කොලබ ඇති කටුක එකාකාරී බවින් මිදිමට අනුරාධ පුරයේ පුන්චිලා ගෙදර යෑමට තිරණය කලෙමි, බොහො කලකින් යෑමට බැරි උන බව කියමින් මෙවර මා සමග අම්මා සහ නන්ගි ද එකතු විය, කොලබින් පිටත් වු අපි අනුරාධ පුරයට ලන් වන විට රෑ බො වී තිබුනි
ගමන් විඩාවත් නිසා මා ඉක්මනින් නින්දට වැටුනාය, පසුදින උදයේ නැකිට්ට විට දැන ගන්න ලැබුනේ එතරම් හොද ආරන්චියක් නොවේ, එනම් උඩහ ගෙදර සීයා අන්තරා වි ඇති බවයි
පුන්චිලා ගෙදර ඇවිත් ගත කරන්න යොදා ගත් නිවාඩුව ඉන් පසු ගත කිරීමට උනේ සියාගේ මල ගෙදරයි, නමුත් තෙවෙනි දවසේ මා හට ගගෙන් උඩහා මාම ලාගේ ගෙදර යෑමට සිත් විය, මා සමග ඉතාමත් කුලුපග මාමා ෆන් එකට බර පොරකි
මාම ලා ගේ ගෙදර ගොස් නැවත මල ගෙදර බලා පිට වෙද්දි වෙලාව මැදියම් රෑ 12 පමන විය, මාමා නවතින්න යැයි බල කරද්දි අම්මා සහ නන්ගි බලා සිටිනවා කියා මල ගෙදර බලා යන්නට මා පිටත් විය
රෑ 12ට මාම ලාගේ ගෙදර සිට නැවත පිටත් වන විට මාගේ මතකට ආවේ බැද්ද තුලින් වැටි ඇති කෙටි පාරකි, ප්‍රධාන පාරෙන් බට මා බැද්ද තුලට පිවිසියෙමි.
තනියට එලියට සන්තකයටම තිබුනේ මා සතුව ඇති ජන්ගම දුරකතනය පමනි, ජන්ගම දුරකතනේ එලියේ ආදාරයෙන් මම ගස් වැල් පීරා ඉදිරියට ඇදුනෙමි
රැහැයියන්ගේ හඩත් , නරියන් හු කියන හඩත් වටින් පිටින් ඇහෙන්නට විය, අවට පරිසරයෙ මහා මුසල බවක් පිරි තිබිනි
ටික දුරක් යද්දි මට අසුනේ ජල පහරක සද්ද යයි, සතෙක් වතුර බොනවා යයි මා අනුමාන කලෙමි, නමුත් තව ඉදිරියට යද්දි මා හට පැහැදිලිව ඇහුනේ කිසිවෙකු වතුර ඇද නාන සබ්ද යයි, බැද්ද මැද ඇති පාලු ලිද මා මතකයට ආවේ එවිටයි
මා දන්නා තරමින් ඔය ලිද කිසිවෙක් බාවිතා කරන්නේ නැත, ඔය ලිද දවල් වෙලාවකත් කිසිවෙක් බාවිතා නොකරන බව පුන්චි අම්මා මට දිනක් කීවාය, එත් මේ වෙලාවේ නාන්නේ කව්ද
මා හට යෑමට නම් පාලු ලිද පසු කල යුතුය, ඉදිරියට ඇදුන ම ලිද ලග දැකපු දෙයින් ඇගම වෙව්ලා බියට පත් විය
ලිදෙන් වතුර ඇද නාන්නේ ගැහැනියකි, කොන්ඩේ පල්ලෙහට බේරි, මුහුන පාත් කරගෙන චිත්තයක් ඇදගෙන වතුර අදමින් ඇය ඔහේ නායි
මෙය කිසි විටකත් විය නොහැක්කකි, වෙලාව රෑ 1 පමන විය, මා හට නැවත හැරි යන්නටත් බැරිය, යාමට නම් ලිද පාස් කල යුතුය, හිතට ශක්තියත් හෙන ඉතිපිසො ගාතාව මුමුනමින් ලිදට ලන්විය
ගැහැනිය මා ලන් වු පසුවද කිසිම හැල හොල්මනක් නැතුව නායි, ඇය පොඩ්ඩක් වත් හෙල්ලෙන්නේ වත් මා දෙස අවදානය යොමු කරන්නෙත් නැත, මා ඇය දෙස බලා අක්කෙ අක්කේ යයි කිව්වෙමි
ඇය නෑසුනා මෙන් දිගටම පිලිමයක් මෙන් මුහුන බිමට හරවා සිටියාය, අක්කේ ඇයි මේ වෙලාවේ නාන්නේ යයි අසුවෙමි, නමුත් ඇය පිලිමයක් සේම මුහුන බිමට හරවා සිටියාය
අනිත් පැත්ත හරුන මම පුන්චිලා ගේ නිවස බලාම දුවන්නට විය, පුන්චිලා ගේ ගෙදර මිදුලට බට මා කලාන්තේ හැදි අද වැටුනි
පසුවදා උදේ නැකිටන විට මා හට උන සෑදි තිබිනි, සිද්දිය කුමක්දැයි විපරම් කිරිමට මල ගෙදර බොහො දෙනෙක් පුන්චිලා ගේ ගෙදරට පැමින සිටියාය
මොකක්ද පුතේ ඊයේ රෑ උනේ, යයි අම්මා ඇසුවාය, මතක් කිරිමට අකමැති උවත් බොහො දෙනෙක් අසා සිටියදි මා උන දේ විස්තර කලෙමි.
කට්ටියම විසාල කරගත් දෑස් ඇතුව මා දිහා බැලුවාය, ඊට පසු එතන සිටි ආච්චි කෙනෙක් මෙසේ කීවේය
ඔය පුතා මීට අවුරුද්දකට විතර කලින් ඔය ලිදට පැනලා මැරිච්ච් ගෑනු ළමයා ගේ අවතාරේ, නැතුව ඔය ලිද කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ, කීප දෙනෙක්ම ඔය අවතාරේ දැකලා තියෙනවා, හැබැයි කාටවත් කරදරයක් කරලා නම් නැහැ
ඊට පසුව මාගේ රොගය උත්සන්න විය, ඉස්පිරිතල යට පවා ඇතුල්වී සුවය ලැබුවේ සතියකට විතර පසුවය
එදා සිට හොල්මන් කෙරේ මා තුල තිබු බොරු පුහු හෙලවෙන මනස වැනි දෑ ඉවත් වී හොල්මන් පිලිබදව විස්වාස කරන්නට පටන් ගත්තෙමි...
කොල්ලො ටිකක් එකක් වෑන් එකකින් පොඩි ට්‍රිප් 1ක් යන්න සෙට් වෙලා. ඉතින් මේ
කොල්ලො ටික යන ගමන් එක කොල්ලෙක් දන්න කියන තැනක ටිකක් නතර වුනාලු. ඉතින්
පොඩි රෙස්ට් එකක් අරගෙන ඩ්‍රින්ක් එකක් දාන්න සෙට් වෙලා. හැබැයි මෙයාලා නතර
වෙලා තියෙන්නේ පාළු ගෙයක් ලග.එතනම ළග තවත් පාළු ගෙයක් තිබිලා තියෙනවා. ඒ
ගෙදර නම් කවුරුවත් යන්නෙ නැති, අතහැරලා දාපු පාළු ගෙයක්ලු.
ගුප්ත
පෙනුමක් තිබුන මේ ගේ ගැන කොල්ලො ටික පොඩ්ඩක් විපරම් කරන කොට, එතනින් ගිය
ගමේ මනුස්සයෙක් කිව්වලු “ඔය තියෙන පාළු ගෙදරට යන්න හිතන්නවත් එපා. මීට
කාලෙකට කලින් ඔය ගෙදරදි තරුණ ගැහැණු ළමයෙක් දූශණය කරලා මරලා. ඒ ළමයා එල්ලලා
මරලා තියෙන්නේ. දැන් කවුරුවත් ඔය ගෙදරට නොයන නිසා තමයි ඔය ගේ දොර ජනේල
වහලා තියෙන්නේ“
හැබැයි ඔය කියන
පාළු ගෙදර දොර ජනේල වහලා තිබුනට සමහර ජනේල එහෙම කැඩිලා ගිහින් තිබිලා
තියෙන්නේ. මේ වෙන කොට කට්ටිය නියම ගානට පදම් වෙලා. සමහරුන්ට හොදටම වෙරි.
ඉතින් ඔහොම වෙරි වැඩි වෙච්ච එකෙක් පණ්ඩිත කතා කිය කිය ඔය කියපු පාළු ගේ
පැත්තට ගිහින්. කෙලින් යන්න බැරි තරමට වෙරි වෙච්ච මෙයා වැනි වැනී ඒ පාළු ගේ
ළගටම ගිහින්. ගිහින් කැඩුණ ජනේලයක් ලගට ගිහින් මුත්‍රා කරන්න ගත්තලු.
අනිත් කොල්ලො ටික මූ දිහාට ඇගිලි දික් කරගෙන හයියෙන් හූ කියනවලු. එකෙක්
කුපාඩි කමට මූ මුත්‍රා කරන විදිය ෆොටෝ එකක් අරගෙන.
කොහොම හරි මේ
කට්ටිය මෙතනින් පිටත්වෙන්න වෑන් එකට නැග්ගලු. වෑන් එකට නැගලා පිටත් වෙලා
ටික වේලාවකින් අර මුත්‍රා කරන්න ගිය කොල්ලා හොදටම වෙව්ලන්න ගත්තලු.වෙව්ලලා
උණ ගත්තලු. උණ අඩුවෙන පාටක් නොතිබුන නිසා යාළුවො ටික මෙයාව රෝහලකට එක්කගෙන
ගියාලු.කොයි තරම් ප්‍රතිකාර කලත් බේරගන්න බැරි වෙලා. උණ හැදිලා හිටපු මේ
කොල්ලා දවස් තුනකට පස්සේ මැරුණලු.
මළ ගෙදර මරණ පෝස්ටරේට ඒ කොල්ලගේ පින්තූරයක් ඕන නිසා ට්‍රිප් එකේ ගහපු ෆොටෝ ටික බලලා. ෆොටෝ බලපු කට්ටිය තිගැස්සිලා තියෙන්නේ එතනදි.
ඒ කොල්ලා අර කියපු පාළු ගෙදර ජනේලය ළග මුත්‍රා කරන ෆොටෝ එකේ තියෙනවලු, කාගෙදෝ අතකින් ඒ කොල්ලගේ බෙල්ල මිරිකනවා
මේක
මීට බොහෝම කලකට කලින් උන දෙයක්, ඒ කියන්නේ අවුරුද්දකටත් විතර කලින්, මේ
කාතාවට සම්බන්ද මාගේ මිත්‍රයා දැන් ලංකාවේ නැති නිසයි මේ කාතාව
ලියන්නේ.....මාගේ මිතුරාගේ නම ගිහාන්...කිටියෙන්ම කිව්වොත් මගේ බොක්කේම
මිතුරා තමයි මූ...අපි දෙන්න ඉස්සර ඉදන්ම මේ ගුප්ත දේවල් ගැන හොයන්න ගොඩාක්
ආස කලා....ගොඩාක් දේවල් අපි මේ ගැන හෙව්වා, ඒකට මූලිකම පසුබිම සෑදුනේ අපේ
පවුල් මේ වැඩ වලට සම්බන්ද නිසා වෙන්න ඇති...... ගිහාන්ගේ මාමා කෙනෙක්
හිටියා, බොහෝම දක්ෂ අදුරෙක්, බොහෝම දක්ෂයි...ඉතින් මේ ගුප්ත දෙවල් ගැන සමහර
ගුරුකම් ගැන ගිහාන්ට හොද අවබෝධයක් තිබුනා මාමට පිං සිද්ධ වෙන්න... ඉතින්
දවසක් මට ගිහාන කතා කරලා කිව්වා " මචං පොඩි වැඩක් තියෙනවා, උඹේ සපෝට් එක
ඕන, වරෙං මේ පැත්තේ කියලා " .... මාත් ඉතිං ටිකක් දවල් වෙලා ඒ පැත්තේ
ගියා...ඉතින් මේ ගුප්ත දෙවල් ගැන සමහර ගුරුකම් ගැන ගිහාන්ට හොද අවබෝධයක්
තිබුනා මාමට පිං සිද්ධ වෙන්න... ඉතින් දවසක් මට ගිහාන කතා කරලා කිව්වා "
මචං පොඩි වැඩක් තියෙනවා, උඹේ සපෝට් එක ඕන, වරෙං මේ පැත්තේ කියලා " ....
මාත් ඉතිං ටිකක් දවල් වෙලා ඒ පැත්තේ ගියා...මන් යද්දී ගිහාන් ගෙදර නෑ, මං
මූට call එකකුත් දීලයි ගියේ, ඒත් මූ ගෙදර නැහැ.... මාත් එක්ක මුගේ ගෙදර උන්
ගොඩාක් fit . මන් උන්ගේ අම්මට කිව්වා " මොකක්ද වැඩක් තියෙනවා නයිටක් ගහන්න
බලන් වරෙං " කියලා මට කිව්වා කියලා, මොකද දන්නේ නෑ කියලා මම අහුවා.....
මුන්ගේ අම්මා එකපාරටම කලබල වෙලා " එහෙම මුකුත් මට කිව්වේ නැහැනෙ" කියලා
කිව්වා ...... එතකොටයි මට තෙරුනේ මොකක් උනත් මූ කරන්න යන්නේ ගෙදරටත් හොරෙන්
කියලා....දැන් මුන්ගේ අම්මා මගෙන් රටේ නැති ප්‍රශ්න අහනවා, මම මොනවා කියලා
කියන්නද, මොකද මම දන්න දෙයක්ද???? මූ මට කලින් කියලත් නැහැනේ, පස්සේ මම
මූට sms ගැහුවා "කොහෙද තෝ ඉන්නේ කියලා..." මෙන්න මූ කොහෙද මන්දා ඉදන් දාඩිය
පෙරාගෙන ආවා...මූ දන්නවා මාව ගෙදර දැන් තියා ගත්තොත් අම්මා ඔක්කොම දැනගන්න
විත්තිය, මූ මාව ගෙදරටත් නෝන්ඩි වෙන්නේ නැතුව ගෙදරින් එලියට එක්ක
ගියා..... ඔන්න දැන් අපි පාරේ පයින් අවිදන් යනවා, යන ගමන් මන් මුගෙන් අහුවා
" මොක්කද බං seen එක, ඉස්සෙල්ලා එක කියල ඉදපන් ", කියලා ...... මොකද මං
අපේ ගෙදරට කියලා අවේ අද ගෙදර එන්නේ නැහැ, ගිහන්ලාගේ ගෙදර පොඩි වැඩක්
තියෙන්වා කියලා, අද එහෙ ඉන්නේ කියලා, මම දන්නවා අනිවාරෙන්ම අපේ ගෙදරින්
හවසට මුගේ ගෙදරට call කරනවා කියලා... මූ මට පස්සේ හීමීට විස්තරේ කියන්න
ගත්තා..... මෙන්න මේකයි සිද්දිය.... මූ එක කෙල්ලෙක්ට කැමැතෙන් හිටියා, ඒක
ගමේ කෙල්ලෙක්, ඒත් එකී මූට පොඩ්ඩක් වත් කැමත්තෙන් හිටියේ නැහැ, කෙටියෙන්ම
කියනවානම් එකී මූව ගානකට වත් ගන්නේ නෑ...... මූ අවුරුදු 6 වඩා මේකිගේ
පස්සෙන් ගියා මම දන්න විදිහට, ( මම වැඩිය මේකි ගැන දන්නේ නැහැ, මොක්ද මේකී
උගේ ගමේම කෙල්ලෙක් නිසා ) දැන් මේකී වෙන එකෙක් එක්ක සම්බන්දයක් තියෙනවා
කියලා මූට ආරංචි වෙලා.....දැන් තමයි තේරෙන්නේ මුගේ මෝඩ කම, කෙල්ලෙක් කවද්ද
අවුරුදු 16 පැන්නට පස්සේ තනිකඩව හිටියේ
, මූට පිස්සූද කියාලා හිතෙන්වා වෙලාවකට, ආදරේ බොක්කටම ගැහුවහම ඔහොම
තමයි......දැන් මූ හදන්නේ මේකිට වශීයක කරන්නලු, වශීයක් කරලයි මූ දැන් මේකිව
ලගට ගන්න යන්නේ...... මං කිව්වා මේක හරියන වැඩක් නෙමේ.... (මොකද වශී
ගුරුකම් හිතන තරම් නැහැ කියලා මම හොදට දන්න නිසා.) පස්සේ මූට කොච්චර තේරුම්
කරන්න හැදුවත් මූට වැඩක් නැහැ, යාලුවා නිසා මුකුත් කියන්නත් බැහැ, අන්තිමට
කොහොම හරි අකමැත්තෙන් හරි වඩේට කැමති උනා......දැන් මේ වැඩේට 3 දෙනෙක්
හවුල්.... මමයි, ගිහානුයි, ගිහාන්ගේ යලුවෙකුයි...මේ ගිහාන්ගේ යාලුවා උගේ
ගෙවල් පැත්තේ එකෙක්.... ඌත් හැබැයි ගෙන fit dial එකක්..උන්ගේ ගෙදර තමයි
වැඩෙට අවශ්‍ය දේවල් ලෑස්ති කරන්නේ,
ඔන්න දැන් අපි හවස් වෙද්දී
කොහොමහරි වැඩෙට අවශ්‍ය කලමනාකරන ටිකත් ලෑස්ති කරන් හවස ඔක්කොම මල්ලකට දාගෙන
යන්න පිටත් උනා.... මේ ගුරුකම මතුරන්න ඕන තොටුපලක් ලග, ඉතින් අපි තොටුපල
ලගට ගිහින් තටුව හදන්න ගත්තා. ඔන්න දැන් වඩේට ඔක්කොම ලෑස්තියි, දැන් ඔන්න
විලක්කු පහන් පත්තු කරලා වඩේ පටන් ගත්තා.... මෙහෙම හිතන්නකෝ, වෙලක් එක්කම
ගලාගෙන යන ඇලපාරක් ලග, කිසිම එලියක් නැහැ විලක්කුවේ එළියයි පහනේ එලියයි
විතරයි තියෙන්නේ, ඒ එක්කම කිසිම සද්දයක් අහෙන්නේ නැහැ
වටපිටාවෙන්......ඇහෙන්නේ මන්තර මතුරන සද්දේ විතරයි.... ඔයවගේ පරිසරයක
තනිවෙද්දි හිතට කොහොමත් බය එනවා..... මමත් පැත්තකට වෙලා වඩිවෙලා ඉන්නවා,
ගිහාන් හරියට පල පුරුදු ඇදුරෙක් වගේ එක දිගටම මතුරනවා..... අනික් කෙනා
ගිනිගිදක් ගහලා එකෙන් පොල්කටු පිච්චෙන්න දාලා බලන් ඉන්නවා......මේ වගේ
ක්‍රියාවලියක් තමයි එදා උනේ...... මට මතක හැටියට මූලික මන්තර වලින් පස්සේ
දුම්මල දුම් එක්ක නවනීලය මතුරන්න ගත්තා...මොනවා උනත් පල පුරුදු අදුරෙක් වගේ
දිගටම දුම්මල දිදී තටුවට මතුරන්න ගත්තා... ඔන්න නවනීලෙත් මතුරලා
එවරයි....එතකොට රෑ 11 පහුවෙලා මම හිතන්නේ.....මම පැත්තකට වෙලා වඩි වෙලා
හිටියට හරි අවදානයෙන් හිටියේ...දැන් මුලු පරිසරයම නිහඩයි...ඇහෙන්නේ මතුරන
සද්දේ විතරයි...... මොහීනී දිෂ්ටි මන්තර වල හඩ ඒ නිහඩ බවට අභියෝග කරන්වද ?
මේ වගේ විකාර දෙවල් මට දැනෙන්න ගත්තා...
"..... ඕං නයි මානික්ක
සෙල්ලුම් ඉඩ මානික්ක සෙල්ලුම්, කච්ච තම්බිටාණේ එන්නාරු මෙත්තම්බ කය්යේරුම්
අප්පා උඩයාරුම් උඩුවා තම්බිරාණේ කට්ටි කට්ටි වාර කමසු තම්බිරාණේ කච්චියේන්
උරච්චියේන් උත්තම්බිරාණේ කල උරුලෙන් ඉරු වාරක්කට්ටු අඩුක්ක සූරතන් ඉල්ලේ වා
වා ඕඩ්වා........"
