකට පත් කළ පුද්ගලයාගේ රුව වෙනුවට, ඔබ ලොව්තුරා බුදු සමිඳුන්ගේ රුව ගුණ සිහිකිරීමයි. ධර්ම රත්නයේ, සංඝරත්නයේ අනන්ත වූ ගුණ සිහිකිරීමයි. මෙනෙහි කිරීමයි. සතර අපායේ දුක වෙනුවට, සුගතියකට උපතක්‌ ලබාගැනීමට ඔබට ඔබ අනුකම්පා සහගත වීමයි. ඔබ මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා කරන්නද?