පුංචි කාලෙ අම්ම මාව බය
කරනවා බත් ටික ඔක්කොම කෑවෙ නැත්තං රෑට “දත්-දිගා” ට එන්න කියනවා කියලා. ඒ
නිසා හැමදාම මම රෑට නිදාගන්න කලින් ඇඳ යට බලලා තමයි නිදාගත්තෙ, සෑහෙන්න
ලොකු වෙනකං. මේ ලඟක් වෙනකං මම ඕක දන්නෙ “දද්දිගා” විදියට. මට ඇහුනෙ එහෙම
නිසා මං හිතුවෙ “දද්දිගා යකා” කියල එකෙක් ඇති කියලා. ඒත් ඒකෙ තේරුම
“දත්-දිගා” එහෙමත් නැත්නං දිග දත් තියෙන භයානක එකෙක් (මනංකල්පිත කතාවක්)
කියල දැනගත්තෙ බොහොම මෑතකදි. වචනෙ තේරුමත් දැනගෙන හිටියනං රෑට ඇහරිලත් ඇඳයට
බලන්න ඉඩ තිබුනා. (චිහ්.. මං සවුත්තු උනාද මංද මේවා කියලා ).
මේ කතාව කිව්වෙ දැන් මේ කියන්න යන්නෙ ඒ වගෙ හොල්මං කතාවක් නිසා. දත්-දිගෙක්
නොවුනත් දිව-දිගෙක් ගැන. එකක් කියන්නං, බය නං කියවන්න එපා. තමන්ට අදාල
නොවන දේවල් කියවලා නිකං බය වෙන්න එපා, හරි. එත් හොල්මං කතා කියවන්න බය
කොල්ලොන්ට මේ ටික කියන්නෙ, මොකද එහෙම උං මං දැකලා තියෙන හංදා. කෙල්ලො
ප්‍රශ්නයක් නෑ. (මෙහෙම කිව්වෙ කෙල්ලො හරි බයගුලු ජාතියක් කියලා එකක් කියන්න
නෙමේ.., බොලඳ කම කෙල්ලො ලඟ තියෙන්න ඕනත් නිසා. සමහර කොල්ලන්ට වඩා පෞර්ෂයක්
තියෙන කෙල්ලො ඕන තරං ඉන්නවා ) හොල්මං කතා කියවන එක කොලුකමේ (subject නෙමේ
බං ) එක විදියක් මං හිතන්නෙ. මම ‘පොර’ වෙන්න හිතන් කියනවා නෙවේ., එහෙම
කොල්ලෙක්ට ටිකක් ගට හදාගන්න ඕනෙ නිසා කිව්වෙ. කොටින්ම, මම පොරක් එකක්
නොවෙමි.
හා…රි, මේකයි කතාව.
කැම්පස් හොස්ටල් වල සාමාන්‍යයෙන් 3-4 ක් විතර එක රූම් එකක ඉන්නවා (ඕක කොයි
හොස්ටල් එකෙත් එකයි මයෙ හිතේ ). ඉතින් මේ කියන හොස්ටල් රූම් එකෙත් හිටියා
3න් දෙනෙක්. කිව්වම කෙල්ලො තුන් දෙනෙක් තමා හිටියේ. තුන් දෙනාම කොලඹින් දුර
බැහැර පදිංචි කට්ටිය. දැනට අපි මේ තුන් දෙනාට ගයනි, සඳුනි, අරුණි කියමු.
සති අග දිග නිවාඩුවක් ලැබුනොත් කවුරුත් ආස ගෙදර දුවලා එන්න කොච්චර දුර
උනත්. කොහොමත් කොහෙ උනත් හොස්ටල් ලයිෆ් එක ඒ හැටි රසවත් එකකුත් නෙමෙයිනෙ.
(හොස්ටල් ලයිෆ් එකේත් රසයක් තියෙනවා පස්සෙ කාලෙක. ඒත් ඉන්න එකෙක් කවදාවත්
ඒක ‘මරු ඕයි ’ කියල කියන්නෙ නෑ. ඇත්තෙන්ම කටුකයි.) ඒ නිසා නිවාඩුවක්
ලැබුනොත් ටුක් ගාල ගෙදර දුවන එක ඒකෙ හැටි.
මේ කියන දවස් වෙනකොට කැලැන්ඩර් නිවාඩුවකුත් එක්ක ටිකක් සති අග දිග
නිවාඩුවක් වැටිලා තිබ්බා. ගයනිට ගමේ යන්න හිතුනත් මුදල් ප්‍රශ්න නිසා අනිත්
දෙන්න නිවාඩුව තිබ්බත් ගෙදර නොයා ඉන්න හිතුවා. යාලුවො දෙන්නත් නොයන නිසා
ගයනි සිකුරාදා රෑම ගමේ යන්න පිටත් වුනා. රෑ 12ට පිටකොටුවෙන් පිටත් වෙන දුර
ගමන් සේවා බස් රථයක් අල්ලගන්න බලාපොරොත්තුවෙන් ගයනි පිටත් වුනේ. අනිත්
දෙන්න ගයනිව පිටකොටුවට යන්න බස් එකකට ඇරලවලා ආයෙත් හොස්ටල් රූම් එකට ගිහින්
පාඩම් කටයුතු වල යෙදුනා.
එදා දවසෙ කාලය ගෙවිලා දෙන්නා නිදාගත්තටත් පස්සෙ පාන්දර එකට විතර හොස්ටල්
රූම් එකෙ දොරට ගහන සද්දයක් ආවා. විෂේශයෙන්ම කාන්තා නේවාසිකාගාරයකට කාටවත්
අනවසරයෙන් ඇතුල් වෙන්න ලේසි නැති නිසාත් තවත් අහල පහළ රූම් වල ඕන තරම්
කට්ටිය ඉන්න නිසාත් සද්ද්දෙට ඇහරිච්ච අරුණි
“කවුද ඔය …”
කියලා අහගෙනම දොර ලඟට ගියා.