ගිහාන් එක දිගට දුම්බල දිදී මෝහීනී දිෂ්ටියට
අඩගහනවා ( ඔය මන්තරේ මුල් දැහැන විතරයි ) පැය 2 වැඩියෙන් එක දිගට අඩ ගහද්දී
පරිසරයේ පොඩි වෙනසක් මට click උනා....එක මොකක්ද කියන්න තේරුනේ නැහැ, ඒත්
මොකක් හරි වෙන්න යන බව දැනුනා.... මන් හීමීට තටුවට ලං උනා......ගිහාන් එක
දිගට මතුරනවා, අනෙක් එකා ගිනි ගොඩ ලගට වෙලා ඉන්නවා.......එක පාරටම අමුතූ
සුළගක් එන්න ගත්තා..ඒ සුළගේ අවේ අමුතූ සුවදක්...මං දැනගත්තා දැන්නම්
දිෂ්ටිය ලගටම ඇවිත් කියලා...ඒත් මේක ගිහාන්ට දැනුනේ නැද්ද මන්දා, මිනිහා
තාමත් එක දිගටම මතුරවා.....මෙහෙම වෙන්න විදිහක් නැහැ, මට දැනුනා කියන්නේ ඒක
මතුරන කෙනාට ඊටත් කලින්ම දැනෙන්න ඕන් කියන එකයි.....හොදම දේ එක නෙමේ, මම
ඉටපස්සේ දැකපු දේයි.....කවුද කාන්තා රූපයක් නියර ඇළ දිගේ එනවා වගේ....මේ මහ
රෑ කොහෙන්ද ගෑණු....දැක්කේ යාන්තමට චායාව විතරයි.....මන් අපේ අනික්
මිත්‍රායාගේ මූන දිහා බැලුවා, මිනිහගේ වෙනසක් පේන්න නැහැ, ආපහු බලද්දී අර
චායාව පේන්න නැහැ...........මට හිතා ගන්න බැහැ මොකද්ද වෙන්න යන්නේ
කියලා....දැන්නම් හිත බය වෙලා එවරයි...ඒත් කරන්න දෙයක් නැති නිසා හිත තද
කරන් හිටියා......එක පාරටම හුලං වල වෙනසක් උනා.....හුලං හමන වේගය වැඩි
උනා......ඒත් ගිහාන් එක දිගටම මතුරනවා.... දැන් කරන්න ඕන අඩහන්න නෙමේයි,
දොල දීලා ඉනාවට මතුරන එකයි...ඒත් මේකා තාම අඩගහනවා....එක පාරටම හුලං පාරක්
ඇවිත් තටුවේ තිබිච්ච පහන නිවුනා....හුලං පාර කොච්චර සැරද කියනවානම් අපිවත්
විසි වෙන තරමටයි හුලග අවේ...මුලු තටුවම හෙල්ලුනා ඒ හුලං පාරට......තටුවේ
විලක්කුව නිවෙන්නේ නැතුව බේරුනේ 99න්....මම එක පාරටම බැලුවේ අනික්
මිත්රායා දිහා, මිනිහත් බය වෙලා වගේ, මම අහුවා අවුලක් නැහැ නේද කියලා,
මිනිහා නැහැ කිව්වා, මං දැන්ගත්තා මූ නම් යකෙක්ට වත් බය නැති එකෙක්
කියලා.......
මම ගිහාන් දිහා බැලුවා...ඌ කිසිම සද්ධයක්
නැහැ...එහෙමම වාඩි වෙලා ඉන්නවා...... මම තව විලක්කුවක් පත්තු කර
ගත්තා....අරන් වට පිට බැලුවා කිසිම අවුලක් නැහැ....මං ගිහාන්ට කිව්වා " මචං
මේ වැඩේ හරියන්නේ නැහැ, අපි මෙක නවත්තලා යමු බං යන්න......"
,කියලා........මං පස්සේ අනෙක් යාලුවාට කිව්වා ඔය ඔක්කොම පෝර බෑග් එකට දලා
විසිකරලා දාමු කියලා....මේ වගේ කතාබහ වෙන වෙලාවෙත් ගිහාන් එහෙම වාඩිඋන
විදිහටම වාඩිවෙලා හිටියා...මන් පන්දම මුගේ මුනට ලං කලා.......දන්නවද මම
දැක්ක දේ.....මුගේ මූනම ඉදිමිලා වගේ, ඇස් එහෙම ලොකු වෙලා, මූ බලා ගත්තු අත
බලන් ඉන්නවා......
මගේ මුලු ඇගම හිරි වැටිලා ගියා, අනේ දෙවියනේ මම
දැන් මොකද කරන්නේ, මං එහෙමම බිම වාඩි වුනා නෙමියි නිකන්ම වාඩි
උනා.......කිව්වට විස්වාස කරන එක්ක නැහැ ඒ වෙලාවේ මට පුදුම අසරණ කමක්
දැනුනේ.......ඒත් මම හිතින් වැටුනේ නැහැ, මම අදහන ධර්මයේ විශ්වාසය මට නිතරම
තියෙනවා...... මම හීමීට පන්දම යාලුවගේ අතට දුන්නා, දෙන ගමන් අතින් සලකුනු
කලා කතා කරන්න එපා කියලා..... මං එහෙම්ම තත්පර ගානක් ඇස් වහ ගත්තා....ඒ මගේ
හිත ඒක තැනකට ගන්න......මට හොදට ඒ වෙලාවේ සිහිය තියෙනවා කියලා දැඩි
අදිෂ්ටානයක් ඇති කට ගත්තා...මං දකුනු අතට හීමිට කාලමක් මතුරන්න ගත්තා එක
දිගටම මතුරන කොට මෙන්න ගිහාන් එක පාරටම නැගිට්ටා..මටත් ඒ එක්කම නැගිටුනා
මතුරලා, එක පාරටම මන් මුගේ ඔලුවව අත තියලා මතුරන්න ගත්තා....දැන් මූ
නැගිටන්ම ඉන්නවා.....මොනවා උනත් අපි දෙන්නම එකතු වෙලා මූවා බදා ගත්තා...මන්
කොහොමහරි දනිස්සට හයියෙන් ගහුවහම මූ බිම වැටුනා, දැන් අරූ ගිහාන්ව තදින්
අල්ලන් ඉන්නවා..... දැන් ඉතින් කරන්න දෙයක් නැහැ දැන් සැර කාලමක් කියන්න
වෙනවා... මං ගිහාන්ගේ මූන අත්දෙකෙන් අල්ලන් මතුරන්න ගත්තා ...
".............ඕං හර හරම් කන්දාස්වාචී ජෙස් ගුරු නාරායයේ නමඃ ඕං අවකොරේ කුන්තු බාගේස් තුසයි වීර වල්ලි ගිනි........."
මේ පත්තිනි කුලම්බුව, (කොටසක් විතරයි ) මේ මන්තරයෙන් දිගට හරහට මතුරන්න
ගත්තා විනාඩි පහකටත් වැඩි වෙලාවක් මට හිතෙන හැටියට, මතුරලා මූනට පිම්බා,
ගිහාන්ට එක පාරටම සිහිය නැති උනා.....දැන් දිෂ්ටිය මූව ඇතෑරලා තියෙන්නේ,
ඒත් මේ අවට කැරකැවෙනවා වෙන්න පුලුවන්, මං පන්දමත් අතට අරන්, දුම්මල මතුරලා
වටේටම ගහුවා.....ගිනි පේසුමාලාවෙන් මැතුරුවේ දුම්මල, දැන් මේ පැත්ත පලාතේ
මොකෙක්වත් නැහැ කියල sure...... දැන් හීමිට ගිහාන්ගේ මුනට වතුරා ගහලා සිහිය
ගත්තා.....මූ බොහොම අමාරුවෙන් ඔලුව උස්සලා නැගිට්ටා....ඊට පස්සේ මූව
අමාරුවෙන් වාඩිකරවා ගත්තා, අවිදින්න පුලුවන්ද කියලා අහුවම අගට ටිකක් පන
මදියි වගේ කියලා කිව්වා.....මේ වෙනකොට මගේ හිතට මාර fit ඇවිත්
තිබුනේ....දැන් අපේ එක මුවා වාරු කරන් ගෙදර අරන් යන එක....ඉට කලින් මං මුගේ
බැනියම අරන් මතුරලා ගැටයක් ගැහුවා...දැන් කරන්න ඕන ඔක්කොම මූලික ආරක්ෂාවල්
බැදලා ඉවරයි...... දැන් මූව වාරු කරන් ගෙදර පේන මායිමට අවා, පස්සේ ඉඩමට
අතුල් වී වෙසමුණි දැහැනින් අන ඉර පාරේ අන්දා......දැන් හරි, දැන් බය වෙන්න
ඕන නැහැ...පස්සේ ගෙදර අයට ඇහැරවලා විච්ච කතාන්දරය ඔක්කොම කිව්වා, මුන්ගේ
මාමා ඇවිත් පහුවෙනිදා අපි තුන්දෙනාටම දෙහි කපලා කරට නූල් 3ක් දැම්මා.......
ඒ මාමා කිව්ව විදිහට අර දේවල් කරේ නැත්නම් මෝහීනීගේ පහසට යටත් වෙන්න
තිබුනලු......ඔන්න ඕකයි කාතාව......ඔය ගොඩක් දේවල් ඇතෑරලයි
ලිව්වේ........මේක මීට වඩා දේවල් ඇතුලේ උනා...ඒවා වැදගත් නැති නිසයි මෙහෙම
කෙටියෙන් ලිව්වේ.....
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි, මන්තර
කියන්නේ සෙල්ලම් කරන්න පුලුවන් දෙයක් නෙමේ.....මේ ගැන හොයලා බැලුවට කමක්
නැහැ ඒත් අත්හදා බලන්න යන්න එපා......බලගතු ආරක්ෂාවල් දන්නේ නැතුව, කාලම්
මන්තර දන්නේ නැතුව මේවා අත්හදා බලන්න වත් යන්න එපා ...... !!!!!!
හම්බන්තොට
ප්‍රදේශයේ පදිංචිකාරියක් වන සුරංගනී තිස් හතර හැවිරිදි අවිවාහක තරුණියකි.
ඇය දැඩි ඇඟපත රුදාවකින්, හිසරදයකින්, බඩ පුරවා දැමීමෙන් හා කෑම අරුචියෙන්
අවුරුදු නවයක් තිස්සේ පීඩා වින්දාය. සිංහල ඉංගී්රසි වෛද්‍ය ප්‍රතිකාර
ලැබුව ද කිසිදු සහනයක් නොවීය. ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරු ද අවුරුදු
ගණනාවක් තමන් කළ ප්රතිකාරවලින් සුවයක් නොලැබුණු බැවින් “ඔබට කායික රෝගයක්
නැතැයි” ප්‍රකාශයට පත් කොට “මනෝ වෛද්‍යවරයකු ළඟට යන්නැ”යි උපදෙස් දෙති.
සුරංගනී ඊළඟට අවුරුදු හතරක් ම එක දිගට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලැබුවාය.
එහෙත් සුවයක් ලැබුණේ ම නැත.
නවීන විද්‍යාවෙන් සහනයක් නොලැබුණු විට
පැරණි සම්ප්‍රදායික අභිචාර විධිවලට යොමු වී තොවිල් හතරක් ද ඇගේ
වැඩිහිටියන් විසින් සිදු කරවනු ලැබුණි. මේ සියලු ප්‍රතිකාර වත් පිළිවෙත්
ක්‍රම සඳහා රුපියල් ලක්ෂ ගණනක් දිය වී ගියත් ඇයට සුවයක් ලැබුණේ නැත.
අවසානයේ “සිළුමිණ” - “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගයේ තොරතුරු අසා අදාළ ස්ථානය කරා ඇගේ වැඩිහිටියෝ ඇය කැඳවා ගෙන ගියහ.
පළමු දිනයේ රෝගියා පරීක්ෂා කැර බැලීමේ දී ඇය සිහිසුන්ව වැටුණාය. මේ වන විට
සුරංගනී කායිකවත් මානසිකවත් ඉතා ම පහත් තත්ත්වයකට පත්ව සිටි බැවින් ඇගේ
චිත්ත ඒකාග්‍රතාවය ගොඩ නැඟීම සඳහා දින විසි එකක් බෝධි පූජා පවත්වා එන ලෙස ද
ඒ බෝධි පූජා පැවැත්විය යුතු ආකාරය පිළිබඳව ද ගවේෂකවරයා උපදෙස් දුන්නේය.
දෙවැනි දිනයේ ද එසේ ම සිදුවිය. තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන ලෙස නියම කළේය.
තුන්වැනි දිනයේ සුරංගනී ප්‍රලය වූවාය. ඇගේ ශරීරය ගැහෙන්නට පටන් ගෙන එක
දිගට විනාඩි දහයක් පමණ ඉකි බිඳිමින් හඬන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න
කරන්නට පටන් ගත්තේ ය.
“කව්ද මේ අඬන්නේ?”
“මම සුමිත්”
“සුමිත් කියන්නේ කවුද?”
“මේ සුරංගනීව බඳින්න හිටිය එක්කෙනා, පෙම්වතා”
“ඇයි මේ ළමයට හිරිහැර කරන්නේ?”
“මම හිරිහැර කරන්නේ නැහැ.”
“නැත්තේ මොකද? සුමිත් මේ ළමයගෙ ශරීරයට රිංගා ගෙන ඉන්න කොට මෙයා ලෙඩ වෙනවා.
අවුරුදු නවයක් කියන්නේ සුළුපටු කාලයක් ද? කරුණාකර මේ ශරීරයෙන් ඉවත්ව
යන්න.”
“බෑ... බෑ... මට නම් යන්න බෑ. මම සුරංගනීට ආදරෙයි”
“සුමිත් මැරුණේ කොයි කාලෙ ද?”
“2004”
“මොනවා වෙලා ද මැරුණේ?”
“සුනාමියට අහුවෙලා”
“එදා කොහොමද මැරුණෙ කියලා මතක ද?”
“ඔව්! මගේ ගම මිරිස්ස. සුරංගනීගෙයි මගෙයි විවාහයට අවශ්‍ය බඩු ගන්න මම
මාතරට ගියා. මෝටර් සයිකලයෙන් ගියේ. හිටි හැටියේ විශාල ජල කඳක් ආවා. ඊට
පස්සෙ මොනවා වුණා ද දන්නේ නෑ.”
“කොහොම ද සුරංගනී ළඟට ගියේ?”
“මගේ මරණයේ දී හිටි හැටියේ ඇතිවුණ පීඩනය නිසා මගේ මතකය ක්‍රියාත්මක වුණේ
නෑ. කාලයකට පස්සෙයි මතකය ක්‍රියාත්මක වුණේ. සුරංගනී මගේ නම කිය කියා තනියම
අඬන කොට මාව හම්බන්තොටට, සුරංගනී ළඟට ඇදිලා ගියා.”
“ගිය ගමන් සුරංගනීගෙ ඇඟට රිංගුව ද?”
“නෑ. එහෙම රිංගන්න බැරිවුණා. මම ළඟට ගිහින් සුරංගනීට කතා කළා. එයාට ඇහුණේ
නෑ. එයා මගේ පින්තූරය ළඟ තියා ගෙන බල බලා ඇඬුවා. මම එයාගෙ ළඟින් ම හිටියා.
මට ඒත් ඇඟට රිංගන්න බැරිවුණා.”
“ඉතින් කොහොම ද රිංගුවේ?”
“දවසක් ගෙදර අය සුරංගනී එක්ක රණ්ඩු කළා. බහින් බස් වුණා. සුරංගනී එදා
හොඳටෝ ම ඇඬුවා. මම සුරංගනී ගෙ ඔළුව අත ගෑවා. එතකොට මට දොරක් ඇරෙනවා වගේ
දැනුණා. මම ටක් ගාලා එතැනින් ඇතුළට රිංගා ගත්තා. එදා ඉඳලා මම සුරංගනී ගෙ
ඇඟේ ඉන්නවා.”
“ඇඟේ ඉඳගෙන මොනව ද කරන්නෙ?”
“සුරංගනීව විවාහ කර දෙන්න ගෙදර අය මනමාලයෝ ගෙදරට ගෙන්වනවා. මම උන්ව පන්නනවා.”
“කොහොම ද පන්නන්නේ?”
“සුරංගනීගේ ඇස් දෙකෙන් නපුරු යක්ෂ බැල්මක් නිකුත් කරනවා. ඒ මනමාලයෝ බය
වෙලා යනවා. ආයෙත් එන්නෙ නැහැ. සමහරුන්ට සංග්‍රහ කරන කොට මනමාලයට පිළිගන්වන
කෑමට බැල්ම හෙළනවා. උන්ට බඩේ අමාරු හැදිලා ඉක්මනින් යන්න යනවා.
“සුරංගනී විවාහ වෙන්න කැමති ද?”
“නෑ... සුරංගනී කැමති නෑ. ගෙදර අයගෙ කීමටයි මනමාලයෝ එන්නේ. සුරංගනී මගේ ම යි.”
“ඉතින් මේ ගෙදර තොවිල් කළා නේද?”
“ඔව්! ඒවාට සූදානම් වෙන කොට මම හොඳ විමසිල්ලෙන් ඉන්නේ.”
“ඉතින් ඔබ කොහොම ද අහුනොවී හිටියේ?”
“ඔය ඇදුරො තොවිල් කරන්නේ උන්ගේ සිල්වත් කමකින්වත්, ආධ්‍යාත්මීය
ශක්තියකින්වත් නොවෙයි. අමනුෂ්‍ය බලයෙන්, ඇදුරන්ගේ ළඟ වැඩ කරන අමනුෂ්‍යයා
මාව අල්ලගන්න එන කොට ම මම දුවලා හැංගෙනවා. ඇදුරෝ ඔය ආරක්ෂාවල් යොදන්නේ
යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් නොවෙයි. යන්ත්‍ර මන්ත්‍ර දැම්මාට උන් ඒවා හරියට
ජීවම් කරන්නේ නෑ. නියමිත වාර ගණන ජීවම් කරන්නේ නෑ. ඉතින් ළඟ ඉන්න
අමනුෂ්‍යයන් එතැන ආරක්ෂාවට නතර කරලා යනවා. ඇදුරා තොවිලය කර ගියාට පස්සේ ටික
දවසකින් උනුත් යන්න යනවා. ඒ ආරක්ෂාවට හිටිය එවුන් ගියාට පස්සෙ මම ආයෙත්
සුරංගනී ළඟට එනවා.”
“තමුන් සුරංගනීට ආදරේ ද?”
“ඔව් මම එයාට තරම් වෙන කාටවත් ආදරේ නෑ”
“තමුන් ජීවත් වෙන්නේ කොහොම ද?”
“සුරංගනීගෙ ශරීරයෙන්මයි”
“මම කියනවා තමුන් ඇත්තට ම සුරංගනීට ආදරේ නෑ කියලා.”
“ආදරෙයි. ආදරෙයි. ඇත්තට ම ආදරෙයි”
“සුරංගනීට තමුන් ආදරේ නම් සුරංගනීව සතුටෙන් සැපෙන් තියන්න ඕනෑ. තමුන් මේ
ළමයගෙ ඇඟේ යම් යම් තැන්වල ඉන්න කොට. යම් යම් තැන්වලින් ලේ උරා බොන කොට, ඔය
විදිහට ගියොත් මෙයා පිළිකාවක් හැදිලා මැරෙයි. සුරංගනී මැරිලා ඈතට යන්න
යාවි. තමුන් කරපු අපරාධයට ඔය ඉන්න දුගතිගාමී ආත්මයෙන් තවත් පහළට වැටිලා
තමුන්ට දුක් විඳින්න වේවි. එතකොට සුරංගනීව දැකගන්නවත් ලැබෙන්නේ නෑ.”
“එහෙම ද?”
“එහෙම තමයි. තමුන් දැන් සුමිත් නොවෙයි, සුමිත් සුනාමියට අහුවෙලා මැරුණා.
තමුන් දැන් පේ‍්‍රත ජීවියෙක්, තමුන් ඇත්තට ම මේ ළමයට ආදරේ නම් එයාට සතුටෙන්
ජීවත්වෙන්න ඉඩ දෙන්න ඕනෑ. තමුන් ඇගේ ඇඟේ ඉන්න කොට ඇය අසනීප වෙනවා. ඉතින්
කොහොම ද සතුටෙන් ඉන්නෙ? තමුන් සුරංගනීට ආදරේ නම් එයාට සතුටෙන් ජීවත්වෙන්න
උදව් කරන්න. ඇගේ ආධ්‍යාත්මික ජීවිතය ගොඩනඟා ගන්න උදව් කරන්න. එතකොට එයා
සුවපත් වේවි. තමන්ටත් ඒක විශාල කුසලයක් වේවි.”
“හොඳයි මම සුරංගනීගෙ ශරීරයෙන් ඉවත් වෙන්නම්. හැබැයි මට එයාව දකින්න ඕනෑ.”
“තමුන් කැමති බෝධියක් තියෙනවා ද?”
“ඔව්! මාතර බෝධියට මම කැමතියි.”
“ඔබට මාසයකට වතාවක් සුරංගනීව දැකගන්න අවස්ථාව සලසා දෙන්නම්.”
“හොඳයි”
දින විසි එකක් මාතර බෝධින් වහන්සේ වෙත බෝධි පූජා පවත්වන ලෙස සුරංගනීට
උපදෙස් දුන්නේය. මාතර බෝධීන් වහන්සේ අසල පැවැත්වෙන සියලු පින්කම්වලට අත හිත
දී සිත පහන් කරගන්නා ලෙස පේ‍්‍රත ජීවියාට නියම කළේය. සුරංගනීගේ දින විසි
එකේ බෝධි පූජාවලින් පසු මාසයකට වරක් බැගින් එහි පැමිණ බෝධි පූජා තබන ලෙස ද
ඇයට කීවේය. මාසයකට වරක් පැමිණ බෝධි පූජා පවත්වන විට ඈතින් හිඳ ඇයට ආශීර්වාද
කරන්නට පේ‍්‍රත ජීවියාට නියම කළේය.
වයඹ
ප්‍රදේශයේ රජයේ නිලධාරියෙක් දිනක් වැඩ අවසන්ව නිවෙසට එමින් සිටියා. ඔහුගේ
ගේ ආසන්නයේ තවත් නිවෙසක පිරිසත් වත්තකට ඇතුළු වූ විශාල ප්‍රමාණයේ නයෙකුට
බියවී මරාදමන්නට උත්සාහ කරමින් සිටිනු ඔහු දුටුවා. නිවෙසට යෑම පසෙක ලා ඔහු ඒ
නිවෙසට ඇතුළු වුණා. යකඩ පොල්ලකින් නයා තදකර නයාට පහරදී උෟ මරා දැම්මා.
එහෙම කරල ඔහු තමන්ගේ නිවෙසට යන්න ගියා. ඔහුට පාසල් වයසේ 16 හැවිරිදි පිරිමි
ළමයෙක් හිටියා. මේ සිද්ධියට මාස දෙකක් විතර යද්දි ඒ ළමයා හදිසියේ එකවරම
සිහි නැතිවී බෙල්ල කඩා හැලුණා. පසුව ඒ පියා මේ ළමයාට හදිසි අසනීපයක් කියා
සිතා වෛද්‍යවරුන් ගණනාවක් ළඟට කැඳවාගෙන ගියා.
ඒ ළමයා අමුතු
භාෂාවකින් කතා කරන්න පටන් ගත්තා. ළමයා රැගෙන යන සෑම වෛද්‍යවරයෙක්ම කීවෙ
ඔහුට කිසිම අසනීපයක් නැති බව. වෛද්‍ය වාර්තා එක්ස්කිරණ වාර්තාවලිනුත් ඒ බව
සනාථ වුණා. දරුවා වෙනුවෙන් ඒ පියා නොවිඳිනා දුක් වින්දා. දරුවා රැගෙන සෑම
විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟටම ගියා. අන්තිමේ ඒ පියා ඒ පළාතට නුදුරු ප්‍රදේශයක
ඉන්න ගුරුන්නාන්සේ කෙනෙක් ළඟට ගියා. එහෙදී එයා කීවා කොහෙවත් අරන් යන්න එපා,
මේ ළමයා මහාභද්‍රකාලි කෝවිලේ මහේන්ද්‍ර සාමි ළඟට අරන් යන්න කියල. එහෙම
කීවාට පසු ඒ පියා ළමයා රැගෙන මා ළඟට ආවා. මේ වන විට මේ ළමයට පිස්සු, මානසික
රෝගියෙක් කියල විරුද්ධවාදී බලවේග මේ අයට විරුද්ධව නැඟී සිටියා. එක
පැත්තකින් ළමයාගෙ ප්රශ්නය, අනිත් පැත්තෙන් විරුද්ධවාදී බලවේගවල ප්‍රහාර.
පියාගේ ආත්මධෛර්යය හීන වූයේ නැහැ. ඔහු දරුවා රැගෙන ගියේ භද්‍රකාලි කෝවිලේ
මහේන්ද්‍ර සාමි ළඟට. එතැන් සිට මහේන්ද්‍රසාමි කළ කී දෑ ගැන සාමි අප සමඟ
මෙසේ කීවා.
ඒ ළමයා මාළඟට අරන් ආව වෙලාවෙ මම එයා කාලි
මෑණියන් ළඟට ගෙන ගියා විතරයි, එයාගෙ මුහුණුවර නයි වේශයක් වගේ වෙනස්වී
පිඹිමින් ඇඟට ආරූඪයක් ඇවිත් හිස කෙළින් කර හඬ අවදි කළා. මම ආවේශ වූ ඒ
ළමයගෙන් ප්‍රශ්න කළා. ඇත්ත වශයෙන්ම මම ප්‍රශ්න කළේ ළමයගෙන් නොවේ, එයාට
වැහිල ඉන්න අදෘශ්‍යමාන කෙනාගෙන්. එයා දිෂ්ටියෙන් කීවේ පියා නයා මරාදැමීම
නිසා තනි වූ හැපින්න වෙනුවෙන් ළමයට වැහී පරම්පරාවෙන්ම පළිගන්න ආ බව. මම ඒ
අදෘශ්‍යමාන බලවේගයට කීවේ නුඹ නයා වුණත් නුඹ මැරුවෙ දෙවියන් මිස මොහුගේ
තාත්ත නොවන බව. පියා නුඹ මැරීමට යොදාගත්තේ දුන්නක් විතරක් බව කියමින් ඔහුට
තර්ජනය කරමින් ඒ ළමයාගෙන් ඉවත්ව යන ලෙස බලකර සිටියා. ඒ වෙලාවේ ඒ දරුවාට
ආරූඪ වී සිටින නයා කීවෙ තමන් වෙනුවෙන් කාලි මෑණියන්ගේ අවතාරයක් වන රාජ
රාජේශ්වරී අම්මාන් දේවාලයක් හදල පූජාවල් තිබ්බට පස්සෙ ඉවත් වනවා කියල.
ඒ අනුව මහාභද්‍රකාලි මෑණියන්ගේ ආශීර්වාදය, බලය ලබාගෙන ඒ පියාගෙ ඉඩමෙ පුංචි
දේවාලයක් හදල පුද පූජා ආරම්භ කළා. මම ඒ අයට ඒ අය පදිංචි ප්‍රදේශයේ හදපු
භද්‍රකාලි අම්මාගේ අනුහස් ආශීර්වාදය බැල්ම ඇති ඒ දෙවොලට ආශීර්වාද කරමින්
පුදපූජා පැවැත්විය යුතු විධි ගැන කියා දුන්නා. අර දරුවා දැන් මහා භද්‍රකාලි
මෑණියන්ගේ දරුවෙක්. ඒ දෙවොල හැදුවායින් පසු නාග දිෂ්ටියෙන් එල්ලවුණ කරදර
තුරන් වුණා. මේ ප්රශ්නය ආව වෙලාවෙ ඒ අයට හිරිහැර කළ සමහරුන්ට කරදර
සිදුවුණා. සමහර අයට සුව කළ නොහැකි තරමේ අසනීප හැදුණා. සමහර අය මේ අයගෙ
පිහිට පතා පැමිණියා. කාලි මෑණියන්ගෙ බැල්ම තියෙන තැනට විරුද්ධ වන
පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන බව සත්‍යයක්. ඒක සනාථ කරන මෙය තවත්
එක සිද්ධියක් පමණයි. මම සෑම විටම කියන්නෙ කාලි මෑණියන් යක්ෂණියක් නොවෙයි.
ඇය දේවමාතා ලොව පාලනය කරන යක්ෂ සේනාවන්ට අණදෙන මෑණි කෙනෙක්. කාලි දේවි
යන්නෙහි තේරුම කාලය (වේලාව). කළු පැහැයෙන් යුක්ත නිසාද කාලි නම භාවිත
කරනවා. දේවමාතා ලොවෙහි පාලනය සිදු කෙරෙන ප්‍රධාන ශක්ති දහය දස විද්‍යා
නමින් හඳුන්වනවා. එම දස විද්‍යාවට අයත් වන්නේ කාලි දේවි, ගෝඩශී දේවි,
හැවනේශ්වරී දේවි, භෛරව දේවි, ජීන්තමස්නාදේවි ධූමවතී දේවි, මාතනන්ගි දේවි,
කමලා දේවි, බග්ල මූඛී දේවි. මෙම දස ශක්තිවලින් ප්‍රධාන හා බලවත් ශක්ති බලය
කාලි දේවී ශක්තිය. ලොවෙහි උපදින සියලු ශාක සහ සත්ත්වයන්ගේ උත්පත්තිය හා
මරණය යන අවස්ථාද එම අවස්ථා අතර සිදුවන සියලුම සිදුවීම්ද පාලනය කරන්නේ කාලි
දේවී ශක්තියෙන්.
තරුණියකගේ
ජීවිතයේ සුන්දරම බලාපොරොත්තුව මොකක්ද කියල ඇසුවොත් දෙවරක් නොසිතාම ලැබෙන
පිළිතුර තමයි විවාහය. තරුණියකගේ මනෝරාජ්‍යය තුළ හොඳ පවුල් පසුබිමක්, හොඳ
මනාලයෙක්, ලොකු විවාහ උත්සවයක්, පෝරුව චාරිත්‍ර... මේවාට තිබෙන්නේ ලොකු
කැමැත්තක්. මෙවැනි සුන්දර බලාපොරොත්තු, ජීවිතය සමඟ බැඳුන බලාපොරොත්තු,
ජීවිතය ජීවත් කරපු බලාපොරොත්තු... විවාහය යනු ජීවිතයයි, ජීවිතය යනු
විවාහයයි, විවාහය මගේ ආත්මයයි කියල තබාගෙන තිබෙන බලාපොරොත්තු බිඳුන විටදී,
දෙදරා ගිය විටදී, අහිමිවී ගිය විටදී, තවකෙකු විසින් බිඳදැමූවිටදී අහිංසක
යුවතියකගේ සිතේ ඇතිවෙන පීඩනය කොතෙක්ද? එම බලාපොරොත්තු අහිංසක යුවතියකගේ
සිතේ ඇතිකොට එය විනාශකොට දැමූ විටදී, සුන්දරම සිහිනය මරාදැමූ විටදී, ඇය තුළ
කුමන මනෝභාවයන් ඇතිවෙයිද? මෙවැනි මනෝභාවයන් තුළදී ඇය මිය ගියහොත්,
දිවිනසාගතහොත්, මරාදැමුවහොත්, ඇයට පරලොවදී කුමක් වෙයිද? ඔබ සිතනවාද ඇය තම
ආත්මය කරගත්ත බලාපොරොත්තුව ඇයට අතහැරී සිත නිරුද්ධ වෙයි කියල. ඇය ගොඩනැගූ
සිහින මාලිගා, එකතු කළ රන් රිදී ආභරණ, තැන්පත්කරගත් වැටුප් මුදල්, තෝරාගත්
මඟුල් සාරි ... මේ සියල්ල උදෙසා ඒවා අරමුණුකොටගත් තෘෂ්ණාව, උපාදානය ඇයට
අතහැරී සිත නිරුද්ධ වෙයි කියලා. එය නොවන දෙයක්මයි. එහෙමනම් කුමක්ද
සිද්ධවෙන්න පුළුවන්.
භික්ෂුවක් සමාධිය තුළ සිටින විට මෙවැනි
දර්ශනයක් දැකගත හැකිවිය. මෙය ප්‍රේත ලෝකයේ ප්‍රේතියකගේ දර්ශනයක්.
හැසිරීමේ රටාවකි. ඇය කර්ම විපාක ගෙවන දර්ශනයකි. තමන් අල්ලාගත් උපාදානයේ
බලවත් බව නිසා ඇය විඳිනා දුකේ ස්භාවයකි.
ප්‍රේතිය වයස අවුරුදු
විසි පහක පමණ තරුණියකි. ඇය සැරසී සිටියේ මගුල් දවසට මනාලියක් පළඳින සුදු
සාරියක් සහිත මඟුල් ඇඳුමකිනි. ඇය ඉතාමත් කළු පැහැති, කිසිඳු
ප්‍රසන්නභාවයක් නොපෙනෙන, ගුප්ත මුහුණක් සහිත මනාලියකි. මනාලියක් සේ
හැඳපැළඳගෙන ඇවිද්දත් ඇය ඇවිදින මළමිනියක් වගේය. මළමිනියක මුහුණේ ස්වභාවය
ඇයට තිබිණි. මනුෂ්‍ය ලෝකයේදී තරුණියක් මියගියහම ඇයගේ සිරුර පෙට්ටියේ බහා
තැන්පත් කරන්නේ ඇයව මනාලියක් සේ හැඩගන්වාය. එහෙත් එම දේහය දින දෙකක් පමණ
ගතවන විට කළුපැහැ ගැන්වේ. ඉහත ප්‍රේත මනාලියගේ ස්වභාවයද එසේමය. ඇය
මනාලියක් සේ සැරසී මල් පොකුරක්ද අතැතිව ප්රෙAත ලෝකයේ ඇවිදින්නීය. නමුත්
ප්‍රේතියගේ කය සියුම් ස්වභාවයෙන් යුක්ත නිසා ඔබගේ මස් ඇසට නොපෙනෙයි.
සාමාධිමත් සිතට ඇයගේ සියුම් කය දර්ශනය වෙයි. භික්ෂුවට ඇය දර්ශනය වන මොහොතේ
ඇය සිටියේ මනුෂ්‍ය ලෝකයේ මඟුල් ගෙදරක ස්වභාවයේ ස්ථානයකය. සමහරවිට එය
හෝටලයක උත්සව ශාලාවක් වීමටද පුළුවන. එහෙත් එය ඉහළ ස්වභාවයේ මඟුල්
උත්සවයකි. භික්ෂුවට හැඟී ගියේ ප්‍රේතිය තමාව කවුරුන් හෝ විවාහ කරගනී යෑයි
විශ්වාසයෙන්, විවාහයට දැඩි කැමැත්තෙන් ඇවිදින බවයි. ප්‍රේත මනාලියට
විවාහවීමට දැඩි වුවමනාවක් තිබෙන බව පෙනිණිs. ඇය මඟුල් ශාලාවේ වාඩිවී සිටින
අමුත්තන් අතර ඉඳගනිමින් ශාලාවේ ඇවිදිමින් සිටිනවා භික්ෂුවට දර්ශනය විය.
ඇය හරිම අවාසනාවන්තියකි. මනුෂ්‍ය ලෝකයේදී තබාගත් විවාහය පිළිබඳ
බලාපොරොත්තුව ප්‍රේත ලෝකයේදීද ඇයට අතහැරී නොමැත. භික්ෂුවට හඳුනාගැනීමට
ලැබුණ මේ ප්‍රේත මනාලිය අර විවාහ උත්සවයට ඇවිත් සිටි පිරිමින් හා විවාහය
බලාපොරොත්තු වන බවයි. මෙය ප්‍රේතියගේ උපාදානය පිළිබඳ අහිංසකත්වය කියාපාන
දුක්මුසු අවස්ථාවකි. ප්‍රේත ලෝකයේ සිටියද උපාදානයේ බලවත් බව නිසා හෝ ඇයගේ
කර්ම විපාකය නිසා ඇය විවාහයට බලාපොරොත්තු වන්නෙ මනුෂ්‍ය පුතෙක් වීමටද
පුළුවන. මෙම කර්ම විපාකය ඇයට ලැබුණේ සමහරවිට අනුන්ගේ විවාහයක් කේලමක්
කියා, බොරු කියා, වංචාකොට කඩාකප්පල් කිරීම නිසාද විය හැකිය. එසේත්
නොමැතිනම් තමාගේ විවාහ සිහිනය තවකෙක් මරාදැමූ නිසාද විය හැකිය. කොටින්ම
ඇයට මෙ විරූපී ස්වභාවය ලැබුණේ මැරෙන මොහොතේදී මෙන්ම ජීවත්ව සිsටියදී වෛරය,
ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැඩීම නිසා බව නම් සක්සුදක් සේ පැහැදිලිය. තමා මියයන
මොහොතේ තමාගේ විවාහය විනාශ කළ අය කෙරෙහි වෛරය ක්‍රෝධය ඇති කරගත් නිසා ඔහු
කෙරෙහි වෛරයෙන් සියදිවි නසාගත් නිසා මියගිය පසු විරූපී ප්‍රේතියක් වූවාද
විය හැකියි.
කෙසේ හෝ ඇය මනාලියක් වීමේ සිහිනය දරාගෙන මඟුල්
සාරියකින් හැට්ටයකින් සැරසීගෙන සුදෝ සුදු මල් කලඹක් අතින් ගෙන ඇය තවමත්
ප්‍රේත ලෝකයේ සරන්නීය. ප්‍රේත ලෝකයේ සරණ මේ ප්‍රේත මනාලිය සහකරුවෙක්
සොයන්නීsය. ඇය කළු පැහැතිය, උස අඩි 5' 5" පමණි, ආගම මිථ්‍යාදෘෂ්ඨිකය, ජාතිය
ප්‍රේත ජාතියයි, කුළය සතර අපායයි. ඔබ කැමතිනම් ඇයට සහකරු වීමට ඇය කළා සේම
අකුසල කර්ම සිදුකොට ප්‍රේත ලෝකයේදී ඇයව හමුවන්න. ඔබ ඇයට මඟුල් සාරි, මල්කලඹ
සෙවිය යුතු නැත. මන්ද ඇය ඒවා හැඳපැළඳගෙනම ක්ෂණික විවාහයක්
බලාපොරොත්තුවෙන් ප්‍රේත ලෝකයේ සරන්නීය. මනුෂ්‍ය ලෝකයේ සිදු වූවාසේ නොව,
විශ්වාසය අගේ කොට සලකමි. අවිද්‍යාවෙන් අන්ධ, කාමයෙන් බරිත මනුෂ්‍ය ලෝකයේ
මනුෂ්‍යයකු ඉහත යෝජනාවටද කැමති වුවහොත් භික්ෂුව පුදුම වන්නේ නැත. පුදුම
වන්නේ මෙයට කිසිවකු කැමති නොවුණහොත්ය.
දැන් ඔබට පැහැදිලිද
මනමාලියෝ ඉන්නෙ මනුෂ්‍ය ලෝකයේ විතරක් නොවේය කියලා? සුදු මඟුල් සාරියක්
හැට්ටයක් ඇඳගෙන සුදු මල් කලඹක් අතැතිව ප්‍රේත ලෝකයේ සරණ මේ මනාලිය
මනුෂ්‍ය අපට කියන්නේ හොඳ පාඩමක්, දුර්ලභ පාඩමක්, ඇඟ කිළිපොලා යන පාඩමක්.
මනුෂ්‍ය දියණියක් මගුල් ඇඳුම අඳින්නේ ජීවිතයේදී එකම දවසයි. ඒත් ප්‍රේත
ලෝකයේදී ඇය කල්ප ගණනක් මඟුල් ඇඳුම ඇඟලාගෙනම ඇයගේ ක_ම විපාකය නිසා
සහකරුවෙක් නොමැතිව දුක් විඳිනවා. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය දුවෙක්, පුතෙක්
විවාහයක් හරි නොගියොත් විවාහය ප්‍රමාද වුණොත් අවුරුදු හැටක් ජීවත්වෙලා
මැරිල යයි. ඒත් මේ ප්‍රේත මනාලියට තව කල්ප ගණනක් මඟුල් ඇඳුම දරාගෙනම
මනමාලයෙක් සොයා යන්න සිද්ධ වේවි. එයාගේ කර්ම විපාකය නිසා එයාට කවදාකවත්
මනමාලයෙක් ලැබෙන්නෙ නැහැ. මේ හේතුවෙන් ඇය තුළ තව තව වැඩෙන්නේ වෛරය,
ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, රාගය, කාමය ආදී දේය. මේවා දරුණු අකුසල් ධර්මයන්මයි.
මෙන්න මේ අකුසල් නිසා ඇය තව තව විරූපීභාවයට පත්වෙමින් ගැටෙමින් අවසානයේ
නිරයේ ගිනිදලු මතටම වැටෙනවා. බලන්නකො අනුන් කළ දෙයක් නිසා වෛර කරලා ,
ක්‍රෝධ කරලා, ඊර්ෂ්‍යා කරල අනුන් නිසා ප්‍රේත ලෝකයේ දුක් විඳිනා දියණිය.
අනුන් බලාපොරොත්තු නැති කළා කියල අනුන් ඔබේ සිහින බිඳදැම්ම කියල ඔබ ඒ අයට
වෛර කරන්න, ක්‍රෝධ කරන්න යන්න එපා. මොකද බලාපොරොත්තු ඔබට අයිති නැති නිසා.
ඔබට අයිති නැති බලාපොරොත්තුවක්, ඔබේ වසඟයේ නොපවතින බලාපොරොත්තුවක් ඔබේ
කරගෙන ඔබ ඇයි දුක් විඳින්නේ. බලාපොරොත්තු තමයි අපව ජීවත් කරවන්නේ. එක
බලාපොරොත්තුවක් බිඳ වැටෙනකොට තව බලාපොරොත්තුවක් ඇතිවෙනවා. බලාපොරොත්තු
තමයි ජීවිතය. අපි බලාපොරොත්තු පස්සේ දුවනවා, ඒවා අපේ කරගෙන. අපිට
වැටහෙන්නේ නැහැ බලාපොරොත්තුව මිරිඟුවක් කියලා. බලාපොරොත්තුව කියන මිරිඟු=ව
පස්සේ දුවලා අර ප්‍රේත මනාලියට වෙලා තිබෙන අලකලංචිය ඔබ දැක්කා නේද?
සති අන්ත පුවත්පත්වල සෑම භාෂාවකින්ම මංගල යෝජනා කී දාහක් පළවෙනවද, සෑම
භාෂාවකින්ම. මිනිස්සු වන්දනාවේ ගිහිල්ල, රැකියාවට ගිහිල්ල, දුම්රියේ,
බස්රථයේ මොන තරම් බැඳීම් ඇතිකරගන්නවද. මේ බැඳීම් වල මොනතරම් වංචාසහගත
දේවල් සැඟවිලා තිබෙනවාද. ප්‍රොaඩාවන්, මුළා කිsරීම්, නොමඟ යෑවීම් තිබෙනවාද.