“මේ ගයනි… බස් එක මිස් වුනා බං.. මං ආයෙත් ආවා……”
මෙහෙම කියාගෙන ගයනි රූම් එක ඇතුලට ආවා. ඒත් මූන ටිකක් සුදුමැලි වෙලා තිබ්බා.
“ඕකනෙ උඹට කීවෙ හෙට පලයං කියලා.. හොඳටම මහන්සි පාටයි ඒ නිසා අපි තේ ටිකක් බොමු……..”
කියලා උනුවතුර බෝතලේට දාල තිබ්බ තේ ටිකක් කෝප්ප වලට වත් කරපු අනික් යාලුවා.. දෙන්නට දීලා කතාවට වැටුනා.
තේ ටික බොන ගමන් තවත් ටික වෙලාවක් තුන් දෙනා කතාවට වැටිලා හිටියා. රූම් එකේ
පුටු කියලා ජාතියක් නැති නිසා කට්ටිය ඇඳවල් මත වාඩිවෙලා තමයි කතාව දාගෙන
හිටියෙ. “දැන් ඉතින් හෙට උදේ ආයෙ යන්නත් ඕන නිසා නිදියගනින් බං ” කියලා තේ
බීපු කෝප්ප තුන අරගෙන සෝදල තමන්ගෙ ඇඳට ආපු සඳුනි, නිදියන රෙද්ද පොරවගන්න
ගමන් ගයනිට ලයිට් එක නිවාදාන්න කිව්වා.
මේත් එක්කම ගයනිගෙ ස්පරූපය වෙනස් වෙන්න ගත්තා. තවත් සුදුමැලි වෙච්ච ගයනි
යාලුවො දෙන්න දිහා අමුතු විදියට බෙල්ල කරකවලා දෙතුන් විටක් බලලා එක පාරට
ඇඳේ ඉඳන්ම ලයිට් එකේ ස්විච් එකට තමන්ගෙ දිව දික් කරලා නිවා දැම්මා… !
මේක දැක්ක දෙන්නා හූ තියාගෙන කලන්ත වෙලා වැටුනා. සද්දෙට දුවගෙන ආපු අහල පහල
රූම් වල අයයි ආරක්ෂක නිලධාරියොයි දෙන්නව රූම් එකෙන් එලියට අරන් අවශ්‍ය
ප්‍රතිකාර දුන්නා. ඒත් තුන් වෙනියෙක් රූම් එකේ හිටියෙ නෑ. මේ කටයුතු වෙද්දි
කට්ටියට ආරංචිය ලැබුනා, රෑ ගෙදර ගිය ගයනි පාන්දර 1ට විතර ලොරියකට හැප්පිලා
අන්තරා වුනු බව. අනතුරින් කම්පනයට පත් ගයනිගෙ දිව කටින් එලියට ඇවිල්ලා
තිබුනා.
සාදය නිමවන විට මද්යම රාත්‍රියද පසුවී
තිබින රමේශ් සහ ඔහුගේ බිරිය මෝටර් රතයට ගොඩ උනේ හෑකි ඉක්මනින් තලවතුගොඩ
පිහිටි ඔවුන්ගේ නිවසට යාමටය සාදය ගෑන , එහි සිටි කාන්තාවන්ගේ ඈදුම් ගෑන
සමහරුන්ගේ හෑසිරීම පිලිබද රුවන්ති තෝර තෝංචියක් නෑතිව කියවද්දි රමේශ් ඊට
හූමිතබමින් තරමක් වේගයෙන් රිය පෑද වූවේ හෑකි ඉක්මනින් ගෙදර ගොස් නින්දට
යෑමයටයි
කොල්ලුපිටියේ සිට තලවතුගොඩට යන ඔවුන්ගේ ගමන් මාරගය වූයේ පාර්ලිමේන්තු
පාරයි, දහවලට එකක් පසුපස එකක් වාහන ඈදෙන ඉතා කාර්ය බහුල පාර්ලිමේන්තුපාර
බෙහෙවින් පාලු මූසල ගතියක් ඉවවුවේය, එම පාලුව ඉද හිට හෝ බිදුනේ ගමන් ගන්නා
වාහනයක සද්දයෙන් හෝ උඩුබුරනා සුනකයින් ගේ සද්දයෙනි
මෙසේ රුවන්ති රමේශ් යුවල කාසල් රෝහල පසුකර ආයුර්වේද හන්දියට දෙසට තරමක්
වේගයෙන් පෑමිනෙමින් සිටී තවමත් ඈයගේ කතාව නිමවී නෑත ඔවුන් රාජගිරිය ෆෑබ්
ආපන ශාලාවපසුකරත්ම රමේශ් දුටුවේ පාරෙ අයිනේසිටි තරමක් වයසක අයෙකු එක් වරම
පාර මාරුවන්නට මෙන් පාර මෑද්දට එන බවයි වහාක්‍රියාත්මක වූ රමේශ්
නලාවහඩවමින්ම හෑකි වේගයෙන් වාහනයේ තිරිංග ක්‍රියාත්මක කලේය ඒ සමගම ඔහුට
ඈසුනේ රුවන්ති මොනවදෝ කියා කෑ ගසන හඩ්යි
ඊලග තප්පරයේදී අමුත්තා වාහනේ ගටිනි, ඉන් නොනෑවතී වාහ්නයට යටවන බවද වාහනයේ
උන් දෙදෙනාටම දෑනිනි, නමිත් පුදුමයකි වාහනයට යටවූ තෑනෑත්තා වහානය නෑවතුනු
පසු වාහනය ඉදිරියෙන් නෑගී සිටියේය තම ඈදුමේ තිබූ දූවිලි ගසා දමමින් මොනවදෝ
කියයි , රමේශ් වහා එතෑට ගෝස් ඔහුගේ අතකින් අල්ලාගත්තේය ඉය අයිස් මෙන් සීතල
බව ඔහු ට එවෙලෙහි තේරුනද ඒ ගෑන වෑඩි තෑකීමක් නොකලේ වුනු වින්නහෙයිය
නිසාවෙනි
ඉන්පසු රමේශ් අමුත්තාගෙන් විමසුවේ අංකල් ටක්ගලා හොස්පිටල් යමු කොහෙද තුවාල
කියාය ඉන්ප්සු ඔවුන් අතර වූ දෙබස මේසේයනෑ ලමයෝ ඒ හෑටි අමාරුවක් නෑ ඔය ලමයි
නවත්වපු එකම මදෑයි පරිස්සමින් යන්න ගිය ගමන යන්න ඒ උනාට අංකල් ඈතුලෙන්
තුවාලද දන්නෙ නෑනෙ අපි කෝකටත් ඉස්පිරිතාලෙ යමු නෑ ඕනෙ නෑ ලමයො මට අමාරුවක්