තමාගේ කැමැත්ත උදෙසා, තමාගේ සැප උදෙසා, තමාගේ පැවැත්ම උදෙසා මිනිසා මේ
නොමඟ යෑවීම් කරන්නේ හරිම කැමැත්තෙන්.
මේ මගේම සහෝදරියක්, මේ මගේම
සහෝදරයෙක් කියන හැඟීSම සමාජයට නැහැ. මේ හේතුව නිසාම සමාජය වෛරයෙන්,
ක්‍රෝධයෙන් පිරිලා. කඳුළින් තෙමී ගිය විවාහ සහතිකය ගිනි අවුළුවාගෙන එම
ගින්නෙන්ම තමුන් දැවී යන්නේ, මේ ක්‍රෝධය නිසාමයි. මඟුල් සාරිය බාල්කය මතට
දමා, මඟුල් සාරියම ගෙලට තොණ්ඩුවක් වී මියයන්නේ මේ වෛරය, ක්‍රෝධය නිසාමයි.
ඔබ බුද්ධිමත් වන්න. ඔබේ සතුට උදෙසා තවකෙක් වෛරයෙන් ක්‍රෝධයෙන් විනාශ
නොකරන්න. අහිංසකයන්ගේ අහිංසකභාවය ඔබ ඔබේ අවිචාරවත් බවේ ගොදුරක් කර නොගන්න.
අහිංසක ඔබද මෙවැනි අවිචාරමත් අයෙකුගෙන් පීඩාවට පත්වුවද, ඔහු නිසා ඔබ වෛර
ක්‍රෝධය ඇතිකර නොගන්න. ඔබ එක දුකක් නිසා දුක් ගොඩක උරුමක්කාරයෙක්,
උරුමක්කාරියක් නොවන්න. ඔබ තවම ප්‍රමාද නැහැ. ඔබට තවම වෙලාව තිබෙනවා
නිවැරැදි වෙන්න. නිවැරැදි තැනට එන්න. එහෙත් අර ප්‍රේත ලෝකයේ ප්‍රේත
මනමාලියට නම් දැන් ප්‍රමාදයි. ඇයට දැන් සරණක් නැහැ. අහිංසකාවිය දුකෙන්
දුකටම යනවා. ඇයට නිවැරැදි වෙන්න දැන් කිසිම අවස්ථාවක් නැහැ. අනේ මේ
අහිංසකාවිය මිය යන මොහොතේ සිතට ආපු වෛරය ක්‍රෝධය අනිත්‍යයයි කියලා දැකගත්තා
නම්, මේ සිත මගේ නොවේය කියලා දැකගත්තානම්, එවැනි දැනීමක් නොමැති වූ නිසා
මැරෙන මොහොතේ සියලු සත්වයෝ සුවපත්වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා
හිතුවානම්... එසේත් නැතිනම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක්
සිහියට නගාගත්තා නම්, බුදු රුව සිහියට නගාගත්තා නම්, එසේත් නැතිනම් කසාවත්
චීවරයක් නගාගත් භික්ෂුවක් මතකයට නගාගත්තා නම් දෙවියනේ ඔය ප්‍රේත දුකෙන්
ඇය ගැලවිලා හිමිවන්නේ සුගතියක්මයි. බලන්නකෝ සතියයි සිහියයි ඇයට නොතිබුණ
නිසා, ඇය සද්ධර්මය ශ්‍රවණය නොකළ නිසා, බුදු ගුණ නොවැඩූ නිසා, මෛත්‍රිය
නොවැඩූ නිසා ඇයව සනසන්නට ආවේ වෛරයයි, ක්‍රෝධයයි, කැමැත්ත පිළිබඳ උපාදානයයි.
යහපත අතහැරුණු කල අල්ලාගත්තේ අයහපතමයි.
භික්ෂුව මේ සටහන ලියන
මොහොතේ වැඩ සිටින්නේ කැලෑබද ආරණ්‍යයක. එම ආරණ්‍යයේ දන් පිරිසට දානය උයන්නට
ලොකු ශාලාවක් හදලා තිබෙනවා. අලුත් ශාලාවක්. සුදු තීන්ත ගාලා හරි වෙහෙස
මහන්සි වෙලා දායකයෝ මෙය හදලා තිබෙන්නේ. සිමෙන්ති කොට්ටයක් කැලය මැද්දෙන්
කිලෝමීටර දෙකක් පමණ ඔසවාගෙන ඇවිත් මේ අලුතින් හදපු ශාලාවේ සුදු බිත්ති
සියල්ලේම දුරකථන අංක ලියලා. එම අංක යටින් පිරිමි ගැහැණු අයගේ නම ලියලා. මේ
නම ධන තව නමක් ලියලා, ගෙදර ලිපිනයත් ලියලා, වාහනයේ අංකයත් ලියලා,
පිස්සන්කොටුවේ කාමරයකවත් මෙහෙම ලියලා නැතිව ඇති. මොනවද අපි මේ දාන උයන
ශාලාවේ බිත්ති පුරා දකින්නේ. මනුෂ්‍යයාගේ කාමයේ ආශ්වාදය විඳින ස්වභාවය,
මෙය විකෘතියක්. නිශ්චල නොවූ, තැන්පත් නොවූ, විසිරුණු සිතක කැඩපතක්.
පිංවත් දරුවනේ ඔබලා තරුණ කාලයේදීම මේ මඟ එළිපෙහෙලි කරගන්නේ යහපතට නම් නොවේ,
අයහපතටමයි. අඟුරු කැබලි වලින් සුදු බිත්තියේ ඔබ මේ තබන සටහන්, මේ ප්‍රවේශය
අනාගතයේදී ඔබව බලාපොරොත්තු කඩවීම නිසා වෛරයෙන් ක්‍රෝධයෙන් පිරී ගිය
සිතකින් ප්‍රේත ලෝකයට වැටුන ප්‍රේත මනාලියට අත්වූ දුක්ත ඉරණමටම පත්කරවනු
ඇත. එහෙයින් ඔබ ප්රවේශම්වෙන්න. කාමය අනතුරු සහිතයි. කාම බලාපොරොත්තු බිඳ
වැටෙන මොහොතේ ඒ හිස්තැන පුරවන්නේ වෛරය සහ ක්‍රෝධය විසින්මය. ඒවා කාමයේ
ආදීනවයන්ය. කාමය උදෙසා ඔබේ බලාපොරොත්තු ඔබ අල්ලාගතත්ද, බිඳවැටුණද එහි
ප්‍රතිඵලය ක්‍රෝධයයි. වෛරයයි. එහෙයින් ඔබ කළ යුත්තේ අවබෝධයෙන් අතහැරීමයි.
ක්‍රමයෙන් ඒ අතහැරීම පුහුණුවීමයි. ජීවිතයට හුරුකරවීමයි. සතර අපායට
නොවැටෙනවාය කියන විශ්වාසය ජීවිතයට පුරුදු කිරීමයි. වෛරයේ ක්‍රෝධයේ
සිතුවිල්ල වෙනුවට මෛත්‍රී සිතිවිලි නිතර මෙනෙහි කිරීමයි. තම ප්‍රතිවාදියාගේ
රුව වෙනුවට, තමා දුකට පත් කළ පුද්ගලයාගේ රුව වෙනුවට, ඔබ ලොව්තුරා බුදු
සමිඳුන්ගේ රුව ගුණ සිහිකිරීමයි. ධර්ම රත්නයේ, සංඝරත්නයේ අනන්ත වූ ගුණ
සිහිකිරීමයි. මෙනෙහි කිරීමයි. සතර අපායේ දුක වෙනුවට, සුගතියකට උපතක්
ලබාගැනීමට ඔබට ඔබ අනුකම්පා සහගත වීමයි. ඔබ මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා
කරන්නද?
මීට
වසර ගනනාවකට පෙර දිස්ත්‍රික් පාසල් වොලිබෝල් තරඟාවලියක් සඳහා අම්පාර
ප්‍රදේශයේ සිට දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට අයත් නාමල්වැව නම් සුන්දර ගම්මානයේ
වැව ඉස්මත්තෙහි පිහිටි නාමල් වැව විදුහලට යෑමට ප්‍රියන්ත ගුණසේකර මහතාද
එක්වී ඇත වයස අවුරුදු 19 පහළ කණ්ඩායම නියෝජනය කළ ඔහු ඉතා ඉහල දස්කම්
දැක්වූ ක්‍රීඩකයෙකි පළමු තරඟය ජයග්රහණයෙන් පසුව ඔවුන්ට අම්පාරේ යාමට ඒමට
නොහැකි බැවින් පසුදින තරගයට සහභාගි වීම සඳහා එදින නාමල් වැව විදුහල්
ගොඩනැගිල්ලේ රැය පහන් කිරීමට සිදුවිය .
නමුත් එදින රැය එතරම්
භිහිසුණු වේයැයි කිසිම කෙනෙකු කිසිවිටකත් නොසිතා ඇත...එකල ක්‍රීඩා ගුරුවරයා
වූයේ අම්පාරේ වසන්ත ගුරුමහතාය..සංවිධායක මණ්ඩලය විසින් මොවුන්ට පාසලේ
ප්‍රධාන ගොඩනැගිල්ල නවා තැන් සඳහා වෙන් කර දී ඇත මිතුරන්ද කැටුව ප්‍රියන්ත
මහතාද නිද්දට සැරසෙන විට රෑ දහය පසුවී තිබුණි ශාලාව පුරා කොල්ලන්ගෙන් පිරී
තිබුණි.ප්‍රියන්ත මහතා ලැගුම් ගත්තේ ශාලාවේ දකුණු කෙළවරේය...වසත්ත
ගුරුමහතාද මොවුන් අසලම ඩෙස්බංකු කිහිපයක් දමා ඒ මත නිදාගැනීමට සැරසී ඇත
මෙසේ සියල්ලෝම නින්දට වැටිණ නාමල් වැව පෙදෙසින් හැමූ සීතල සුළඟත් මහන්සියත්
නිසා නොදැනුවත්වම සියල්ලම පාහේ තද නින්දට වැටිණ.
එකවරම පැරණි
දොරක් අරින විට නැගෙන සබ්දය ශාලාවේ වම් කෙළවරින් ඇසෙන්නට විට එය ශාලාවේ වම්
පස තිබූ බිත්ති කබඩ්එක විවෘත වන හඩයි සබ්දයට ළමුන් සියල්ලන්ම ඇහැරුනත්
සුළඟට කබඩ් එක විවෘත වූවා යැයි සිතා නැවතත් සැවොම නින්දට වැටිණ නමුත්
ගතවූයේ සුළුමොහොතකි ශාලාවේ වම්පස සිට පුද්ගලයකු අඩි හප්පමින් දකුණු පස දෙසට
ඇවිද යන ආකාරයක් ඇසෙන්නට විය වසන්ත ගුරුමහතා ඇතුලූ සියලුම ළමයින් වහා
නැගිට විදුලි පන්දම් ගෙන සෝදිසි කරන්නට වූයේ සොරකු තමන් සතු බඩු භාහිරාදිය
සොරා ගැනීමට පැමිණ ඇතැයි සැක සිතූ බැවිණි එමෙන් පලමු බිත්ති කබඩ් එකද
විවෘතවී තබුණි ප්‍රියන්ත මහතා ඇතුළු සැවොම සිතුවේ කබඩ් එකෙහි සැගවී සිට
පුද්ගලයකු ශාලාවේ ඇවිද ගිය බවයි නමුත් පාසල් වත්ත පුරා ද විදුලිපන්දම් යොදා
සෝදිසි කරද කිසිම සලකුණක් හෝ සොයාගැනීමට අපෝසත් විය.
නැවතත්
බල්ලකු හෝ විය හැකි යැයි සිතා සියල්ලෝම නින්දට සැරසුණි සියල්ල තැන්පත්වූ
විගසම වම් පස සිට දෙවන කබඩ් එකද හඬ නංවමින් විවෘත විය සියල්ලම නිසොල්මනේ
සිටියේ මෙය කුමක්දැයි දැන ගැනීමටය ඒ සමඟම ශාලාවතුල කවුරුන් හෝ දුවන බවක්
ඇසෙන්නට විය තෙවන කබඩ් එක ද එකවරම විවෘතවිය සියල්ලම නැගිටිනවාත් සමගම
ප්‍රියන්ත මහතා අසලම තිබූ බිත්ති කබඩ් එකද හඬනංවා විවෘත විය සියල්ලම භයෙන්
ත්‍රස්තවිය ළමයින් ඒ මේ අත දිවයන්නට පටන් ගත්තේය වසන්ත ගුරුමහතා දැඩි
වෙහෙසක් දරා සියල්ලම පාලන කර ගැනීමට සමත් විය නමුත් විදුලිපන්දම් ගෙන
සෝදිසි කරබැලුවද සියලුම බිත්ති කබඩ් විවෘත වී ඇති ආකාරය පමණක් දැක ගත හැකි
විය පුදුමය නම් අගුලු දමා තිබූ බිත්ති කබඩ් පවා විවෘතවී තිබීමයි කෙසේ වෙතත්
සියලු දෙනාම එක තැනකට රොක්වී නිදිවර්ජිතව රැය පහන් කළේය....හිමිදිරියේ
සිදුවූ සිද්දිය පිළිබඳ සොයා බැලුවද කිසිම සලකුණක් අඩි සලකුණක් හෝ තිබී නැත
නමුත් ශාලාවේ බංකුවක් අසල සයිස් 10යේ තනි සෙරෙප්පුවත් තිබී හමුවිය නමුත් එම
සෙරෙප්පුව කෙරෙහි අවධානයක් යොමුවූයේ නැත.
සිද්ධිය පිළීබඳ කතා
කරමින් සියල්ලම නාමල්වැවට මුහුණ සේදීමට ගියේය එවිට එතන සිටියේ තරමක් වයසැති
පුද්ගලයෙකි. වසන්ත ගුරුතුමා ඔහු සමඟ ඊයේ රෑ වුන සිදුවීම පැවසීය එකවරම ඔහු
ඇසුවේ සයිස් 10 සෙරෙප්පුවක් තිබුණාද? කියාය සියල්ලන්ටම දෙලොව රත්වූයේ එම
පුද්ගලයා පැවසු කථාවෙනි..."මහත්තයෝ...ඔය හෝල්එකේ බාල්කෙ එල්ලිලා ගෑණු
මනුස්සයෙක් මැරුණ නේ ...හැබැයි මරණ පරික්ෂණයෙදි හෙලිවූණේ ඒක සියදිවි හානිකර
ගැනීමක් නොව මිනී මැරුමක් කියල...ඔය ගෑනිගෙ අවතාරෙ ගමේ කීප දෙනෙක් දැකල
තියනව..ඔය හෝල් එකේ කාටවත් ඉන්න දෙන්නෙ නෑ හිටියොත් ඔය වගේ අද්භුත දේවල්
සිදුවෙනව ඒ වගේම උදේ බලද්දි සයිස් 10 සෙරෙප්පුවක් කොහෙන් හරි හෝල්එක ඇතුලෙ
තියනව..මිනිස්සු නම් කියන්නෙ ඔය ගෑනිව මරල එල්ලල තියෙන්නෙ සයිස් 10
සෙරෙප්පු දාන කෙනෙක් නිසා මේ අවතාරය ඒ බව මිනිස්සුන්ට අඟවන්න එහෙම කරනව ඇති
කියල..."
දැනට ප්‍රියන්ත ගුණසේකර මහතා අම්පාර කොක්නහර ප්‍රදේශයේ
ජීවත් වෙන්නෙ වෘතියෙන් ගුරුවරයෙකු වගේම දැනට දෙවන ලුතිනන් වරයෙකුද
වනවා...ඔහු එම කථාව අප සමගපවසන විට ඇගේ හිරිගඩු පිපෙන්නෙ එදා ඇති වුණ බයට
නමුත් ඔහු තවමත් හොල්මන් විශ්වාස කරන්නෙ නම් නෑ නමුත් හොල්මන් ප්‍රතික්ශේප
කරන්නෙත් නෑ
වටෙන්ම
ඇහෙන්නේ රැහැයි කෑ ගහන සද්දේ විතරයි....සුළගත් එක්ක එන හීතල ඇග හරාහා
ඇටමිදුලු පසාරු කරගෙන යනවා මෙන් දැනෙන්නේ.....යන්තමට හද එලියට යන්තාමට වගේ
වටේම තියෙන අදුරු මැකෙනවා ....... පරිසරය රෑට කොච්චර සුන්දරද ???? දවල්ට
රෑටයි කොච්චර වෙන්ස්කම් තියෙනවද එකම පරිසරයේ උනත්. මේවා තේරුම් කරන්න
අමාරුයි තමන්ම විදලා තේරුම් ගන්න ඕන........... " පුතේ මොකද කල්පනව, ඔය තේ
ටිකක් දාලා ගනින්කෝ කෝප්පයට...." මාගේ මේ සිතුවිලි දාරාව බිදුනේ සීයාගේ
කටහඩටය.. මම තේ ටිකක් කෝප්පයට දමා සීයාට දුන්නෙමි... " මොකද බං කල්පනා කලේ,
උඹ බයෙන්ද ඉන්නේ, ඔකනේ මං උඹට කිව්වේ එන්න ලෑස්ති වෙන කොටම....." සියා
එහෙම කිව්වේ කින්ඩියට වගේ, මම යාන්තමට හිනා උනා විතරයි.......මුකුත් කියන්න
ගියේ නැහැ....සීයා නැවතැත් කතාකරන්න පටන් ගත්තා...... " පුතේ බලපන් මෙතන්
ඉන්න එක එක මිනිස්සු, ජීවත් වෙලා ඉන්න කාලේ කොච්චර කෙරුම් නැටුවත් අන්තිමට
මෙතනට එන්න වෙන්නේ එකම විදිහට......" වටේම තිබුනු සොහොන් කොත් දිහා බලාගෙන
සීයා කියද්දේ මටත් නිකම්ම ඒවා දිහා බැලුනා,... සොහොන රෑට ගොඩාක්
සංවරයි.....හරිම නිස්කලංකයි......කියලා මටත් හිතුනා ඒ
වෙලාවෙනම්....................