නෑ කියු අමුත්තා විගහින් පාර පෑන නොපෙනී ගියේය තවත් එතන සිට පලක් නෑති
හෙයින් රමේශ් සහ රුවන්ති යුවල එතනින් නික්මිනි
එම සිද්දිය එසේ නිමාවිය ඊටපසු සතියේ තීබූ අවුරුදු පාටියකදී රමේශ් යුවල තමන්
මුහුන පෑ සිද්දිය හිතමිතුරන්ට පවසන ලදි, එහි සිටි එක් අයෙකු පෑවසුමේ
උබලටත් සෙට් උනාද මටත් පාරක් ඔය වගේම ෆෑබ් එක ලගදි ඔය මනුස්සයව හම්බ වුනා
උබලට උන දේම මතත් උනා.. ගෙදර ගිහින් පහුවදා උන දේ ගෑන ටිකක් කල්පනා කරද්දි
මට මොකක්දෝ නොගෑලපෙන බවක් දෑනුනා යටවුනු කෙනා කොහොමද වාහය ඉස්සරහින්
නෑකිටින්නෙ තුවාලයක්වත් නෑතුව යස අගේට ඉන්නෙ වගේ පශ්න මගෙ ඔලුව්ට ආව පස්සෙ
මම හෙව්ව එයා ගෑන
ඈත්තටම ඒ මනුස්සයෙක් නෙමේ අමුනුස්සයෙක් ෆෑබ් එකේ ගාව ඉදන් හදිස්සියේ පාර
මාරුවෙද්දි ආපු වාහනයක් ඒ මනුස්සයව යට කරන් නවත්තන් නෑතුව ගිහින් ඒ මනුස්සය
එතෙනම මෑරිල ඔය ඉන්නෙ එයාගෙ අවතාරය ඈක්සිඩන්ට් එකෙන් පස්සෙ වාහනය නවත්වන්
නෑතුව ගියොත් ඉවරයිලු අනිවාරයයෙන්ම බය කරනවලු...
ඒකාතාව ඈසූ බොහෝදෙනෙකුගේ මෙන්ම මගේ අදහසද වූයේ නෑවත රෑට එම මාර්ගය බාවිතා
නකරඉන්න එක හොදයි කියාය නමුත් අපේ තව කට්ටියකගේ සූදානම එය පරික්ශාකර
බෑලීමටය
දෙයියන්ගේ ලෙඩ හැදී කනත්ත ළඟින් ගෙදර ආ දවසේ මහ රෑ දුටු අද්භූත සිහිනය
මේ සිද්ධිය වනවිට මට වයස අවුරුදු 15ක් පමණ ඇත. පහ ශිෂ්‍යත්ව විභාගය සමත්වී
මම වලල මධ්‍ය මහා විද්‍යාලයට නේවාසිකාගාරයට ඇතුළත් වුණෙමි. ගෙදර සිට
විදුහලට දුර සැතපුමක් පමණ වුවත් ශිෂ්‍යත්වය සමර්ථ වූ නිසා නේවාසිකාගාරයේ
නැවැතී ඉගෙනීමට මට සිදුවිය. එක දිනක් උදෑසන නැඟිටින විට ඉවසිය නොහැකි තරම්
දරුණු උණකින් මම පෙළුණෙමි. දහවල් වනවිට ඇඟ කසමින් ඇඟේ කුඩා බිබිළි කීපයක්
මතුවිය. දරුණු උණ සමඟ ඇඟපත දරුණු ලෙස කකියයි. හිස කෙළින් තබා ගැනීම පවා
අසීරුය. ඒ නිසා නේවාසිකාගාර භාර ගුරු මහතාට දන්වා ගෙදර යෑමට අවසර ලබා
ගතිමි. තනිව යන නිසා වෙනත් කෙනකු කැටුව යෑමට එවන්න දැයි ඔහු කළ යෝජනාව ඉවත
ලූ මම තනිව නිවෙස බලා ගියෙමි.
විදුහලේ සිට නිවෙසට ඇති දුර
සැතපුමක් වුවත් ඒ දිනවල මේ පාරේ බස් රථ ධාවනයක් සිදු නොවීය. මුළු දුරම පාළු
පරිසරයක මැදින් ගමන් කළ යුතු විය. ප්‍රභූ පවුලකට අයත් පොල්, රබර්, කොකෝවා,
ගම්මිරිස් වැවුණු අඩක් කළුවර ඇති ගහකොළවලින් මේ මුළු දුර වැසී ඇත. මේ
රූස්ස ගස් අතර මිනිස් කටහඬක් නැත. පාළුව දෙගුණ කරමින් එක දිගට රැහැයි රංචු
මහහ¾ඩින් හඬ නඟති. ඉඳහිට පොල්ගසක් මුදුනේ අතුර බැඳ පොල් මල් තළා රා මුට්ටි
බිමට බාන අයකු ඒ නිම කොට අතුර හොඳින් ඇද බලා උඩ ලණුව අල්ලාගෙන පහළ ලණුව
දිගේ සෙමින් පා තබමින් අනික් පසට මාරුවෙයි. ගහකොළ රූස්ස බැවින් ඉරඑළිය පවා
බිමට නොවැටෙයි. මේ පාළු පාර කෙළවර වන්නේ සොහොන් පිට්ටනියකිනි. උණ වේදනාව
පුපුරු ගහන ඇඟ රිදුම සමඟ ඉර මුදුන් යාමේ පයින් ගමන් කොට තනිව අවුත්
සොහොන්පිටිය පසු කරනවිට චකිතයක් දැනෙයි. අලුතෙන් ඉදිවූ සොහොන් දෙක තුනක්
එහි විසිර ඇත. ගෙදර එනවිට ඇඟ ගිනියම් යකඩයක් මෙන් රත්වී මුළු ඇඟම ගින්දර
විහිදුවන්නට විය. දිව ගිලෙන තරම් පිපාසය දැඩි විය. මගේ ඇඟ නළල ඇඟපත අල්ලා
බැලූ මව මහ දවල් ඉර මුදුන් වේලාවේ තනිව ඒම ගැන ෙදාස් නඟන්නට වූවාය. පිපාසය
විනා බඩගින්නක් නොදැනෙයි. තේ කෝප්පයක් පානය කළ මම පසෙක වූ බූරු ඇඳෙක
වැතිරුණෙමි. එකල අප විසූ නිවෙස කුඩාය. කුඩා ඉස්තෝප්පුවක්, කාමර දෙකක් කටු
මැටි ගැසූ කුස්සියක් විය. වසා තිබුණේ පිදුරුය. එය ගිනියම් අව්ව ඇති විට ඇඟට
සිසිල ගෙන දෙයි. එදා හවස ගමේ පන්සලේ සූවිසි විවරණ පින්කමක් ආරම්භ විය.
කලින් යොදාගෙන තිබුණු පරිදි පියා සහ මව රාත්‍රි කෑම කා සූවිසි විවරණ බැලීමට
පන්සලට ගියහ.
නිවෙසේ ඇතුළුවන ස්ථානයේ වූ ඉස්තෝප්පුවේ ලෑලි
ගැසූ ඇඳක් විය. එහි නිදා ගත්තේ අපේ මාමා කෙනෙකි. ඔහු ඉස්තෝප්පුවේ ඇඳ මත
දිගාවී පුරුද්දක් ලෙස බුලත්විට සපමින් පරණ කවි, බලිතොවිල් කවි, යන්ත්‍ර
මන්ත්‍ර, ශබ්ද නඟා නින්ද යනතුරු කියවයි. ඉස්තෝප්පුවට යාව ඉදිරි කාමරයේ බූරු
ඇඳේ මම නිදා සිටියෙමි. අරුචිය නිසා රාත්‍රි කෑම නොගත් මම තේ කෝප්පයක් බී
ඇඳෙහි වැතිර නින්ද යනතුරු ඒ මේ අත පෙරළුණෙමි. මාළඟ ඇඳක පොඩි නංගි නිදයි.
මගේ ඇඟේ වේදනාව යට කරගෙන දහදිය පිහිල්ලකින් මෙන් ගලයි. නළල ඇඟපත දාදියෙන්
තෙත් වෙයි. නින්ද පේන තෙක් මානයක නැත. කොට්ටය ඒ මේ අත උස් පහත් කරමින් නිදා
ගැනීමට තැත් කළත් ඒ සියල්ල බිඳ වැටෙයි. පන්සලේ කියන කවි, නැටුම්, බෙර හඬ
කන් දෙබෑ කරමින් ශබ්දවාහිනියෙන් ප්‍රදේශය පුරා විසිර යයි. මා සිටි කාමරයේ
ෙදාර හා ඉදිරි පස ඉස්තෝප්පුව යතුරු දැමූ ෙදාරකින් වෙන්වී තිබිණි. මා නිදා
සිටි කාමරයේ යතුරු දමා තිබූ ෙදාර දඩාං යන හඬ නඟමින් එකවරම ඇරුණේය.
තිගැස්සී ඔළුව එසවීමේදී මා දුටු දෙය ඇඟ සලිත කළේය. ඉස්තෝප්පුවෙන් පිටත
සිටින අයකු එහි සිට මා සිටින කාමරයේ ඇඳ දෙසට අඩි දහයක් ෙදාළහක් පමණ දිගට
ගෙල දිගු කරයි. විනාඩි ගණනකට පසු ඔහු යළිත් දිගු කළ ගෙල ආපසු පස්සට ඇද ගනී.
යළිත් දිගු බෙල්ල මා දෙසට විහිදුවයි. විනාඩි කීපයකින් යළිත් මුහුණ පස්සට
ඇද ගනී. ඉහ වහා ගිය බයෙන් මම මුහුණ කොට්ටයේ ඔබා ගතිමි. දිග විරූපී මුහුණ...
එල්ලෙන දිග දිව... අඩි ගණනක් දිග බෙල්ල... මේ සැබෑවක්ද? උණ විකාරද? මම
කල්පනා කළෙමි. ඒ උණ විකාර නොව නින්ද නැති මා ඉදිරියේ සැබෑ ලෙසම රකුසු වෙස්
ගත් එල්ලෙන දිගු දිව ඇති භයංකර ඇස් ඇති දිගු බෙල්ල නැවැතත් කාමරයට දිගු
කරයි. නංගි තද නින්දේ පසුවන්නීය. මම හයියෙන් කෑ ගැසුවෙමි. එහෙත් මුවෙන් හඬ
පිට නොවෙයි. උගුර තොල කට සියල්ල වේළී ඇඟ සට සට ගා වෙව්ළයි.
ෙදාර මහත් හඬ නඟමින් ඉබේම වැසිණි. මම නැඟිට ඇඳේ ඉඳගෙනම ෙදාර දෙස
බැලුවෙමි. ෙදාර තදින් වැසී ඇත. ඉස්තෝප්පුවේ නිදා සිටි මාමා ගේ වටා මහත් හඬ
නඟමින් අඩි තබමින් ගේ වටා දුවනු මට ඇසෙයි. ඔහු කිසියම් අයකු පිටුපස
ලුහුබඳිමින් ගේ වටා දුවයි. හරක් රෑනක් ගාල කඩාගෙන දුවන්නා සේ අර අද්භූත
අවතාරය ගේ වටා මිදුලේ හඬ නඟමින් දුවයි. ඉස්තෝප්පුවේ නිදා සිටි මාමා උෟ
පිටුපස පන්නමින් ලුහුබඳියි. දෙදෙනාගේ දිවිල්ල කෙළවරක් නැත. රවුම් තිහ
හතළිහකට වඩා දෙදෙනා ගේ වටා දුවති. ගේ පිටුපස පිළේ ළිප දැල්වීමට පොල් ලෙලි
ගොඩ ගසා තිබිණි. මාමා උෟ ලුහුබඳිමින් උෟ වෙත පොල් ලෙලිවලින් දමා ගසයි.