එදා
හවස මොනව උනත් සීයා ලොකු වැඩකට යන්න ලෑසිති වෙනවා කියලා මට දැනුනා, මම උදේ
ඉදන් Try කලේ මොකක්ද හවසට වෙන්නේ කියලා දැන ගන්න......පස්සේ තමයි දැන ගත්තේ
රෑට සොහොනේ මැතිරීමක් තියෙනවා කියලා, සීයගේ වැදක් නෙමෙයිලු, වෙන කෙනෙක්ගේ
වැඩක්ලු, සීයට කෙම් පහන් කරන්න එන්න කියලා තියෙන්නේ.... මගේ බලකිරීමට මාව
එක්ක යන්න කැමැති උනා...මොකද මේ වෙන කොටත් මටත් යම් වැටහීමක් තිබුනා
මන්ත්‍ර ගැන....ඒක අදටත් පුංචිම පුංචි අවබෝධයක් විතරයි...පිටත් වෙන්න කලින්
මගේ ඉනට නූලක් දැම්මා, සීයා ලගින්ම ඉන්න කිව්වා, ඔය වගේ නීතිරීති මාලාවක්
දැම්මා, ඒ හැම එකටම මම එකග වෙලා, අන්තිමට අපි පිටත් උනා....අනික් අදුරාගේ
ගෙදරට යද්දි දවල් 1 පහු වෙලා වගේ මතක, අපෙ එහේ ටික වෙලාවක් හිටියා...ඒ
අදුරත් වයසක සීයාකෙනෙක්, වයසට වඩා වයසට ගිහින් වගෙයි පෙනුනේ......මම ඒ
ගෙදරට වෙලා වාඩිවෙලා හිටියා, සීයලා දෙන්නම ලොකු මල්ලක් උස්සන් අවා... පස්සේ
අපි ඒ මල්ලද , කෙහෙල් පතුරුඩ්ද, ගොක්කොලද අරන් පිටත් උනා කනත්තට....අපි
පැය භාගයකින් විතර පස්සේ කනත්තට ගියා......කනත්ත තියෙන්නේ ටිකක් කැලේට
වෙන්න වගේ, කොළඹ වගේ කන්ත්තක් නෙමේ......කැලේ තමයි එක පැත්තකට වෙන්න
තිබුනේ.......මම ඒ ගෙදරට වෙලා වාඩිවෙලා හිටියා, සීයලා දෙන්නම ලොකු මල්ලක්
උස්සන් අවා... පස්සේ අපි ඒ මල්ලද , කෙහෙල් පතුරුඩ්ද, ගොක්කොලද අරන් පිටත්
උනා කනත්තට....අපි පැය භාගයකින් විතර පස්සේ කනත්තට ගියා......කනත්ත
තියෙන්නේ ටිකක් කැලේට වෙන්න වගේ, කොළඹ වගේ කන්ත්තක් නෙමේ......කැලේ තමයි එක
පැත්තකට වෙන්න තිබුනේ.......එදා කිසිම අදාහනයක් නැහැල්ලු
කනත්තේ.....කනත්තේ කවුරුත්ම හිටියේ නැහැ අපි තුන්දෙනා ඇරෙන්න......අපි බඩු
ටික ඔක්කොම ඒකේ තිබ්බ අරලිය ගහක් යටින් තිබ්බා, පස්සේ තටු හදන්න
ගත්තා....මට තාම හරියට අවබොදයක් නැහැ මෙතන වෙන්නේ මොකක්ද කියලා......තටුව
ටික්ක අලංකාර විදිහට තිබුනා.....මම ඒක දිහා ඕනකමින් බලන් ඉන්නවා අනික් සීයා
දැක්කා......." ඇයි උඹ කලින් මහාසොහොන් දෙවියන්ගේ ආසනයක් දැකලා
නැද්ද?...." එතකොට තමයි මට තරු පේන්න ගත්තේ...මෙයාලා මෙතන කරන්න යන්නේ මොනව
උනත් නපුරු දෙයක් විත්තිය, ඒත් මට හොද විශ්වාසයක් තියෙනවා අපේ සීයා පව්
වැඩ වලට සම්බන්ද වෙන්නේ නෑ කියලා, ඒ විශ්වාසයම මම හිතේ තියන් හිටියා, ඒ
නිසා මේ වැඩේ මොකක්ද කියලා මම අහන්න ගියේ වත් නැහැ......ටිකක් කලුවර
වැටෙනකල් කට්ටියම පොඩි රෙස්ට් එකක් ගත්තා..... වැඩේ පටන් ගන්නයි යන්නේ
දැන්......දැන් වැඩේ කරන්නේ අනික් සීයා, අපේ එක්කෙනා support තමයි එකට
ඉන්නේ...ඔන්න වැඩේ පටන් ගත්තා දැන් පහන් පත්තු කරලා වැඩේ ලාවට කරන්
යනවා.....අවශ්‍ය පුද පූජා එකින් එක තටුව මත තිය තිය එක එක මන්ත්‍ර වලින්
මතුරනවා.....මමත් මේක බලන් ඉන්නවා ලගට වෙලා.....මම සියගෙන් එක එක ප්‍රශ්න
අහනවා...සියත් පුලුවන් විදිහට උත්තර දිදී පොල්කටු පුච්චනවා.....මත් ඒ ලගින්
වාඩිවෙලා එක එක දෙවල් අහ අහා හිටියා...මට මේ වන විට තරමක් දිෂ්ටි මන්තර
එහෙම අහුවහාම මේ අහවල් එකයි කියලා කියන්න පුලුවන් හැකියාවක් ලාවට
තිබුනා.....ඉතින් සීයත් ලග ඉදන් කියනවා දැන් මේ මතුරන්නේ මේකයි, මේකයි
කියලා........ එක දෙයක් තියනේවා කියන්න , ඔය " නවනීල මන්තරය " ගැන. මේ
මන්තරයත් අනික් මන්තරය වගේම මේ නමින් ගොඩක් මන්තර තියෙනවා......සාමන්‍යයෙන්
කට්ටිය use කරන මන්තරයට වඩා කෙටි, ඒත් බොහෝම බල සම්පන්න නවනීල මන්තරයක්
තියෙනවා, අන්න ඒක තමයි අර සීයා එදා මතුරුවේ.......
"......... ඕං ත්රිනේරුම් නාග සෙයියාදුං පූර්ව නවනීල අවතාර
වාවා...............එන්ගිනි කල්ලු සුරලුම් පුරනාග කරුප්පුන් නවනීල අවතාර වා
වා-ගිනි ගිනි නාග සෙයියාදුම්.............."
මෙන්න
මේ නවනීල මන්තරයෙන් එක දිගට දුම්මල තටුවට අල්ල අල්ල අඩගහනවා ....... සියත්
තටුව ලගට වෙලා ඉන්නවා.. මත් එතනට ටිකක් ඈතට වෙන්න බිම තිබුන පැදුරට වෙලා
වාඩිවෙලා ඉන්නවා ........ (මේ කතාව පටන් ගද්දි ඇතිවුනු දෙබස් ඇති උනේ මේ
වෙලාවේ ) .........................සීයා තේ බීලා එවරවෙලා කිව්වා " පුතේ උඹ
දැන් කල්පනාවෙන් ඉදපන්, කවුරු ඇවිත් උඹට කතා කරනවා වගේ දැක්කත් උඹ ඒවා දිහා
බලන්න යන්න එපා, උඹ දැක්කේ නෑ වගේම ඉදපං, මගේ පිටිපස්සෙන්ම ඉදපං, තව පැය
දෙක තුනකින් මේ තොතලයට වතුර ටිකක් දලා කහ ටික්ක දලා, අර තියෙන පුවක් මල
දාලා මගේ අතටම දීපං......"........මෙහෙම කියලා සීයා අනික් සීයගේ ලගටම වෙලා
ඉන්නවා........මත් ඒ පිටිපස්සෙන්ම පැත්තකට වෙන්න ඉන්නවා...මෙහෙම ඉන්නකොට
නිකන්ම වටපිට බැලෙනවා, හිතට පුදුම බයක් එන්නේ....ඒත් කරන්න දෙයක් නෑ ඉන්නම
වෙනවනේ......මේවා අත්දැකීම, ඒවා විස්තර කරන්න අමාරුයි....අර සියා ඒක දිගටම
මතුරනවා, සියත් ලගට වෙලා ඉන්නවා, ඒ ඉන්නෙත් සැරින් සැරේ මං දිහා
බලාගෙන........ මේ වෙනකොටත් අර කිව්ව වෙලාවේ ඉදන් පැය 3 වඩා ගිහින්.....අර
සියා ටික ටික මතුරන උච්චාරනය වැඩි කලා.....
...................."....ඕං හුලල්ලා එන්ජාජා වා වා... ඒන් කුරු කුරු වා වා
ඉඩ හැරී වා වා -ජයසොහොන් දේවතාවා එන්ඩයි වරෙන් වරෙන්ඩයි මම දුන්න භොජන
ගන්ඩයි, කීලන්භූ කීලම්භූ දිෂ්ටි දිෂ්ටි වර වර ඒස්වහඃ
..........................................................ඕං නමෝ ඉන්ද කාම රාක්ෂ දේවතාවාගේ කෝවිලේ යෝදයෝ දහසක් දරන දොර ඊශ්වර දේවියෝ නිය අගින්...................අනූභාවයෙන් තිස් දහසක් පිරිවර ලත් සිද්ද මහසොහොන් දේවතාවාගේත් ................එලෙන්ද්රි ඕඩිවා ............"................
එක දිගට හඩ පාලනය කරගෙන අඩගහනවා....මට නිකන් පරිසරයේ වෙනසක් දැනෙන්න
ගත්තා.....සුලං වල පොඩි වෙනසක් වගේ ඒ එක්කම පරිසරයම එක පාරටම වගේ දැනෙන්න
ගත්තා....මම එක පාරටම සීයා දිහා බැලුවා...සීයා මං දිහා බලාගෙනමයි හිටියේ,
මට මූනෙන් කතා කලා ලගට....මම හීමීට පාත්වෙලාම ලගට ගියා....කනට හීමිට රහසින්
මතුර කොතලය ගැන මතක් කලා....මල කෙලියයි...ඒ වෙලාවේ තමයි ඒක මතක්
උනේ...මල්ල තිබුනේ ටිකක් ඈතට වෙන්න....මට ඒක ගන්න යන්න බය හිතුනා ඇත්තම
කිව්වොත්, මං සීයගේ මූන දිහා බැලුවා, පහන් එලියට මම දැක්ක විදිහට සීයා ,
අනික් සීයා දිහාමයි බලන් ඉන්නේ.......මට දැන් Bag ලගට යන්න බයයි.....එක
පාරටම අර අනික් සීයා අවේසයකින් මෙන් නැගිටිලා....ඔලුව ගස්සනවා දෙපැත්තටම,
අපේ සීයත් ඒ එක්කම නැගිට්ටා , මං දිහා බැලුවා........"..කෝ යකෝ
කොතලය........" එච්චරයි මගෙන් අහුවේ.........දැන් කරන්න දෙයක් නැහැ මගේ
හිතටත් පුදුම හයියක් අවේ... මම අඩියට දෙකට පැන්නා එක ලගට අත දාලා කොතයට
අරන් එකට වතුර පුරවලා කහ තිබුන කොලේ ඉරලා එකට දාලා පුවක් මලත් එක්ක සීයට
දුන්නා..... මං ඒ ටික ඒ වෙලාවේ කොහොම කලාද කියලා මට තාමත්
පුදුමයි.........සියා එක පාරටම කෙතලයට මතුරන්න ගත්තා..ඒ මතුරන අතරේ අර
අනෙක් සීයා ඔලුව ගස්සනවා නිකන් අරූඪ වෙලා වගේ..........සියා මතුරලා වතුර
ටිකක් අර සීයගේ ඇගට ඉස්සා......මෙන්න එක පාරටම අර සීයා හූවක් තිබ්බා.....ඒක
අහපු ගමන් මගේ ඇගම හිරි වැටිලා ගියා....මුලු ඇගම පන නැහැ මගේ.....මං එතනම
වාඩි වෙලා ඉන්නවා....සියා මොනවද මන්දා මතුරාලා පුවක් මලෙන් අනික් සියාගේ
ඔලුවට ගැහුවා.......ගහපු ගමන් අර සියා තටුවට පයින් ගැහුවා හූ
තියාගෙන....තටුව සී සී කඩ ඒකේ තිබිච්ච පහන්ත් බිම.......දැන් හද එළිය
විතරයි.......සීයා තවත් මොනවද මතුරලා මුවක් මලෙන් ගහපු ගමන් අර සීයා හූ
තියාගෙන බිම වැටුනා..........මේක දැකපු මගේ අදුම් ඔක්කොම තෙත්වෙලා දාඩියට,
කකුල් හිටන් පන නෑ.....දැන් සීයා මාව හොයනවා මං දැක්කා... පස්සේ බිම වැටිලා
තිබුන පහන් තිරේඅරන් පහනට දැම්මා...ඔන්න දැන්නම් ටිකක් එලියයි.......සීයා
අහුවා......".....පුතේ උඹ හොදින් නේද......??????......"...... කියලා. මට
කතා කරගන්න වත් පන නැහැ..එච්චරටම බය වෙලා....සියා අතට මොනවද මන්දා මතුරලා
මගේ ඔලුවට අත තියෙලා මතුරුවා.......දැන් නැගිටලා අනික් සීයා ලගට වෙලා ඉදපං
කියලා කිව්වා...මං දැන් අනික් සියා ලගට ගියා.....බිම වැටිලා ඉන්නවා...කටින්
සෙම වගේ අවිල්ලා තියෙනවා දැක්කා ලාවට වගේ....සියා අර මල්ලට අත දදා මොනවද
හොයනවා......මල්ල මං ඉන්න ලගට අරන් අවා...සීයා ටිකක් කලබල වෙලා ...... "
...... පුතේ උබට වෙනසක් නැහැ නේද...?? ......".......නිතරම අහන්නේ
ඒක.......මගේ හිතටත් මාර fit .....මොනවා උනත් මට කිසිම කරදරයක් වෙන්න ඉඩ
තියන්නේ නැති බව මම හොදටම දන්නවා.......මම කිව්වා මට අවුලක් නැහැ
කියලා.........පස්සේ මල්ලට අත දාලා ගිරයකුයි, දෙහිගෙඩි ටිකකුයි අතට අරන්
කිව්වා මේක ඔලුවේ තියලා වම අරුවෙන් කපන්න කියලා.... ( වම අරුව කියන්නේ
මන්තරයක්) ...... ඒ වෙලාවේ වමාරුව තියා ඉතිපිසෝ ගාතාව වත් මට මතක
නැහැ......මං මුකුත් කියන්නේ නැතුව ඉන්නකොට සීයා දැනගත්තා මං ඉන්න
තත්වේ.......සියා ගිරේට දෙහි ගෙඩිය තියලා ඔලුව මුදුනට තියලා මතුරන්න
ගත්තා......
.............".........ඕං හ්රීං
යම කුම්භ මරු පිල්ලූ අවතාර වරන් ගත් තනිපොළ අවමංගලේට දිෂ්ටි ලූ සිද්ධ මරු
කාම මරුලු යක්ෂයා ලොවුතුරා බුදුන් අණිං ගැල්ල බිල්ල වම
අරු......................ඕං හ්රීං යමදේව යමරාජ අනුභාවයෙන් අවමංගලේට
දිෂ්ටි ලූ සිද්ධ මරුකාම මරු රිරී යක්ෂයා ගැල්ල බිල්ල
වමාරු...............".......................
ඔහොම එක දිගට දෙහි ගෙඩි තුන කැපුවා.....ආපහු කොතලයට මතුරලා මූනට වතුර
ගැහුවා...පස්සේ හීමීට කම්බුල්වලට තට්ටු දාලා සිහිය ගත්තා...........ඒ සියා
අමාරුවෙන් නැගිට්ටා.........මම වතුර ටිකක් බොන්න දුන්නා........පස්සේ අපි ඒ
සියවත් අරං ඒ සීයගේ ගෙදර ගියා.....ගෙදර ගිහින් ඊට පස්සේ දවසේ දෙහි එහෙම
කපලා කරට නූලක් එහෙම දලා අපි ගෙදර අවා......අපි පයින් අවිදගෙන එන ගමන්
සීයගෙන් මම අහුවා මොකද උනේ කියලා.....( ඒ වෙලාව වෙනකල් මම මේ ගැන මුකුත්
අහුවේ නෑ )...... සීයා කිව්වා කොතනක හරි වැරදුනා කියලා......සියා මං ගැන
කල්පනාවෙන් ඉදලා තියෙන්නේ.......ඒ නිසා එතන විච්ච අඩුපාඩු ගැන අවදානය
තිබුන් නැහැල්ලු.......තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් අර සීයට ජීවිත කාලෙටම
සිහියක් නැතුවලු ඉන්න වෙන්නේ කිව්වා......
ඔන්න ඕකයි මගේ
සොහොනේ ලබපු පලවෙනි අත්දැකීම........මේ කතාවා කොටන්න දවස් තුනක් ගියා
මට.......ගොඩාක් තැන් මතක් කර කරයි කෙටුවේ.....බය වෙලා හිටපු නිසා සමහර
තැන් මතක නැහැ......................මතකේ
හැටියට තමයි කෙටුවේ......තව දෙයක්, මම සීයගෙන් අහුවා අර තොතෙලෙට එහෙම
මතුරුවේ මොන වගේ මන්ත්‍ර වලින්ද කියලා......මට දුන්න උත්තරේ
තමයි..................."...ඒවා මන්ත්‍ර නෙමයි, ඒවට කියන්නේ තන්ත්ර කියලා......................
බෝධි
පූජාව ඉවර වෙනවත් එක්කම ඇවිත් හිටපු සෙනඟ ටික දෙනෙක් ගෙවල්වලට ගියා. ඒත්
තිහ හතළිහක් විතර හිටියෙ අසපුවේ නොයෙක් පුද පූජා තියන්නයි. මටත් මගෙ
යාළුව සුනිල්ටත් බටගිනි තිබුණත් අසපුව ගැන හොඳින් දන්න දේවසිරි කියපු
කතාවෙන් අපි පමා වුණා. තව ටිකක් ඉන්ඩ පෙරේතයෙක් බලන්ඩ පුළුවනි.
"කෝ කොහෙද ඉන්නෙ"
" අර ඉන්නෙ. අර කණුව ළඟ බිම ඉඳගෙන"
අසපුවෙ බෝධිය ළග කණුවට හේත්තු වෙලා හිටියෙ නම් ලස්සන ගෑනු ළමයෙක්. හරිම සීදේවි, අහිංසක පාටයි.
කොහෙද පෙරේතයෙක් ඉන්නෙ?
ඔය අම්මත් එක්කම ඉන්න ගෑනු ළමය තමයි. තව ටිකක් ඉන්නකෝ දේවසිරි එහෙම කියන
කොට යන්ඩත් බෑ. ඉන්ඩත් බෑ. කමක් නෑ තව ටිකක් ඉන්න කියල මම සුනිල්ට කීව.
එක පැත්තක පුංචි චෛත්‍යයක්. තව පැත්තක පුංචි බෝධියක්. ඒක වටේට රන්වැටක්.
මිනිස්සුන්ට ඉන්ඩ පුංචි ශාලාවක්. මැද බුදු මැදුරක්. මිදුලෙ හැමතැනම මල්
වවල. බෞද්ධ කොඩි මේක පන්සලකුත් නෙවෙයි. මෙතන අධිපති " ගුරුතුමා"
ගිහියෙක්. ඒත් පන්සිල් රකින හොඳ උපාසක මහත්තයෙක්.
තවත් ටික
වෙලාවකින් මොනව හරි වෙන්න නැතෑ කියල මමත් සුනිලුත් දේවසිරිත් පැත්තකට වෙලා
හිටිය. ඒත් මට නං මේක ගැන එච්චර විශ්වාසයක් නෑ. පෙරේත, භූත, හොල්මන් කතා,
මලවිකාර. මේ සති අන්තෙ පත්තරෙත් ලොකු දොස්තර කෙනෙක් ලියල තිබුණ පෙරේත දෝස
කියන්නෙ මනෝ විකාරවලට කියලා. ඒ කියන්නේ ඉතිං බාගෙට පිස්සු කියන එකනේ.
එහෙම අයට බේත් කරන්න ඕනෑලු.
නවීන විද්‍යාව අදහන හැමෝම වගේ ඔය
භූතයෝ පෙරේතයො විතරක් නෙවෙයි ආයෙමත් මැරිල උපදිනව කියන එකත් විශ්වාස
කරන්නෙ නෑනේ. පුනරුප්පත්ති කතා බොරු. හොල්මන් කියල ජාතියක් නෑ. ඔක්කොම මේ
ආත්මෙ විතරයි. ඔය උගත්තු කියන්නෙ එහෙමයි.
ඒ වුණත් එහෙමම කියන්ඩත්
බෑ. හැම ආගමකම පරලොවක් ගැන කියනවා. භූතයො ගැන කියනවා. බුදුහාමුදුරුවොත්
ප්‍රේත ලෝකය ගැන දේශනා කරල තියනවනේ. හය හතර දන්නෙ නැති එවුන් කියන දේවල්
කියලයි මට හිතුනෙ" හය හතර කියන්නේ දිව්‍ය ලෝක හයටයි හතර අපායටයි නේ. එතකොට
මේ ලෝකෙ විතරක් යෑ. ඔහොම හිත හිතා ඉන්න කොට ගුරුතුමා කතා කළා.
හා
ඔය දරුවත් එක්ක ඔය කට්ටිය මෙතෙන්ඩ එන්නකො. එතකොට අර ගෑනු ළමයයි අම්මයි
අතින් හත් අට දෙනයි ගුරුතුමා ළගින් වාඩි වුණා. ගුරුතුමා හිටියෙ පුංචි
දේවකුටියක් ළඟ එතුමා ඒ දේවකුටියට පහන් මල් තියල වැඳල බිම වැඩිවුණා.
ගුරුතුමා වෙන සාස්තරකාරයෝ වගේ ආරූඪ වුණේ නෑ. යාතිකා කළෙත් නෑ. ඒත් හෙමිහිට
මොනවදෝ කීව.
"එහෙමයි අප්පච්චි එහෙමයි අප්පච්චි කියනව නං ඇහුන. මට
තේරුණේ මල්පැල ඇතුලෙ ඉන්න කෙනෙකුට කතා කරනව කියලයි. හැබැයි එතකොටම අර
ලස්සන ගෑනු ළමය ඔළුව කරකවන්න ගත්තා. හරියට ආවේෂ වුණා වගේ. එතකොට ගුරුතුමා
එයාගෙ කෙස් ටිකකින් අල්ල ගත්තා.
මට නං මොනවත් තේරෙන්නෙ නෑ.
හැබැයි එතන ඉඳල සිද්දවෙච්ච දේවල්, කතා හරිම පුqදුමයි. මම එහෙමම ලියන්නං
ඉතිං උඹ කවුද කියපං - ගුරුතුමා අහනව
නෑ මම - මමද?
ඔව් කියපං කියපං මේ සරීරෙට වැහිල මේ කරදරකරන්නෙ කව්ද?
මම මම තමා කුමුදුනී
එහෙම කියන කොට අර අම්ම කියනව එයා තමා මගේ මැරුණ දුව කියල. මෙයාගෙ අක්ක.
- හා කුමුදුනි කියපං උඹට මොනවද ඕන?
මට බඩගිනියි. බඩගිනියි කියල කෑ ගැහැව්වා
හරි මොනවද කන්ඩ ඕන
පලතුරු පලතුරු දෙන්ඩ.....
එහෙම කියල ඇය විලාප තියන්ඩ ගත්ත.