හිටපිය බල්ලා... හිටපිය පෙරේතයා... ඔහු පරුෂ වචනයෙන් බැන වදිමින් උෟ
ලුහුබඳියි. මගේ ඇඟ සට සට ගා ගැහෙයි. ඉහින් කනින් දාදිය පෙරෙයි. තොලකට වේළී
ඇත. පාන්දර තුනට පමණ කුකුළා හැඬළුවේය. පන්සලේ සූවිසි විවරණ නිමවී මිනිසුන්
ගෙවල්වලට යන හඬ ඇසෙයි. සියල්ල සන්සුන් වෙයි. අම්මා තාත්තා ඉදිරි ෙදාර
ඇරගෙන එන විටත් මට තවම නින්දක් නැත.
"ඇයි තවම නින්දක් ගියේ නැද්ද?" අම්මා ඇසුවාය. මම සිදුවූ සියල්ල ඇයට කීවෙමි.
"දෙයියනේ ලෙඩ හැදීගෙන එනකොට සොහොන් පිට්ටනි පහුකරගෙන ඉර මුදුන් යාමේ ආපු
එකේ වැරැද්ද. හෙට උදේ තෙල් ටිකක් මතුරල ගාමු." ඇය මගේ හිසට අත තැබුවාය.
උදෑසන වයසක යකැදුරකු ගෙන්වා තෙල් මතුරා නළලේ ගෑමෙන් පසු උණ හා විකාර ගතිය අඩුවී යන්තම් නින්දට වැටිණි.
බිරිද ගණිකා නිවාසයකට වික්ක සැමියා මියගොස් ප්‍රේතයෙකු වී ආ හැටි
ළාබාල සුරූපී දැරියක බලහත්කාරයෙන් විවාහ කර ගත් හමුදාවෙන් පලා ආ සෙබළෙක්
මත්කුඩු ගැසීමට මුදල් උපයනු සඳහා රුපියල් පන්සීයට, දාහට ඇය සලෙළුන්ට
වික්කේය. අවසානයේ රුපියල් ලක්‍ෂ තුනහමාරකට ඇය ගණිකා නිවාසයකට සින්නක්කර
විකුණා මුදල් ලබාගෙන ඇති අතර ඇය ගෙන යෑමට ගණිකා නිවාසයෙන් වාහනයක් පැමිණි
විට තරුණිය කෑ ගසා විරෝධය පෑ කල ගම්වැසියන් පැමිණ ඇය බේරාගෙන ඇත. ඇගේ
සැමියා යැයි කියන පාදඩයාට පහර දී වාහනයද පන්නා දමා ඇත. ලක්‍ෂ තුනහමාර ආපසු
ගෙවා ගත නොහැකි වූ පාදඩයා ඇගේ නිවෙස ඉදිරිපිටට පැමිණ වස පානය කොට සිය දිවි
හානි කැර ගත්තේය. ඔහු ප්‍රේතයකු වී ඉපිද තවත් කරදර කරන්නට පැමිණි සංවේදී
සංවේගී කතාවකි මේ.
සමනලී කන්ද උඩරට පදිංචිකාරියකි. තිස්
දෙහැවිරිදි ඇය දෙදරු මවකි. සාමාන්‍ය ගැමි පවුලක අහිංසක මවකගේ හා පියකුගේ
එකම දියණිය වූවාය. සමනලී ඇත්තටම පුදුම ලස්සන තරුණියකි. ඇය දෙස වරක් බැලූ
කෙනකු දෙවරක් නොව හතර පස් වරක්ම බලන තරමේ ලස්සනකින් යුක්ත වූවාය. අද මේ
තරම් ලස්සන නම් විසි හැවිරිදි වියේදී කොතරම් සුරූපී දැයි හිතා ගන්නටත් බැරි
තරම්ය.
ඇය පාසල් යද්දී ඒ පාසලේම ඉගෙනුම ලැබූ සම වියේ
තරුණයකු සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූවාය. මේ අතර හමුදාවෙන් පලා ආ සුසිල් නම්
වූ තරුණයකුගේ කෑදර දෙනෙතට ඇය ලක් වූවාය. ඔහු ඇගේ පස්සෙන් එන්නට විය.
සුසිල්ගේ යෝජනාව ඇය ප්‍රතික්‍ෂේප කළේ ඇයට පෙම්වතකු සිටි නිසාය.
දිනක්
මවුපියන් ගෙදර නැති අවස්ථාවක සමනලී තනිවම පාඩම් කරමින් සිටියාය. හිටි
හැටියේ සුසිල් එතැනට කඩා වැදුණේය. ඔහුගේ හැඩි දැඩි ග්‍රහණයෙන් ඇයට
ගැලවෙන්නට නොහැකි විය. නයකුට හසුව ගැල වේවිද කිකිළි බිජු.
නිවෙසට ආපසු පැමිණි මවුපියන් ඉදිරියේ තටු සිඳුණු සමනලිය හඬා වැටුණාය.
අසාධාරණය, බලය, චණ්ඩිකම රජ වුණු රටක අහිංසක දුප්පතුන් අසරණය. මේ අතර දිනයක
පිස්තෝලයක් රැගෙන පැමිණි පාදඩයා තමන් සමනලිය දූෂණය කළ බවත්, ඇය විවාහ කර
නුදුන්නොත් තිදෙනාම වෙඩි තබා මරා දමන බවටත් තර්ජනය කළේය. ඊට අමතරව සමනලීගේ
පෙම්වතාගේ නිවෙසට ගොස් තමන් කළ අධම පාහර හපන්කම පෙම්වතාටත්, ඔහුගේ
මවුපියන්ටත් කියා ඒ ප්‍රේම සබඳතාව වහාම නතර කරන ලෙසටද තර්ජනය කළේය. ඇගේ
මවුපියෝ අහිංසක අය වූහ. අසරණ අය වූහ. උෟටම විවාහ කැර නොදී වෙන මොනවා
කරන්නද? මේ වන විට ඇය ගැබ්ගෙන සිටියාය. ඒ විවාහය එසේම සිදුවිය.
මේ පාදඩයා කුඩුකාරයෙකි. මත්කුඩු ගන්නට ආදායමක් නැත. විවාහ කොටගෙන සතියක්
ගත වෙද්දී ගමේ සල්ලාලයනට රුපියල් පන්සීයට දාහට බිරිය විකුණන්නටත් ඇය උන්ට
පාවා දී සැඟවී බලා සිටින්නටත් තරම් වූ තිරිසනෙක් විය. මේ අතර අනුරාධපුර
ප්‍රදේශයේ ගණිකා නිවෙසකට රුපියල් ලක්‍ෂ තුනහමාරකට සමනලීව සින්නක්කර
විකුණන්නට සැලැසුම් කළේය. මූ උන්ගෙන් ලක්‍ෂ තුනහමාර ගත්තේය. උන් පැමිණි
වාහනයෙන්ම සමනලිය භාර දෙන්නට ගෙදරට ආවේය.
සමනලී ගමටම ඇහෙන්නට කෑ ගසා
හඬා වැලපුණාය. මුගේ ජඩ වැඩ ගැන කලකිරී අවධානයෙන් සිටි ගම්වැසියෝ පොලු,
මුගුරු ගෙන එතැනට කඩා වැදුණහ. "උඹ වරෙන් දුවේ මගේ ගෙදරට යමන්. දරු
දෙන්නාවත් අරගෙන වරෙන්. එතැනට ඕකා ආවොත් ගහලා මරනවා. උඹ බය නැතුව යමං" යැයි
එක් වැඩිහිටියෙක් සමනලීත් දරු දෙදෙනාත් කැඳවාගෙන ගියේය.
ගම්වැසියන් වාහනයෙන් පැමිණිය වුන්ටද පහර දෙන්නට සූදානම් වෙද්දී ඔවුහු පලා
ගියහ. පාදඩයාට පිරිස වට කැරගෙන නොසෑහෙන්නට පහර දුන්හ. "තෝ ආයෙත් මේ කෙල්ලට
අතක් තිබ්බොත් මේ ගෙදර අයට කරදරයක් කළොත් මේ ගෙදර පස් පෑගුවොත් තෝව ගහලම
මරනවා" යැයි පන්නා දැමූහ. මාස ගණනක් ප්‍රතිකාර ගන්නට තරම් ගුටි කෑ පාදඩයා
පලා ගියේය.
අනුරාධපුරයේ ගණිකා නිවාසයේ එවුන්ගෙන් දැන් මූට බේරිල්ලක්
නැත. ලක්‍ෂ තුනහමාර ආපසු දිය යුතුය. එදා ගුටි කන අතරේ ඒ මුදලට වූ දෙයක්
නැත. කර කියා ගන්නට දෙයක් නැති සුසිල් දිනක් සමනලීගේ නිවෙස ඉදිරිපිටට පැමිණ
වස පානය කොට සිය දිවි හානි කැර ගත්තේය.
සමනලිය භාර ගන්නට
කැමැති වූ වෙනත් කෙනෙක් ඇය භාරගෙන විවාහ කැර ගත්තේය. එහෙත් වැඩි කලක් ගත
වූයේ නැත. ඇයටත් වසර එකහමාරක් හා වසර පහක් වූ දරු දෙදෙනාටත් කරදර එළැඹෙන්නට
විය. අඹු - සැමියන් අතර ආරාවුල් ඇති විය. නිවෙස තුළ දුර්ගන්ධයක්
පැතිරෙන්නට විය. සමනලී නින්දෙන් තිගැස්සී ඇහැරෙන්නට වූවාය. රාත්‍රි කළුවරේ
නොපෙනෙන කෙනකු පැමිණ ඇය ස්පර්ශ කරන බව දැනෙන්නට විය. මේ කරදර අඩුවක් නොවන
විට දියණියට එළැඹෙන දුක් කම්කටොලු ඉදිරියේ අසරණ වූ ඇගේ පියා රෝගීව මිය
ගියේය. මෑණියන්ගේ සිහිකල්පනාවද මේ දුක් වේදනාවලින් දුර්වල කොට ඇත. සමනලී
පිළිසරණක් සොයා ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා මව සමඟ පැමිණියාය.
ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා හමුවී සිය දුක් ගැනවිල්ල
පැහැදිලි කරද්දී ඇගේ ශරීරය වෙව්ලා ප්‍රලය වූවාය. ඒ සමඟ සිහි නැතිව වැටුණාය.
දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවැත පැමිණෙන ලෙස උපදෙස්
දුන්නේය.
ඇය බෝධි පූජා ඉටුකොට සති තුනකින් නැවැත පැමිණියාය. එදිනද ඇය
ප්‍රලය වූවාය. එසේ දිෂ්ටි ගැන්වුණු ප්‍රේතයා ගවේෂකවරයාට ඔරවන්නට විය.
රවනවා, ගොරවනවා මිසක කතා කළේ නැත. නාගොඩවිතාන මහතා කතා කළේය.
"කවුද මේ?"
"....." නිහඬය. ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කළේය.
"කවුද මේ?"
"සුසිල්"
"සුසිල් කියන්නේ කවුද?"
"හමුදාවෙන් පැනලා ආපු සෙබළෙක්".
"ඇයි ආවේ?"
"මේකි මට ඕනෑ. මේකිව දාලා යන්න බෑ. දාලා යන්නෙත් නෑ"යි තරයේම කීවේය.
නැවැතත් බෝධි පූජා හතක් පවත්වා එන්නැයි නියම කළේය.