එතකොට පලතුරු ජාති කෑලි කෑලිවලට කපපු ලොකු ප්ලාස්ටික් බේසමක් අරං ආපු
කෙනෙක් ඒක කුමුදුනී ළඟ තිබ්බා. මට නම් පුදුමයි. ඒක කන විදිය දැක්කම කටෙන්
විතරක් නෙවේ. නහයෙත්, මූණෙත් ගෑවෙනව හරිම බඩජාරි විදිහට, කවදාවත් කෑම
දැකල නැති විදිහට වගේ, කාගෙන කාගෙන යනවා. ඒකටම වතුර ජෝගුවකුත් දැම්මා. ඒ
ගමන අලිපේර එහෙම ලෙලි පිටිං කන ගමන් දෝතින් අරං වතුරත් බීවා. මූණෙත්
ගාගත්තා. අපි නම් පස්දෙනෙකුටවත් එච්චර කන්න බෑ. ඇත්තටම පෙරේතියක් කියල මට
හිතුන.
මේ අර කණුවට හේත්තු වෙලා හිටපු ලස්සන ගෑනු ළමයද කියලත් මට හිතුනා. හැමෝම සද්ද නැතුව බලා ඉන්නවා. ආයෙමත් ගුරුතුමා.
හා - දැං බඩ පිරුණද?
ඔව් අවුරුදු අටකින් කෑවෙ
අවුරුදු අටක්ම කෑම නැද්ද?
නෑ කවුරුවත් දුන්නෙ නෑ
හරි දැං කියපං උඹට මොකද වුණේ
මං මං අර ඇට කෑවනේ
මොන ඇටද?
අර අර කනේරු ඇට
කනේරු ඇට? ඒ මොකටද?
මට එයා එපා වුණා.
එයා කියන්නෙ කව්ද?
එයා එයා කියන්නෙ මගෙ මහත්තය
ඉතිං හා කනේරු ඇට කාල මොකද වුණේ
මම කෑවට පස්සෙ සීනිදාල කුරුම්බ වතුර දුන්නනේ එයා
ඉතිං ඉතිං
මම දන්නෙ නැතුව ඒක බීව. මට වමනෙ ගියා. මම ජනේලෙට වමනෙ කෙරුවා. එතකොට එයා හිනාවෙවි බලා හිටියා.
ඊට පස්සේ
ඊට පස්සෙ මාව බයිසිකලේ තියාගෙන ඉස්පිරිතාලෙ ගියා.
ආ..... ඉතිං ඉතිං
ඉතිං ඉස්පිරිතාලෙ යන කොට වෙලේ, නංගි බලාගෙන හිටියා. මම නංගීට කීව සනීප නෑ බේත් අරං එන්නට කියලා."
(කුමුදුනී ලෙස කතා කරන්නේ මෙම නංගී බව පසුව අපි දැනගත්තා)
ආයෙත් ගුරුතුමා ප්‍රශ්න කරනවා.
ඇයි උඹට කනේරු ඇට කන්න තරං මහත්තය එපා වුණේ.
එපා වුණේ එයා කාමිනිත් එක්ක. කාමිනිත් එක්ක.....
ඔව් කාමිනිත් එක්ක කියපං
කාමිනිත් එක්ක ඉන්නවා මගෙ අතටම අහුවුණා. අපේ ගෙදරදීම ඉතිං....
ඉතිං මට ජීවිතේ එපා වුණා. ඉස්පිරිතාලෙ ගෙනිච්චට මම ආපහු ආවෙ නෑ. ආපහු ආවෙ නෑ
හරි ඉතිං උඹ මහත්තයට මොකද කළේ?
මේ ප්‍රශ්න අහනකොට කුමුදුනී වියරුවෙන් මෙන් කතා කළාය.
" ඌ....... ඌ. හිටියෙ යුද්දෙට ගිහින් නේ. දවසක් ඌ තව කට්ටිය එක්ක
කැලෑවක හිටිය. එතකොට ඇස් කළුපාටට බැඳගෙන බිමදිගේ මෙහෙම මෙහෙම (බිම දිගේ
බඩගාගෙන එන හැටි පෙන්වා) තවත් එවුන් කට්ටියක් ආවා.
ඉතිං
මම උන් එකෙකුට ආවේස වුණා. ආවේස වෙලා සද්ද නැතුවම බෙල්ල " චිරිස්" ගාල
කැපුව ඌ ගෙදර ගෙනාවෙ කුණුවෙලා පෙට්ටියට ඇණ ගහල දවස් ගානකට පස්සෙ.
සුනිල්, දේවසිරි මේ වෙලාවෙ මා දිහා පුදුමෙන් වගේ බැලුව. අපට තේරුණ
කුමුදුනීගෙ මහත්තය යුද්දෙදී ත්‍රස්තයෙක් අතින් මැරුම්කාපු බව ඒත් මේ කතාව
මරණයේ ඇතුල් පැත්ත වගේ ගුරුතුමා ආයෙත් අහනව.
ඉතිං උඹ ඒ කාමිනීට මොකද කළේ?
ඒකිට...... (හිනාවෙමින්) ඒ පැත්තෙ කුෂ්ටයක් ගැහුවා
දැං වනවෙලා. කවදාවත් සනීප වෙන්නෙ නෑ.
ගුරුතුමා ආයෙත් අමුතුම ප්‍රශ්නයක් අහනවා. හරි ඉතිං උඹට මෙහෙම කනේරු ඇට කණ්ඩත් පවක් තියෙන්ඩ ඇතිනේ. උඹ මොකද්ද කරපු පව?
මමත් ඒ වාගෙ වැඩක් කෙරුව
මොකද්ද?
ගෑනි කුඹුරට ගියාම
ඔව් කියපං කියපං
ගෑනි කුඹුරට ගියාම මම එයාගෙ ගෙදරට යනවා.
ගෑනි කුඹුරෙ උඹ මිනිහත් එක්ක ගෙදර?
ඔව්.
මේ වෙලාවෙ හිටි හැටියෙම ගුරුතුමා මල්පැලේ ඉන්න කෙනා එක්ක මොකද්දෝ කතා කළා. එහෙමයි අප්පච්චි කීව
" හරි උඹ මේ වස කාල මැරුණෙ කීවෙනි ආත්මෙද?
පහ- පහ පස්වෙනි ආත්මෙ තව තුනක් තියනවා
ගුරුතුමා අන්තිමට සෙත් සාන්තියක් කළා. කුමුදුනී එයාගේ අම්මට වැඳල මම යනව
කීව. අන්තිමට කුමුදුනි ගියා. අර මුලින්ම හිටපු ලස්සන ගෑනු ළමය ආයෙත්
ඉන්නවා. ඇයට මොකවත් මතක නෑ. අපි පස්සෙ දැනගත්තෙ මේ ළමයගෙ නම ශ්‍රියාණි.
මැරිච්ච කුමුදුනි එයාගෙ අක්ක. එයා බැඳල හිටියෙ අර තුන්වෙනි සිල්පදය කඩපු
මියගිය කෙනෙයි. තුන්වෙනි සිල්පදය කඩපු කුමුදුනී ප්‍රේතියක් වුණා. දිවි
හානි කරගත්ත. සැමියා ඝාතනය වුණා. කාමිනීට නරක රෝගයක්. කියන්නෙ සමාජ
රෝගයක්. කාමිනී කියන්නේ ශ්‍රියාණිගෙ හොඳම යාළුවලු. ප්‍රේත දෝෂය ඉවත් වුණා.
ඒත් තවත් ආත්ම තුනක් ඇයට දිවි හානි කරගන්න නියම වෙලා. කර්ම විපාක.
මහත්තය අපි දවස තිස්සෙම කොච්චර දේවල් එකතු කරගන්න මහන්සි වෙනවද? ඒත්
අත්හරින්නේ නෑනේ. ඉතිං හුඟ දෙනෙක් මැරිල උපදින්නෙ අර අල්ලගන්න තැන්වලට
ප්‍රේත ආත්මවල අපි කව්රුවත් මේ තත්ත්වය නැති කරගෙන නැහැ නේද? අන්තිමට
ගුරුතුමා දුන්න අවවාදය ඒකයි.
බුදු අම්මෝ වැරදි කාමයක විපාක - ඕව බොරු කතා කියල මං නම් ආය කවදාවත් කියන්නෙ නෑ.
දාඩිය දමා තැති ගන්නා ස්වරුපයකින් දමිත් බලා සිටින්නේ ඔහුගේ රයිපලය දෙසයි, එසේ සිටින ඔහු දෙසට පැමිනෙන්නේ ඔහුගේ බිරිදයි, වෙන්නට යන කිසිම දෙයක් නොදත් ඇය දමිත් දෙස වික්ශිප්තව බලා සිටියි
මට සමාවෙන්න අන්ජුලා, මට තවත් මුන් දෙන්නා එක්ක ජීවත් වෙන්න බැහැ
රයිපලයෙන් නිකුත්වු වෙඩි සද්දයෙන් පලාතම දෙවනත් වී ගියේය, දමිත් ගේ මරනය සියදිවි නසා ගැනිමක් ලෙස සටහන් උනි, සාක්ශි සැපයුයේ ඔහුගේ බිරිදයි
අපි ඔහුට ජීවන් කියමු, හැඩි දැඩි මේ තරුනයා ශ්‍රි ලන්කා යුද හමුදාවට බැදී වසර කිහිපයකට පසු යාපනය වෙත මාරුවක් ඔහුට ලැබිනි, යාපනය වෙත සේවයේ ගිය පසු ඔහුට නිතරම ලැබුන රාජකාරිය වූ යේ දහවල මුර සන්චාරයයි
දිනක් දහවල සේවා කරන අතරතුර මොහුට දැක ගන්නට ලැබුනේ ඉතාමත් අහින්සක සුන්දර දෙමල යුවතියකි, ඇය නමින් පාර්වතී යැයි හදුන්වමු, නමුත් රාජකාරි කරන අතරතුර දෙමල යුවතියක් සමග කතා කිරිම එතරම් සුදුසු නොවන බව ජීවන් ට දැනිනි
එදා යින් පසු සෑම දිනකම පාහේ ජීවන් ගේ ඇස් වලට දෙමල යුවතිය මුන ගැසිනි, දෙමල යුවතියද නිතරම පාහේ තමන් දෙස බලන කඩවසම් තරුනයා දෙස සිනාවකින් සන්ග්‍රහ කරන්න අමතක නොකලාය.
දිනෙන් දින ඇස් වලින් පටන් ගත් ප්‍රේමය දුරදිග ගොස් කදවුරේ ප්‍රදානින් හට පවා ආරන්චි විය, එහෙත් එක පුද්ගලයෙක් හැර කිසිවෙක් මේ පිලිබද උනන්දුවක් නොදක් වීය,
ඒ එක පුද්ගලයා මා කලින් සදහන් කල දමිත් ය, දමිත් ට මේ පිලිබදව දරුනු කොපයක් උවත් කරගත හැකි කිසිවක් නොවිය
නමුත් දමිත් හට පොට පෑදුනේ පාර්වතිගේ සොහොයුරා ත්‍රස්තවාදින්ට සම්බන්ද බව දැන ගත් පසුවය, ජීවන් ගේ ප්‍රෙමයට අකුල් හෙලිමට පොටක් පාදා ගත් දමිත් සොහොයුරාව අත් අඩන්ගුවට ගැනිමට පිටත් කර හරින්නේ ජීවන් ය.
පාර්වතිගේ සොහොයුරා අත් අඩන්ගුවට ගැනීමට ජීවන් ගියද ඔහුව නිවසේ සොයා ගැනීමට නොහැකි වෙයි, නමුත් අන අනුව ජීවන් ට සිදු වෙන්නේ පාර්වතිගේ දෙමව් පියන් අත් අඩන්ගුවට ගැනිමටය.
පාර්වතී මල්ලිට කියන්න ඉක්ම්නට කදවුරට ඇවිත් බාර වෙන්න කියලා, එතකොට අම්මට, තාත්තට නිදහස් වෙලා ගෙදර එන්න පුලුවන්.
ඉකි ගහ ගහ අඩන පාර්වති සනසන්න ජීවන් එසේ කියා පාර්වතී ගේ දෙමව්පියන් සමග කදවුරට පිටවුනි.
එදා සිට පාර්වති පෙනෙන්නට නොවිය, ජීවන් හට ද තමන් බොහො සේ පෙම් කල යුවතිය තමන්ගෙන් දුරස් වෙවි යන බය විය
මම මේ දේවල් කොහොම හරි විසදනවා, ඔහු තමාටම කියා ගත්තේය
දින 3 කට පසුව ආරන්චි වු යේ පාර්වතිගේ මල්ලි හමුදාවට බාර වු බවයි, ජීවන් ද ඔහු බැලිමට ගියාය, නමුත් අදුරා ගැනිමට අපහසු වන අන්දමටම ගුටිකා ඔහුගේ මුහුන දෙවනත් වී තිබින, ඔහු ජීවන් අත ලිපියක් තැබිය
පාර්වතිගේ මව පියා හට නිදහස ලැබිණි,
ලිපියත් රැගෙන කුඩාරම දෙසට ජීවන් ගියාය. කුඩාරමේ බුරු ඇදට බරවී ලිපිය දිග හරින්නට විය, තව සුලු වේලාවකින් පාර්වතිගේ මලයා මිය යන බවත් , මල කුන අසල ඇති කැලැවක මිහිදන් වන බවත් ජීවන් දන්නේ බොහොමයක් තස්තවාදින්ට උන ඉරනම දන්න නිසාය
මගේම ජීවන් අයියේ
මට සමා වෙන්න අයියේ මේ වගේ තීරණයක් ගත්තට, මල්ලි ගෙදර එවි කියලා හිතන්න බැරි නිසා මම මේ තිරනේ ගත්තේ, මල්ලියි මායි නිවුන්නු, ඒක නිසා මම තීරණය කරා මල්ලි වෙනුවට ඇවිත් අම්මා අප්පොච්චා බේර ගන්න.
දිගු කොන්ඩය කොටට කපා දමා පියයුරු තද වෙන්න වෙලුම් බැද මලයන්ඩි වෙනුවට පැමින සිටින්නේ පාර්වති යි,
ජීවන් අනිත් පැත්තට සිර කුටිය දෙස දුවන්න ගත්තේ විදුලි වෙගයකිනි, නමුත් ඔහු ප්‍රමා වැඩිය, අන් සෑම ත්රස්තවදියෙක්ට අත් වෙන ඉරනම පාර්වතිටත් අත් වි තිබිනි
සිතේ ඇතිවු කම්පනය දරා ගන්න බැරි වු තැන ජීවන් සිය දිවි හානි කරගත්තේය, නමුත් කලකට පසුව බොහො දෙනෙක්ට රාත්‍රි කාලයේ දැක ගන්නට හම්බු වුයේ ජීවන්, සහ පාර්වතී එකට සිටින ඔවුන්ගේ අවතාර යයි
පාර්වතිගේ මරනයට සම්බන්ද සියලුම දෙනා සියදිවි හො අභිරහස් ලෙස මරනයට පත්විනි, කෙනෙක් කොතරම් හිත හදා ගන්න හැදුවත් ඔහු සිය දිවි හානි කරගන්න තෙක් ජීවන් පාර්වති ක්‍රියත්මක විය
අවසානයේ දමිත් පවා රාජ කාරියෙන් සමුගෙන නිවෙස් බලා යන්නේ මේ කරදරයෙන් මිදෙන්නට ය, නමුත් ඔහුටද බේරෙන්නට නොහැකි වු තැන අවසානයේ සිදු වන්නේ බිරිද ඉදිරියේම සිය දිවි නසා ගැනිමටයි
අදටත් යාපනයේ ජීවන් පාර්වති අවතාරය සැරි සරන බවට ඇස් දෙකෙන් දැකපු බොහො දෙනා සාක්කි සපයයි.
ගෙවල් ගාව ඉන්නවා ත්‍රී වීල් හයර් කරන අයියා කෙනෙක්..
මෙයයි මෙයාගේ පවුලේ යයි කතරගම ගිහින් තියෙනවා එක ලග නිවාඩු තිබුන සති
අන්තෙක.. දවස් තුනේ නිවාඩු වලට කතරගම සෙනග ගැන අහන්න දෙයක් නැහැනේ... රැට
නවතින්න හිතාගෙන හිටපු තැනට මෙයාල යනකොට එතන කාමර සේරම ෆුල් ලු.. කලින්
වෙන් කරලත් නෙවෙයි ගිහිල්ල තියෙන්නේ... පස්සේ අමාරුවෙන් සෙල්ල කතරගම පාරේ
තට්ටු දෙකේ නවාතැනක් හොයාගන්න මෙයාලට පුලුඅවන් වෙලා.. නවාතැනට අල්ලපු වත්තේ
තමයි නවාතැන බාර උන්නේ ගැහැණු කෙනා ඉදල තියෙන්නේ... අල්ලපු වත්තේ කිව්වට
මේ කොලබ වගේ නෙවෙයි.. කතරගම පැත්තේ මිනිස්න්ගේ වතු ගොඩක් ලොකුයි... සමහර
වෙලාවට එහා මායිම පේන්නෙත් නැති තරම්...
ඔන්න ඉතින් මෙයාල ගිය දවසේ දේවාලේ එහෙම ගිහින් ඇවිත් රැට කෑමත් මගින්ම අරගෙන 8 ට විතර ඇවිත් තියෙනවා කලින් කිව්ව නවාතැනට..
මෙයාලට දීල තියෙන්නේ උඩ තට්ටුව විතරයි... කාමර තුනකින් සහ එක නාන කාමරයකින්
සමන්විත උඩු මහලේ මෙයාල කාමර තුන බෙදාගෙන නිදාගන්න ලෑස්තිවෙලා තියෙනවා..
මුල්ම වෙනස විදිහට මෙයාලට දැනිල තියෙන්නේ කාමර වල දාල තියෙන දොරරෙදී ඉබේ
ඇරෙන එක ලු..
දන්නාය දන්නවා ගෙදරක කාමරවල දාල තියෙන දොරරෙදී ඇරෙන්නේ නිතර කාමරේට කව්රුහරි එන , යන කොට,,, ඉතින් කව්රුත් මේක ගණන් අරන් නැහැ..
පස්සේ හොදම සීන් එක වෙලා තියෙන්නේ රෑ කවුද කෙල්ලෙක් හිනා වෙන සද්දයක් ඇහිලා තියෙනවා...
හැමෝටම ඇහිලා කව්රුත් ඇහැරිලා නෑ.. හැමෝටම ඇහැරිලා කව්රුත් නැගිටලා බලල
නෑ.. පස්සේ දෙතුන් ගමනක් ඔය හිනා සද්දේ ගෙදර දෙතුන් තැනකින් ඇහෙනකොට මම
කලින් කිව්වා ත්‍රී වීල් පදින අයිය එයා ඉන්න කාමරෙන් එලියට ඇවිත් බලල
තියෙනවා මොකක්ද මේ සද්දේ කියල.. පහල තට්ටුවට බහින පඩි පෙළ ගාවදි මේ අයියව
කවුදෝ තල්ලු කරලා තියෙනව.. හෙමින් නෙවෙයි අත් දෙකකින් වැරෙන් තමයි මෙයාව
තල්ලු කරලා තියෙන්නේ .. පුංචි පුංචි සීරීම් තුවාල එක්ක මෙයා නැවතිලා
තියෙන්නේ පඩි පෙළ පාමුල... ඊට පස්සෙත් අර හිනා සද්දේ මෙයා ලගින්ම ඇහිලා
තියෙනවා..
මෙතන මෙය වෙනුවට මෙයා ගේ පොඩි බබා එහෙම උන්නනම් වෙන විනාසේ හිතාගන්න පුළුවන් නේ.
පස්සේ මෙයා ලයිට් එහෙම දාලා ඔක්කොම අයව ආහැරවල තියෙනවා..
එවෙලම අර ගෙදර බාර ගැහැණු කෙනත් ඇවිත්... එයා නම් කිසි දෙයක් පිලි අරන් නැහැ...
පස්සේ එලි වෙනකම් අහරන් ඉදල උදේම වෙන තැනක් හොයාගෙන..
ඒ අවට ඉන්න ත්‍රී වීල් රියදුරෙක් තමයි ඇත්ත විස්තරේ කියල තියෙන්නේ...
කලින් නැවතිලා ඉන්න ගෙදර, තාත්තා කෙනෙක් තමන්ගේ ආදරණිය දුවට හදපු ලස්සන
තෑග්ගක්,,, ඉතින් මේ ගේ හදල එහෙම තිබිල තියෙන්නේ දුවව විවාහ වෙලා වෙලා යන
දවසක් දුවට දෙන්න.. ඉතින් දුව විවාහ වෙන වයසට ආවම මෙයා යාළුවෙලා තියෙන
කොල්ලට ගෙදරින් කැමති වෙලා නෑ..
කිව්වට අහන්නේ නැති නිසා තාත්තා තමන්ගේ බල පුළුවන් කාර කම් වලින් මේ පවුල කතරගම ටවුන් එකෙන් එලවල තියෙනවා...
දුව කිසිදෙයක් කරලා නැතුව ගොඩක් දුකෙන් ඒ වගේම තාත්ත එක්ක ගොඩක් කේන්තියෙන් ඉදල තියෙන්නේ....
ඒක තාත්තත් දැනගෙන තමයි ඉදල තියෙන්නේ... දවසක් මහා රැක මේ ගැහැණු ළමය අගට ගිනි තියාගෙන...
නමුත් ගිනි ගන්න කොට දැනෙන වේදනාව නිසා මෙයා ඇග ගිනි ගමන් වේදනාවෙන් දුවගෙන
ගෙදරින් එලියට ඇවිත් දොර ඉස්සරහ තියෙන පෝටිකෝව යට තමයි වැටිලා තියෙන්නේ..
අදුර ගන්න බැරි තරමට ම විරූපී උන මේ ගැහැණු දරුවාගේ මල සිරුර ගෙදරට ගෙනත්
තියෙන්නෙත් පෙට්ටිය සීල් කරලා....
අවමගුල් කටයුතු ඉතාමත් ඉහලින් කරලා ඉවර වෙලා ,, මරණින් පස්සේ 7 වෙනි දවසේ
ගැහැණු ළමයාගේ තාත්ත ඉතාමත් අවාසනාවන්ත විදිහට මිය යනවා පඩි පෙලෙන්
වැටිලා...
ඊට දවස් දෙකකට පස්සේ අම්වත් ඒ විදිහටම පඩි පෙලෙන් වැටෙනවා... කකුල කැඩිලා යන්තම් ඒ මනුස්සය මැරෙන්නේ නැතුව බේරෙනවා...
ඒ වැටුණු අම්ම තමයි අර එහා පැත්තේ ගෙදර හිටිය නවාතැන කුලියට දුන්නු ගැහැණු කෙනා....
ඔය හොල්මන් නවාතැන තාමත් තියෙනවා... කිව්වා සලකුණු එක්ක මම එඅක හොයා ගත්ත. සෙල්ල පාරේ තියෙන ලස්සන ගෙයක්,,,
තාමත් ඒ ගේ ඉස්සරහා බෝඩ් එක ගහල තියෙනවා....
"නවාතැන් පහසුකම් ඇත."
කතාව 100% ඇත්ත.....
කාසි බුතයා කරලා කාපු පරිප්පුවට පස්සෙ හිතගෙන හිටියෙ ආයි කවදවත් ඔය වගෙ වැඩ
කරන්නෙ නැහ කියල, එත් මාස 2ක් වත් ගියෙ නැහැ රිටිගල ආර්න්යයෙ ඉදල ආපු බුවා
සෙට් උනාට පස්සෙ ආයිත් අතගැහුව ගන්දබ්බයො අල්ලන වැඩකට, එකටත් පස්සෙ අපිට
ඔන උනෙ බුතයෙක් අල්ල ගන්න, මොකද ගන්දබ්බයො කියන්නෙ කිසිම බලයක් නැති
කොට්ටාසයක්. එත් බුතයො කියන්නෙ වැඩක් කරගන්න පුලුවන් ජාතියෙ කොටසක්,
බුතාත්ම ගොඩක්ම ගවසෙන්නෙ සොහොන් පිට්ටනි වල, එකට හෙතුව තමයි කෙනෙක් මැරුන
දවස ඉදලම ඒ මනුස්සයගෙ ප්රෙතාත්මය ජීවිතෙට තියෙන අසාවෙන් නැවත මල සිරුර
තුලට රින්ගා එය පන ගන්වන්න උත්සාහ කිරිම. එවිට ප්රෙතාත්මය තෙරුම් ගන්නෙ
නැහැ එය කල නොහක්කක් කියල, මිනිය සොහොනට ගෙනියනකන්ම ඒ බව තෙරුම් ගන්නෙ නැහැ
ප්රෙතාත්මය, සොහොනෙ මිනිය වැල්ලුවට පස්සෙත් ගන්දබ්බ අවදිය වෙනකන්ම නැවත
මිනිය තුලට රින්ගාගෙන පරන ජීවිතයම පටන් ගන්න උත්සාහ කිරිමක් කරනවා.
බුත අවදිය පින් පව් තන්හව වගෙ දෙවල් මත කාලය තිරනය වෙනවා, ගොඩක්ම මිල මුදල්
තමන්ගෙ නෑදැයින් පිලිබදව අසාවෙන් හිටි පුද්ගලයන් බොහො කල් බුතයන් වී සිටිය
හැකියි.
බුතයෙක් ගන්දබ්බයෙක් වීමට ගතවන කාලය තප්පරයක් වෙන්නත් පුලුවන්, අවුරුදු
1000ක් වෙන්නත් පුලුවන්, සමහර විට හැමදාම බුතයෙක් වී සිටින්නත්
පුලුවන්.(නිදන් වලට ආසවෙන් එවාවල ඉන්න බුතයන්)
බුතයෙක් අල්ලා ගැනිම සදහා එක ක්‍රමයක් කියලා නැහැ, ඒ ඒ බුතයන්ගෙ රුචිකත්වය මත අපි අනුගමනය කරන්න ඔනි ක්‍රමය වෙනස් වෙනව,
අපි මේ පාර අනුගමනය කරෙ ආහාර පාන යොදාගෙන ඒ සදහා රුචිකත්වයක් දක්වන බුතයෙක්
අපි ලගට ගැනිම.ඒ සදහා විස්ශෙසයෙන් ආහාර සකස් කරන්න ඔනි, තෙල් බැදුම්
පුලුටු , විසෙසයෙන් උරු මස් තෙල් දාලා වගෙ ආහාර වලට බුතයන් ආකර්ශනය කරන්න
ගොඩක් ලෙසියි.
අපෙ කතා නායකය ට අවස්ය විදියට ඔක්කොම බඩු ලැස්ති කරා
පල්ලෙහ තියෙන්නෙ ඒ ලිස්ට් එක,
1: බැදපු උරු මස් කිලො 1
2: ගල් බොතල් 1 (මුරකාරයට)
3. ගොල්ඩ් ලීෆ් පැකෙට් 1 ( මුරකාරයට)
4. කට්ට කුමන්ජල්
5. රතු මල් වට්ටියක්
6. ගොක් කොල අට්ටාලයක්
බැස්ස කට්ටියම බඩු ටිකත් අරගෙන රවතාවත්තෙ කනත්තට, දැන් අපෙ එකම අරමුන
බුතයෙක් සමග සන්නිවෙදනය කිරිම, එච්චරඉ, බුතයෙක් ලවා වැඩ ගැනිම වගෙ දෙයක්
අපිට අවස්ය නැති නිසා අපි ඒ අදහස අත ඇරිය.
පලවෙනි දවස,...
රැ 11.30 ට විතර අපි අපෙ ගොක් කොල අට්ටාලෙ රාවතාවත්තෙ කනත්තෙ අරලිය ගහ ලග
තියලා බැදපු උරු මස් එකෙ තියලා කට්ට කුමන්ජල් අට්ටාලෙ යටින් පත්තු කරලා
සැරසුනා වැඩෙට, මේ වැඩෙ රාවතාවත්ත කනත්තෙ කරනවා කියන්නෙ අවදානම් වැඩක් මොකද
පොලිසියෙන් නිතරම සොදිසියෙන් ඉන්නෙ කනත්තෙ ගන්ජා ගහන නිසා කොල්ලො
මේ වැඩෙ කරද්දි ඒ සදහා ම පාවිච්චි කරන මන්තර වගයක් තියෙනවා, අතිතයෙ රජ
ගොල්ලො පාවිච්චි කරපු ඒ අයගෙන් පැවත එන, එවා දන්නෙ අපෙ කතා නායකය විතරයි,
කොහොම හරි ගොක් කොල තට්ටුව හරි ගස්සල දොල පිදෙනි තියල පටන් ගත්ත මතුරන්න,
පොර මතුරනවා, වටෙ පිටෙම සද්ද මොහොතකට නතර වෙලා අපි වෙනමම ලොකයක් කරා මනසින්
අදෙනවා, ඒ මැතිරිල්ල විනඩි 20ක් විතර ගියතැන පොර මතිරිල්ල මදකට නතර කරා,
ඉට පස්සෙ අපිට කිව්වා බුතාත්ම ගොඩක් අපි දිහා දැන් බලන් ඉන්නෙ අපි දැන් කාව හරි කෙනෙක් එක්ක කුලුපග වෙන්න ඔනි කියලා,
එදා දවසෙම බුතාත්ම අපි දිහා බලන් හිටිය විතරයි, එත් අපි දැනන් හිටිය මේ
වැඩෙට දින කීපයක් යන බව, ඊලග දවසට ඉතුරු ටික තියල අපි ගෙවල් වලට ආව.
වැඩෙ අත්කරගත් සර්තකත්වය ගැන කට්ටිය සතුටින් හිටියෙ, මොකද අපි හිතුවට වඩා ඉක්මනට වැඩෙ සාර්තක වන ලකුනු පෙන්න තිබ්බ,
අම්බො ඉතුරු ටික හෙට දාන්නම් පතිචාර බලලා, උබලට මෙව දිරවනවද දන්නෙ නැහැ නෙ..
දවස් කිපයක් ම අපි ඔය විදිහට කරා අපෙ කතානයකය දැන් මහා පිම්මක් පනින්න
යන්නෙ, ඒ කියන්නෙ මතුරන හම වෙලවකදිම අපි දිහා පෙරේත කමේ බලන් ඉන්න එක
භුතයෙක් තොරාගෙන එයාට අරාධනවක් කරන එක.
දවස් කීපයක් පිලිටු පිදෙනි එක්ක මතුරල බුතයො ගොඩක් අපි වටෙ වට වෙල හිටියෙ, ඔන්න අද අපි යන්නෙ එයින් එක්කෙනෙක් තොරගෙන ආරදනාවක් කරන්න.
ආරදනව කරාම බුතයා අපිට කැමති වෙනවා නම් එය දැන ගන්න දෙවල් ඔනි, ඒකට පාවිච්චි කරන්නෙ වතුර පුරොපු විදුරුවක්
ඔන්න අපි බුතයෙක්ට අඩ ගහුවා, වතුර පුරොපු විදුරුව වතුර උතුරල යනව කියන්නෙ බුතයා අපි කියන දේ ඇහුව කියන එක,
එක අඩගැසිමකින් පස්සෙ වතුර පිරුන විදුරුව උතුරල ගියා, මෙහෙම කියනවට වඩා ඒක
බලන් ඉනන කොට තමයි තේරෙන්නෙ, ඇගේ මවිල් කෙලින් වෙනවා මතක් වෙදිදිත්.
ඊලග ට අපේ බුවා කිව්වා තියලා තියෙන පිලි ආහරයට ගන්න කියලා, ටික වෙලාවක් යද්දි උරු මස් ටික පරන පුස් කාපු ගද ගහන ජරා වක් බවට පත් උනා
ඊලගට පොර ඇහුවෙ දැන් මෙයාව ගෙදර ගෙනියමුද කියලා, හැමොම විරුද්ද උනා වැඩේට මොකද කට්ටිය ඇති වෙන්න බය වෙලා හිටියෙ.
අපි ගෙවල් බලා ආව ආයිත් පාරක් ඇස් දෙකටම දැකලා ඔප්පු උනා බුතයො කියලා කට්ටියක් ඉන්නවා කියලා
හැමොම විස්වාස කරන්න අකමැති දෙයක් බුතයො කියන්නෙ, මම කැමති ආස අය ඉන්නවනම් වැඩෙට සෙට් කරගෙන ආයිත් කරන්න
මොකද කට්ටිය කියන්නෙ ??????????
මල්
ශාලාවට එදා සරු දවසකි. සුනිල් මිනී දෙකක් කපා කොටා එම්බාම් කර පැත්තක දමා
සිගරට්ටුවක් දල්වාගෙන තොල් මත රඳවා ගත්තේ තවත් එකක් බලාපොරොත්තුවනි. ඒ ළිඳේ
වැටී හුස්ම හිරවීමෙන් මියගිය වයස අවුරුදු විසි දෙකක තරම් යුවතියකගේ
වැඩකොටසක් තම අතින්ම සිදුවන්නට තිබීම නිසාය. මරණ පරීක්ෂණයෙන් පසු එම
යුවතියගේ දේහය සුනිල් අතට පත්වන විට රාත්‍රි එකොළහත් පසුවී තිබුණේය.
එම්බාම් වැඩේට අති දක්ෂයකු වූ සුනිල් වැඩේට බැස්සේය. සිහින් කොක්කක් සහිත
පිහි තුඩ යුවතියගේ ගෙල පටන් උදරය හරහා ගමන් ගද්දී සුනිල්ට දැනුණේ මිනිය
දඟලන බවකි. කිසි දිනෙක මෙවන් අත්දැකීමක් ලබා නොතිබුණු ඔහු තරමක් තිගැස්සී
තත්පර කිහිපයක් පසෙකට වී සිටියේය. එවේලේ ඔහු දුටුවේ මියගොස් සිටි යුවතියගේ
දේහය එලෙස තිබියදී රුව කෙළින් වී සිටගන්නා අයුරකි. අනතුරුව මියගිය යුවතියගේ
රුව සෙමෙන් කාමරයේ ෙදාරටුව දෙසට ඇදී ගියේය.
තවත් කල්පනා
කරමින් සිටීමේ කිසිම තේරුමක් නැතැයි සිතූ ඔහු වෙන දෙයක් වෙද්දෙන් යන හැඟීම
තුළින් තම කාර්යය කිරීම ආරම්භ කළේය. එහෙත් ඔහුගේ සිත දිව ගියේ යුවතියගේ රුව
ඡායාව දෙසය. සුනිල්ගේ මතකයට එක්වරම එකතු වූයේ එම්බාම් කාමරයේ අසල බිත්තියේ
එල්ලා ඇති රැවුල කැපීමට භාවිත කළ කණ්ණාඩියය. ඔහු වැඩේ කරන ගමන්ම කණ්ණාඩිය
බැලුවේය. එතුළින් කාමරයේ ෙදාරටුව හොඳින් පෙණුනත් යුවතියගේ රුව පෙනෙන්නට
නොවූවාය.
"මනස්ගාත"
තමන් තමාටම කියාගනිමින් සැකහැර
ගැනීමට මෙන් ආපසු හැරී ෙදාර දෙස බැලුවේය. සුනිල්ගේ ඇඟේ මයිල් කෙළින් වී
ගියේය. ෙදාර උළුවස්සට හේත්තු වී තමන් කරන දේ දෙස විමසිල්ලෙන් බලා හිඳින
මියගිය යුවතියගේ අවතාරයයි. ෙදාර අහුරවාගෙන සිටින ඇයගෙන් මිදී පලා යා හැකි
මඟක් නොවුණ තැන සුනිල් තම වැඩේ අහවරයක් වනතුරුම කරගෙන ගියේය. අවසාන
සිගරැට්ටුවද දල්වාගත් සුනිල් කළ යුත්තක් නැති තැන කාමරයේ කෙළවරක වූ ලණු
පුටුවට වී වකුටු වුණේය.
ඊළඟ මොහොතේ මියගිය යුවතියගේ රුව යළි තම දේහය
අසලට විත් නොපෙනී ගියාය. මෝහිනියට නොදෙවැනි දිෂ්ටියක් තමා ඉදිරියේ මෙසේ
හැසිරී තිබුණත් ඔහුට නම් කිසිදු අන්තරාවක් හදියක් යුවතියගේ දිෂ්ටි තුළින්
ඇති නොවුණේය.
දහතුන්වෙනි
සැතපුම් කණුව ගැන කියද්දී කෝන්වැව, කට්ටඹුවාව, නෙත්තිපොළගම විතරක්
නෙමෙයි.....මහව මංසන්ධියට යනකම් මිනිස්සුන්ගේ ශරීරවල හිරිගඩු පිපෙන්නේ බඩ
ඉරිඟු හේනක් හරහා හමා එන සීතල සුළඟ වැදිල නම් නෙමෙයි. ඒ.....තවමත්
නොවිසඳුණු මරණයක ඇතුළාන්තයේ ගොරහැඩි සත්‍ය පපුවලට තට්ටු කරලා යුක්තිය ඉල්ලන
හින්දා.
මේ ..........ප්‍රදීප්ගේ කතාව.
හොඳ හිරිමල්
වයස; එතකොට ප්‍රදීප්ට අවුරුදු විසි දෙකයි. රස්සාවට කළේ ත්රීවිලර් හයර් කළ
එක. කෝන්වැව හන්දියේ බෝ ගහ යට තිබුණු ත්රීවිලර් තුනෙන් ප්‍රදීප්ගේ රථය
බොහොම පහසුවෙන් වෙන්කරලා හඳුන ගන්න පුළුවන් කම තිබුණා.
' අප හමුවීම වෙන්වීම දෝ ආදරේ.......මට රිදවන්නෙපා ආයෙ සංසාරයේ....'
ඊට හේතුවුණේ ඒ ගී පද දෙපේළිය.
අනෙක් හැම කොල්ලෙක්ටම වගේ ප්‍රදීප්ටත් හීන තිබුණා. හැම හීනෙකම ඉන්නවා වගේ
දෙව්ලියක් ප්‍රදීප්ගේ හීනේ හිටියා. ඒත්....එක දෙව්ලියකට ඉන්න පුළුවන් එක
හීනයක විතරයි. ඇය - කුමාරි.ප්‍රදීප්ගේ සිහින සුන්දර කරන්න හොරෙන්ම ගොඩ
වැදුණත් ඒ වෙද්දිත් ඇය හිටියේ වෙනකෙකුගේ හීනයක දිව්‍යාංගනාවක් වෙලා.
සම්මතයන් වැව් පතුළේ ගිලිලා යද්දි, කුමාරි ප්‍රදීප්ගේ ලෝකයේ හීන මාලිගා
තැනුවේ හැමෝටම පෙනෙන වැ කණ්ඩිය මත ඉඳගෙන. හුළඟ ඒ ඕපාදූපය අජිත්ගේ කනට
කොඳුරන්නැති. තමන්ගේ හීන කුමාරිය - කුමාරි, වෙනකෙක් එක්ක පවත්වපු හාදකම
අජිත්ගේ කෝපය ඇවිස්සුවේ වැවේ වාන පිටාර ගලනවා වාගේ.වතාවක් දෙකක් අජිත්
ප්‍රදීප්ට තර්ජනය කරලත් තිබුණා....
එදා මාසේ පෝය දවසක්. රේල්
පාරත් මහ වැවත් අතර මැද අක්කර ගණනාවකම ඉරිඟු හේන් යාය වැහිලා තිබුණේ ඝන
අන්ධකාරයකින්. වැව ඉස්මත්තේ කැලෑ රොදට වෙලා 'හූ' කියපු හිවලුන්ගේ මූසල
ඇඬියාව ගම්මානයට කැන්දගෙන ආවේ මරණීය භීතිකාවක්ම විතරයි.ඒ උඩුබුරලීම් වලට
සොහොන් පොළේ නිදිගත් මළවුන් පවා ඇහැරෙන්න ඇති.හන්දියෙන් තමන්ගේ රිය හරව
ගත්තු ප්‍රදීප් ගම්මානේ දිහාවට තනියම ඇදුණේ මුළු ඇඟම කිලිපොළන මේ හඬවල්
මැදින් - කට්ට කරුවලේම.
අපි දන්නේ නැහැ........ඊළඟට මොනවිදිහේ
දෙයක් වුණාද කියලා.ඒත් පහුවදා පාන්දර කැබලි ගණනාවකට බිඳුණු ප්‍රදීප්ගේ මළ
මිනිය හම්බුණා.ඒ තිරිකුණාමල දුම්රිය මාර්ගයේ දහතුන්වෙනි සැතපුම් කණුව ළඟ
තිබිලා.දුම්රියට හසුවෙලා තිබුණු නිසා මළ සිරුරෙන් වැඩි දෙයක් කියැවුණේ
නැහැ.රේල් පාරේ තැන් තැන් වල වැටිලා තිබුණු කළු තෙල් ඒ සිරුර පුරා තැවරිලා
තිබුණා.ඊට මදක් ඔබ්බෙන් දුම් රිය හරස් මගේ පැත්තක නතර වෙලා තිබුණේ
ප්‍රදීප්ගේ ත්‍රී රෝද රථය. ඉරිඟු යායට, රේල් පාරට, පාන්දර පින්නට කියන්න
දේවල් ගොඩක් තියෙන්නැති - 'සිය දිවි නසා ගැනීමක්' ලෙස සටහන්වුණු මරණ
පරීක්ෂණ වාර්තාවට හාත්පසින්ම වෙනස් දෙයක්......
ප්‍රදීප්ගේ
තුන්සක රියේ පිටිපස්සේ තිබුණු කවිපද කාලයත් එක්ක වැස්සට මැකිලා යද්දි ඒ
සිදුවීමේ මතකයන් ගම්මුන්ගේ හිත්වලින් ඈත් වෙන්න වුණා.....
මාස දෙක
තුනකට පස්සේ දවසක රෑ ජාමේ රත්නායක මාමා රේල් පාරේ සිල්පර කොට උඩින් පැන
පැන ඇවිත් දහතුන්වෙනි සැතපුම් කණුව ළඟට කිට්ටු වුණේ තමන්ගේ ඉරිඟු හේනට යන්න
හිතාගෙන. ඒත් .....රේල් පාරෙන් හේන පැත්තට හැරෙද්දි එක පාරටම පිටිපස්සෙන්
ඇහුණේ පුරුදු කට හඬක්.
"මාමේ..."
රත්නායක හැරිලා බැලුවා.
"මාමේ.....අනේ මාමේ!! උං මාව මැරුවා. මම මැරුණා නෙමෙයි....මම කෝච්චියට පැන්නේ නෑ මාමේ..."