නැවැත පැමිණි දිනයේද දිෂ්ටි ගැන්වීය. එදින ප්‍රේත ජීවියා අඬන්නට විය.
"මේකි මට ආදරේ නෑ. වෙන කෙනකුටයි ආදරේ කළේ."
"දැන් ඔය කතාවලින් වැඩක් නෑ. මුන් වස බිව්වේ මැරෙන්නනෙ. මැරුණා නම් ආයෙත් මොන එහෙකටද මේ ශරීරයට රිංගා ගත්තේ?".
"මේකිව මට ඕනෑ. මම මේකිව දාලා යන්නේ නෑ".
"මගේ යුතුකම මගේ ළඟට ආ රෝගියා සුවපත් කරන එක. එහෙම පෙරේතයන්ට මනුස්සයන් අරන් යන්න දෙන්න බෑ".
"එහෙනම් මම මරාගෙන මැරෙනවා. උඹ කවුද මට බලපෑම් කරන්න. උඹට පුළුවන් දෙයක් කරපන්".
"මම උඹේ ඔය චණ්ඩිකම් මට්ටු කරනවා. ජීවත්ව ඉන්නකම් බලු පාපතර වැඩ කරල
දැනුත් දඟලන්න ආවොත් උඹට දඬුවම් විඳින්න වෙනවා"යි ගවේෂකවරයා අනතුරු ඇඟවීය.
"මේකි මම මැරිලා අවුරුද්දෙන් ආයෙත් කසාද බැන්දා".
"ඉතින් මොකද? උඹ බැඳගත්තේ බලහත්කාරයෙන්. දැන් හොඳ මනුස්සයෙක් බැඳලා. උඹ
තිරිසනෙක්. දෙන්නා අතරේ විශාල වෙනසක් තියෙනවා. උඹ එතනත් ප්‍රශ්න ඇති කළා.
පවුල් අවුල් කළා."
"ඔව් මම පළිගන්නවා".
"අහිංසක ජීවිතවලට කරදර කරන්න පෙරේතයන්ට ඉඩ දෙන්න බෑ".
"මම මේකිව දාලා යන්නේ නෑ. උඹට පුළුවන් දෙයක් කරපන්" යැයි ගවේෂකවරයාට අසභ්‍ය වචනයෙන් බැන්නේය.
"උඹ ජීවත්ව ඉන්දැද්දිත් බලු, පාපතර, පාදඩ වැඩ කරලා දැනුත් ඔය සෙල්ලං කරන්න ආවොත් උඹට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා" ගවේෂකවරයා කීවේය.
"උඹට පුළුවන් දෙයක් කරපන්".
"මම තවමත් උඹට අනුකම්පා කරනවා. කාලකණ්ණි පෙරේතයෙක් නිසා. උඹට මම තව දවස්
හතක් කල් දෙනවා. උඹ වෙනස් නූනොත් බලාගන්න පුළුවන්" යැයි තවත් දවස් හතක්
බෝධි පූජා පවත්වා එන්නැයි සමනලීට කීවේය.
ඊළඟ දිනයේද සමනලී ආවේශ වූවාය.
"මම මේකිව දාලා යන්නේ නෑ. පුළුවන් දෙයක් කරපන්".
"උඹ යන්නෙම නැද්ද?".
"නෑ.... නෑ.... නෑ...."
ප්‍රේත ජීවියා නූලකින් බැන්දේය. සමනලීට තව දින දෙකකින් නැවත පැමිණෙන ලෙස කීවේය.
ප්‍රේත ජීවියාට ශක්ති කිරණ එල්ල කොට පිච්චුවේය. දින දෙකක් පුරා විටින් විට පිච්චුවේය.
දින දෙකකට පසු පැමිණි සමනලීට ප්‍රේතයා බැඳ ඇති නූල දී එය සොහොනකට ගිහින්
දමන්නැයි උපදෙස් දී දිනපතා ඉටු කළ යුතු සරල පිළිවෙත් කීපයක් නියම කළේය.
සොහොනට ගෙන ගොස් දමන ලද ප්‍රේතයාට කුමක් වේදැයි මම නාගොඩවිතාන මහතාගෙන් ඇසුවෙමි.
"මේ ප්‍රේතයා මහා පාපතරයෙක්. සර්පයන්ට විෂ දළ තියෙනවා වගේ මේ වගේ සමහර
ප්‍රේතයන්ට යම් යම් හැකියාවන් තියෙනවා. ඇවිදින්න පුළුවන්. කෙනකු ස්පර්ශ
කරන්න පුළුවන්. ලේ උරා බොන්න, ලෙඩ කරන්න පුළුවන්. මේ ජීවිතය බේරා දෙන්න
වුවමනා නිසා පිච්චුවා."
"ඉතින් වෙනත් ප්‍රේතයන්වත් පුච්චලා පාලනය කරනවානෙ. මේ ප්‍රේතයාගෙ වෙනස මොකක්ද?"
"මේ ප්‍රේතයාට යම් යම් දේ කළ හැකි, යම් යම් හැකියාවන් තියෙනවා. ඒ හැකියාවන් නැති වී යන තුරුම පිච්චුවා."
"කොහොමද හැකියාවන් නැති වෙන්නේ?"
"මේ පිලිස්සූ වේදනාව ඉතා දරුණුයි. ඒ වේදනාව දිගින් දිගට නොනවත්වා දැනෙනවා.
ඒ වේදනාව දැනෙන තුරු ප්‍රේතයාට වෙනත් සිතිවිල්ලක් මතු වෙන්නේ නෑ මතු කර
ගන්නත් බෑ. ඒ වේදනාව තුළින්ම දුක් විඳිනවා. ඒ නූල සොහොනට ගිහින් දැම්මාම
බන්ධනයෙන් නිදහස් වේවි. ඒත් කාලයක් සොහොනටම වෙලා දුක් විඳීවි."
"කොච්චර විතර කාලයක්ද?"
"අවුරුදු පන්සීයක් විතර!"