එක අතක් අහිමි ප්‍රදීප්ගේ රූපය එහම කියද්දි , හේනෙදී කන්න ගෙදරින් ඔතලා
දුන්නු පාර්සලය රේල්පාර මතම අතහැරිය රත්නායක මාමා ඉරිඟු යාය දිගේ භීතියෙන්
කෑ ගහගෙන දුවගෙන ගියේ පිස්සුවෙන් වගේ.දවස් ගාණක් උණ විකාරයෙන් දෙඩෙව්ව
රත්නායක මාමා සනීප වුණේ තොවිලයකුත් නැටුවට පස්සෙයි.ඊට පස්සේ ප්‍රදීප්ව මුණ
ගැහුණේ පාන්දර රේල් පාර දිගේ ඉස්කෝලේ ගිය යුවතියන් දෙන්නෙක්ට.ප්‍රදීප්
ඔවුන්ට කියා තිබුණෙත් රත්නායකට කියූ දේවල්මයි.මේ විදිහට දෙතුන් දෙනෙක්ටම
පෙනෙන්න වුණාට පස්සේ ගම්මු දහතුන් වෙනි සැතපුම් කණුව ළඟින් ගමන් කරන එක
නැවැත්තුවා.
ඒත් සමහර රෑක දුම්රිය හරස් මාර්ගය ළඟින්
ඇවිදගෙන යන කෙනෙක්ට ඇහෙන්නේ වේදනාවෙන් ඉකිගහන ප්‍රදීප්ගේ අඳෝනාවලු. කාලය
ගෙවිලා ගියත් කට්ට කරුව්ලේ වුණත්..........ඈත රේල් පාරේ පීල්ලක වාඩිවෙලා
නිහඬවුණු සාක්ෂි අවදි කරන්න හඬන ප්‍රදීප්, දහතුන්වෙනි සැතපුම් කණුව ළඟ - ඔබ
එනකම්......................හැමදාමත් ඉඳීවී.......
ශාමලී
ඉතා පියකරු අහිංසක යුවතියකි. ඇයට වරුණ හමුවූයේ උසස් පෙළ සඳහා නුගේගොඩ අමතර
පන්ති යන කාලයේය. නුගේගොඩ ජනප්‍රිය පාසලක ඉගෙන ගත් ඇය ඉගෙනීමට ද දක්ෂය.
එකම පන්තියේ මිතුරු මිතුරියන් ලෙස කලක් එකට සිට එකිනෙකා දැන හඳුනා ගැනීමට
ඔවුනට හැකි විය. වරුණ ශාමලීට ආදරය කරන්නට විය. ඒ ඇයගේ අහිංසක පියකරු බවට ය.
වරුණ තම අදහස ශාමලීට පැවැසුවේය. ඒ උසස් පෙළ විභාගයට මසකට පමණ පෙරදීය. ඇය
එම යෝජනාව එක්වරම පිළිගත්තේ හෝ ප්‍රතික්ෂේප කළේ නැත. සිය අදහස ප්‍රකාශ
කිරීමට ඇය විභාගය නිම වන තෙක් කල් ඉල්ලූවාය.
විභාගය නිමා විය.
උසස් පෙළ අවසන් වීමත් සමගම නුවර ප්‍රසිද්ධ විදුලි උපකරණ බෙදාහරින ආයතනයක
රැකියාවක් ලැබීම නිසා වරුණගේ ජීවිතය නුවරට සීමාවන්නට විය. ඔහු නිවසට
පැමිණියේ මාසයකට පමණ සැරයක්ය. වරුණගේ මහ ගෙවල් පිහිටා තිබුණේ හෝමාගමට
ආසන්නයේ ය. කාලයත් සමඟම වරුණට ශාමලීව අමතක වී ගියේ ය.
කාලය
කෙමෙන් කෙමෙන් ගෙවී ගිය අතර වරුණ සිය ප්‍රථම ආදරය වූ ශාමලී අතහැර සමීරා
නම් යුවතියක සමඟ විවාහ වූවේ ය. හෝමාගම මහගෙදර ම පදිංචි වූ ඔවුහු
බොරලැස්ගමුවේ තමන්ගේ ම ව්‍යාපාරයක් ඇරඹූහ. මේ දෙදෙනා නුවරින් කොළඹට පැමිණ
වසරක් පමණ ගත වෙමින් පැවැතුණි. බොරලැස්ගමුවෙන් මහරගම ට පැමිණ හයිලෙවල් පාර
ඔස්සේ හේමාගමට යන වරුණට මේ පාර හොඳට හුරු පුරුදු ය. රාත්‍රී නවය පමණ වන
විට පුරුද්දක් ලෙස ඔහු නිවසට පැමිණියේ ය. එදින ඔහුගේ රාජකාරී නිමා වන විට ම
රාත්‍රී දහය පසු වී තිබුණි. අහම්බෙන් කඩා පහත් වූ මොරසූරන වැස්ස ඔහුගේ
ගමනේ වේගය තව දුරටත් බාල කළේ ය. වැස්ස තරමක් අඩු වීමත් සමඟම ජැකට්ටුව
දමාගෙන ඔහු යතුරුපැදියට ගොඩවූණේ ය. වැහිපොද කපාගෙන යතුරුපැදියේ පහන් ආලෝකය
මලානික ලෙස මාර්ගය ආලෝක කළේ ය. වැහි බිඳු පතිත වන විට දැනෙන සීතලෙන් වරුණගේ
ශරීරය සැරෙන් සැරේ ගැහෙන්නට විය. මහරගමට ආසන්නයේ ඇති වැව ආසන්න වෙත්ම අධික
සීතලකින් තම ශරීරය වෙළී යනු ඔහුට දැනෙන්නට විය. වැව ප්‍රදේශයම එකම
අන්ධකාරයකින් ගිලී ගොසින් ය.
වැව පසු කර ඉදිරියට එන වරුණට
ධර්මායතනය ඉදිරිපිට බස් නැවතුමේ සිටින යුවතියක් දැකගත හැකි විය. ඇය වැස්සේ
තෙමි තෙමී බසයක් එන තුරු බලා සිටියි. ඇය ඇඳ සිටි ගවුම හොඳටම තෙමී ඇඟට ඇලී
ඇත. ඇය දෙස බලාගෙන සිටිය ද ඇයගේ මුහුණ දුටුවේ ඇය පසුවන විටදී ය. වරුණගේ සිත
තිගැස්සී ගියේ ය. මේ ශාමලීද? මේ රුව ඇයගේ රුවට සමාන ය. ඉදිරියට ගිය යතුරු
පැදිය නවතා ඔහු මොහොතක් කල්පනා කළේ මේ ඇය විය හැකිද යන්නයි. වසර දහයකට පමණ
පෙර තමා ආදරය කළ ශාමලී අහම්බෙන් හමු විය හැකි ද? මේ ඇය නොවේ නම් තමා
සල්ලාලයකු ලෙස වරදවා සිතයි ද? දහසක් සිතුවිලි අතුරින් නොදැනීම යතුරුපැදිය
යළි හරවාගෙන ඇය සිටි තැනට ඔහු ගමන් කළේ ඉබේම වාගේ ය. වරුණ යතුරුපැදියෙන්
බිමට නොබැසම
”ඔයා ශාමලීද?” යැයි විමසුවේ ය.
”ඔව්”
”මම වරුණ. මතකද?….. සර්ගේ සිංහල පන්තියේ”
”මතකයි”
”ඇයි ඔයා මෙතන”
”ඔෆිස් එකේ වැඩ වගයක් තිබුණා. ඉවර කරලම යන්ඩ ඉන්න වුණා. ඒ එක්කම වැස්සට අහුවුණා.”
”ඔයා තනියමද යන්නේ”
”වෙනදාට යාළුවෝ ඉන්නවා. මම අද ? රෑ වුණ නිසා ඒ අය ගියා.”
”බස් එකේ ද යන්නේ”
”ඔව්.. දැන් ඇවිල්ලා ගොඩක් වෙලා. බස් එකක් අවේ නෑ”
”කොහාටද යන්නේ?”
”පොල්ගස් ඕවිට පාරට”
”ඔයා මහරගමට ගිහිල්ලා තව බස් එකක යන්න ඕන නේද?”
”ඔව්”
ශාමලී එදා සේම යැයි වරුණට සිතුණි. ඇයගේ මුහුණේ හෝ ශරීරයේ ද වෙනසක් සිදු
වී නැත. ඇයගේ අහිංසක පියකරු බව එලෙසින්ම පවතියි. මේ තමා වසර දහයකට පමණ පෙර
ආදරය කළ යුවතියම නොවේදැයි ඔහු මොහොතකට සිතන්නට විය. වරුණ නිමේෂයකට
පන්තියේ මතකය අතර සිරගත වූවේ ය.
”මම යන්නේ ඒ පැත්තටමයි. මම ගිහින් ඇරලවන්න ද?”
තරුණියගේ මුවින් කිසිවක් පිට වූයේ නැත. ඒ වෙනුවට ඇය පෙරසේම ලැජ්ජාවෙන් ඇඹරෙන්නට වූවා ය.
”මම බස් එකක් එනකන් ඉන්නද?”
”නෑ වරුණ මේ වෙලාවට බස් නෑ. මහරගමට පයින් යන්න බය නිසයි මම හිටියේ. මම ඔයත් එක්ක එන්නම්”
දෙදෙනාම හොඳටම තෙමී ඇත. ශාමලී වරුණගේ යතුරුපැදියට නැග්ගේ කිසිදු චකිතයකින් තොරව ය. යන අතරමඟදී ඔවුහු බොහෝ දේ කතා කළහ.
”ශාමලී ඇයි ඔයා මට කැමැති වුණේ නැත්තේ”
ඇය නිහඬය.
”ඇයි ඔයාට උත්තර දෙන්න බැරිද?”
”මම අකමැති වුණේ නෑනේ. A/L වලින් පස්සේ ඔයා මට කතා කළේ නෑනේ”
”ඔයා බැන්දද?”
”තවම නෑ. අම්මලා හොයනවා”
ටික දුරක් යද්දී වැස්ස වැඩි වන්නට විය. තමාගේ උරහිස අල්ලාගෙන සිටින
ශාමලීගේ අත සීතලට ගැහෙන බව වරුණට දැනෙන්නට විය. ඔහු යතුරු පැදිය නවතා තම
ජැකට්ටුව ගලවා ඇයට දුන්නේ ය. ඇය එය ඇඳ ගත්තා ය. සල්ගස් හන්දිය පසු කර
පොල්ගස් ඕවිට පාරේ මඳ දුරක් ගමන් කළ විට ඇය තම නිවස අසලට පැමිණ ඇති බව
පැවැසුවා ය.
”ඔයා එන්න එපා. මම යන්නම්. බොහොම ස්තූතියි.” ඇය නිවස දෙසට ඇවිදගෙන ගියා ය. මඳ වේලාවක් එදෙස බලාගෙන සිටි වරුණ නිවසට පැමිණියේ ය.
ශාමලී තම ජැකට්ටුව ඇඳගෙන ගිය බව වරුණට දැනුණේ සීතල වැඩි වන විට ය.
කිසිවක් සිදුනොවූ සේ නිවසට පැමිණි වරුණ තම ජැකට්ටුව ලබා ගැනීමේ අදහසින් හා
යළි ඇය දැක ගැනීම සඳහා පසුදා උදෑසන ශාමලීගේ නිවසට ගියේ ය. ඉදිරි දොර වසා
තිබූ නිවසට තට්ටු කළ විට පැමිණියේ ශාමලීගේ නැගණිය යැයි සිතිය හැකි
තරුණියකි.
”ශාමලී ඉන්නවද?”
ඇය කිසිවක් නොකියා නිවස ඇතුළට ගිය අතර, ඉන්පසු නිවසේ සියල්ලෝ එළියට පැමිණියහ. ඇයගේ පියා කතා කළේ ය.
”මහත්තයා කවුද?”
”මම ශාමලීගේ යාළුවෙක්. මගේ ජැකට් එකක් එයා ළඟ තියෙනවා.
”ජැකට් එකක්”
වරුණ පෙර දින රාත්‍රී සිද්ධිය පැවැසුවේ ප්‍රශ්න ඇති කර ගැනීම නොකළ යුතු යැයි සිතූ නිසා ය.
”වෙන්ඩ බෑ මහත්තයෝ. මගේ කෙලී නැතිවෙලා ඊයෙට හරියටම අවුරුදු හතක්”
වරුණට මුළු ඇඟම අප්‍රාණික වී තමා අවට සීතල වන බව දැනෙන්නට විය.
සිදුවන්නේ කුමක්ද? මෙය සත්‍යයක් ද? එහෙත් මෙය ඔහුට විශ්වාස කළ නොහැකි
දෙයකි.
”මහත්තයට විශ්වාස නැද්ද. අර තියෙන්නේ දුවගේ සොහොන”යැයි පැවැසූ
ඇගේ පියා වත්තේ කෙළවරට අත දිගු කළේ ය. විශාල වත්ත කෙළවර සොහොන් කොතක් දක්නට
ඇත. වරුණ ඒ දෙසට ගමන් කළේ ගැහෙන හදින් යුතුව ය. ඇගේ සොහොන් කොත මත
ජැකට්ටුව දක්නට ඇත. පෙර දින රාත්‍රියේ තමා සමඟ පැමිණියේ හොල්මනක් ද?
කිසිවක් කතා නොකළ වරුණ යන්නට ගියේ ය. ඔහුට අධිකව උන ගැනුණි. ඇය අල්ලාගෙන
පැමිණි උරහිස නිල් පැහැ ගැන්වී ඇත. ඇයගේ ශරීරය ස්පර්ශ වූ පිටේ බොහෝ තැන්
නිල් පැහැ වී ඇත.
වසර හතකට පෙර ශාමලී නම් තරුණිය රාත්‍රී රැකියාව
නිම වී පැමිණෙන විට පැහැරගෙන ගොස් කෙලසා මරා දමා ඇත. ඇය වරුණට ආදරයෙන්
සිටියා ද? වරුණට ඇය හමුවූයේ ඇයි? මෙය විසඳාගත නොහැකි තවත් එක් සිදුවීමක්
පමණි
වසර කීපයකට කලින් යුද හමුදා වෙ කපිතාන් කෙනෙක් තමන් ගෙ කාමරය ඇතුලෙම සිය දිවි හානි කරගන්නවා, ගොඩක් අයට පෙහෙලිකාවක් මේක ඇයි ඇත්තටම මෙහෙම දෙයක් උනේ
කතානයකයට අපි අරවින්ද කියලා කියමු, හොද කඩවසම් තරුන යුද හමුදා කපිතාන්වරයෙක්, කතානායිකාව සුරන්ගි, රූමත් උගත් රාජ්‍ය ආයතනයක සේවය කරන ගැහැණු ලමයෙක්.
සුරන්ගිට අරවින්ද හම්බුවෙන්නෙ අහම්බෙන් වගෙ, ඒ හැමොම දන්න මුනු පොතෙන්, අරවින්ද සුරන්ගිට ආදරය ප්‍රකාශ කරනවා මුනු පොත හරහාම තරුන කඩවසම් අරවින්ද ගේ ආදර වදන් වලට සුරන්ගි ගේ සිත ඇදිල යනවා
අරවින්දගෙ ආදරය සුරන්ගි පිලිගන්නවා, ඊට පස්සෙ ස්ක්ය්ප් මුනු පොත හරහා ආදරය ගලාගෙන යනවා, කොටින්ම දෙන්නා කන්නෙ නිදියන්නෙ ඔක්කොම කරන්නෙ එකට බවට පත්වෙනවා කාලෙත් එක්කම, සුරන්ගිගෙ ආයතනයේ හැමොමත් මේ සම්බන්දය ගැන දැන ගන්නවා
ඉතින් කාලෙත් එක්කම ඒ දෙන්නත් අත් විදින්නෙ අපි හැමොම අත්විදින වගේ ආදරයක් තමයි, පාරක් වල, බීච් වල, අදරයෙ උනුසුම විදිනවා දෙන්නම
ඔයා හැමදාම මගේ නේද අරවින්ද අයියෙ... ඒ සුරන්ගි හැමදාම අරවින්ද ගෙන් සමුගන්නකොට අහන ප්‍රස්නෙ
සුරන්ගි ට මේ ආදරේ මුලු ජීවිතෙම උනාට අරවින්දට එහෙම වෙන්නෙ නැහැ, එයා පරිස්සම් වෙනවා මේ ආදරෙ ගැන දන්නෙ තමන් විතරයි කියන එකට වග බලගන්න, කොටින්ම එයගෙ ලගම යාලුවො වත් දන්නෙ නැහැ
ඔහොම කාලයක් යද්දි අරවින්දගෙ යුද හමුදා කන්ඩයෙම යුවතියක් ගෙ බැල්ම වැටෙනවා අරවින්දට, අරවින්දගෙ හිත ඇදිල යනවා ඒ යුවතියට
එදා ඉදන් අරවින්ද ගෙන් සුරන්ගිට හම්බුවෙන්නෙ කුඩම්මගෙ සැලකිලි, දහසක් බලපොරොත්තු තියන් හිටපු සුරන්ගිගෙ ආදර මන්දිරෙ සුනු විසුනු වෙලා යන්නෙ අරවින්දගෙ අලුත් ප්‍රේමය ගැන දැන ගත්තට පස්සෙ,
එත් සුරන්ගිගෙ හිත හදා ගන්න ශක්තියක් එයාට නැහැ
නොකා නොබි ඔහේ කාලෙ ගත කරන්න පටන් ගන්නවා, ඒ දවස් වල අරවින්ද එවපු ආදරෙ පුරොපු පනිවිඩ බල බල, කවදා ම හරි අරවින්ද එයා ගාවට එවි කියලා සුරන්ගි විස්වාස කරනවා
ඒ විස්වාසයන් ඔක්කොම කඩාගෙන වැටෙන්නෙ අරවින්ද විවාහ ගිවිස ගන්න යනවයි කියන ආරන්චිය සුරන්ගිට හම්බුනාම , සමනලීගෙ හිත හොදටම හඩා වැටෙනවා මොකද එයා දන්නවා එයා අරවින්දට ආදරෙ කරපු තරම්
දුක දරාගන්නම බැරි තැන සුරන්ගි සිය දිවි හානි කරගන්න තීරනය කරනවා, ඒ නයිලොන් ලනුවකින් එල්ලිලා
මුලු ගමක් හඩවල සුරන්ගි අවසන් ගමන් යනවා, මනාලි ඇදුමින් සැරසුණ සුන්දර සුදු රොස මලක් වගේ නිසල දේහය දැක්කම කාගෙත් ඇස් වලට කදුලු උනනවා
සුරන්ගිගෙ බුමිදානයෙන් ටික කලෙකට පස්සෙ අරවින්ද විවාහ වෙනවා, එයාට මතක නැහැ සුරන්ගි කෙනෙක් හිටියද කියලාවත්
එත් එහෙම අමතක වෙන්න සුරන්ගිගෙ ආත්මය ඉඩ දෙන්නෙ නැහැ, හැම වෙලවෙම උරහිසෙ ලොකු බරක් වගේ ගතියක් අරවින්දට දනෙනවා, තනියෙන් ඉන්න හැම වෙලාවෙම සුරන්ගිගෙ වගේ අපහැදිලි චයාවන් අරවින්ද ඉදිරියෙ මැවි පෙනවා, සුරන්ගි ට සෑබෑ ජීවිතයේ තමන්ට අයිති කරගන්න බැරි උන අරවින්ද අයිති කරගන්න සුරන්ගිගෙ ආත්මය තීරනය කරලා ඉවරයි
කලෙත් එක්කම අරවින්ද ගෙ විවාහ උත්සවය චායාරූප ගත කරපු පුද්ගලයගෙන් ඇමතුමක් එනවා අරවින්දට, ඒ සියලුම චායාරුප වල බොද වු කන්තා රුපයක් තියෙනවා කියලා, ඒක සුරන්ගිගෙ කියලා අදුරගන්න අරවින්දට එච්චර වෙලාවක් යන්නෙ නැහැ
එන්න එන්නම තත්වය දරුනු වෙනවා, තම බිරිදව පවා සුරන්ගි මෙන් දිස් වෙන්න පටන් ගන්නවා
අවසානයේ අරවින්ද තිරනය කරනවා සිය දිවි හානි කරගන්න හැබැයි ඉට කලින් බලි තොවිල් කට්ටඩියන් ට විසාල මුදලක් අරවින්ද වියදම් කරනවා
කිසිම මන්තරයකට හැකි වෙන්නෙ නැහැ අරවින්ද කෙරෙ තියෙන සුරන්ගිගෙ ආදරයට බාදා කරන්න
අවසනයෙ අරවින්ද සියදිවි හානි කරගන්නවා,
සුදු රොස මලක් වගේ ලස්සන සුරන්ගි මැරෙන්න කලින් කවියක් ලියලා තිබ්බා කොලෙක
ගෙවෙන ගෙවෙන හැම මොහොතක් ගානෙ
හෙලන හෙලන හැම සුසුමක් ගානෙ
ඔබට නොතෙරෙන හිතේ පෙමට මම
දුක්විද මියයමි මොහොතක් ගානේ