සමනලී පත්වී සිටින තත්ත්වය සලකා "ආර්ය මිතුරො" සංවිධානයට ඉදිරිපත් කොට ඇගේ
අධ්‍යාපන සුදුසුකම්වලට අනුව ඇයට පෞද්ගලික ආයතනයක රැකියාවක්ද ලබා දුන්නේය.
ඇය දැන් ගිණුම් ලිපිකාරිනියකි.
පැරණි
ජන සමාජයේ යකා කියන එකා සිරාවටම ඉදපු එකෙක්.මුන් ගොඩක් දරුණු උනත් යම් යම්
තද මන්තර බන්දන වලින් මෙල්ල කරල යක්කුන්ගෙන් ඒ කාලෙ මන්තර අදුරන් වැඩ අරන්
තියනව.යකා ශරීර ශක්තියෙන් ගොඩක් ඉහල වීම ඒකට හේතුවක් වෙන්න පුලුවන්.මේ
කියන්න යන කතාව ජන කතාවක්.මේ කතාවෙන් පස්සෙත් තියනව මේ වගේම සත්ය
සිදුවීමකුත් අරන් එන්න.රසය දැනෙන කතාවක් හන්ද මම හිතුව මේකත් ඔයාල එක්ක
බෙදාගන්න.කාලෙකට ඉස්සර ඈත පිටිසර ගමක ජීවත් වෙල තියනව තරුණ ව්ය ඉක්ම නොවුන
ගොඩක් දක්ශ කට්ටඩි රාල කෙනෙක්.විවාපත් වෙලා බිරින්දැ එක්ක ගොඩක් සතුටින්
ජීවිතේ ගෙවපු මෙයාල දැනගත්ත ඉක්මනට ගෙදර පාලුව මකන්න දරු සිගිත්තෙක්ගෙ මූන
බලන්න පුලුවන් වෙන වග.ගැබ්බර බිරිදට වැඩපල තනියම කරගන්න අපහසු හන්ද එක
දවසක් කපු මහත්තය වැඩපල කරගන්න මනුස්සයෙක් අරන් එනව මේ ගෙදරට.එදා ඉදන් ගෙදර
වැඩ්පල ටිකට මේ මිනිහ උදව් වෙනව.එක දවසක් ගුරුන්නාන්සෙට වෙනත් ගමක
ගුරුකමකට ඈතට යන්න වෙනව.බිරියට දරුව ලබෙන්නත් වැඩි කාලයක් නොතිබුන හන්ද
එයාට ගොඩක් පරෙස්සමෙන් ඉන්න කියපු අපේ කතානයක කට්ටඩි රාල යන්න කලින් අර
මනුස්සයට දර ගොඩක් පෙන්නල කියනව අන්න අර දර ගොඩ මම එනකල් පලා දාපන් කියල.ඒ
දර කන්ද එක දවසින් පලා ඉවර කරන්න බැරි තරම් කන්දක්.කොහොමහරි කට්ටඩි රාල
පිටත් වෙලා හෝරාවක් දෙකක් ගතවෙනකල් වැඩ කරපු අර මිනිහ දුවගෙන එනව අර ගෑනු
මනුස්සය ලගට.ඇවිත් කියනව අනේ මනිකෙ රාලහාමි මහත්තයට මම මේක නොකිවෙ මට බනින
හන්ද.දැන් දෙතුන් දොහකට කලින් කැලේ දර ඇහිදිනකොට මගෙ ඔලුවෙ මොකද්දෝ
ඇනුන.දැන් හරි වෙදනාවයි කියල.ඔලුවට කිට්ටු කරල බලනකොට ලොකු දෙහි කටුවක්
ඔලුව ඇතුලටම ඇනිල වග කට්ටඩි බිරිද දැකල.තමුසෙ මෙච්චර එකක් වෙලත් කොහොම
ඉවසන් උන්නද.ඔහොම හිටින්කො මම ගලවන්න කියල කටුව ගලවල දැම්මලු....
ගුරුන්නාන්සෙ හවස් ජාමෙ වෙනකොට වැඩ අහවර වෙලා ගෙදර එනව.ඒ එනකොට ඈත තියා
ඉස්සරහ දොරේ උලුවස්සෙන් දකින දෙයින් ගුරුන්නාන්සෙ කීරි ගැහෙනව.ලේ විලක් මැද
වටිල ඉන්නෙ තමන්ගෙ ආදරණීය බිරිද.ගිඩි ගිඩි ගාල ගැහෙන හදවතින් ගේ ඇතුලට පිය
මනින ගුරුන්නාන්සෙ දකින දර්ශනය හද කම්පා කරන්නක්.එයාගෙ බිරිදගෙ බඩ පලල
ගත්ත දරු පැටියගෙ බාගයක් කාල එතනම බිම දාල තිබුන.ලේ යාමත් කම්පනයත් හන්ද
දරු පටියගෙ අම්මත් මිය ගිහින් උන්න.එතනම ඉස්සරහ බිත්තියෙ ලේ වලින් මෙහෙම
ලියල තිබුන."මෙච්චර කල් මාව හිර කරාට පලිය මම උබෙන් ගත්ත.." තමන්ගෙ මුලු
ලොකෙම මේ විදියට ඇස් ඉස්සරහ කඩන් වැටිල තියන මේ වෙලාවෙ කපු මහත්තය මාරාවෙශ
උනා.යකා ඉවරක් කරන්න හිතන් මගට බැස්ස.කැලේ මැදට ගියපු කපු මහත්තය වැලි
වලින් රවුම් දෙකක් අදිනව.ඒ එක රවුමකට යකාට තමන් ලගට එන්න බැරි වෙන්න ආරක්ශක
මන්තරයක් මතුරල ඒ රවුම අතුලෙ ඉදන් මතුරනව යකා ගෙන්නගන්න.ටික වෙලාවයි එහෙම
මතුරන්නෙ.කැලේ දෙවනත් කරන් යකා මතු වෙනව.ලොවි ගෙඩි වගේ රතු උන එලියට පනින්න
තරම් ඉදිරියට නෙරපු ඇස් දෙක,කටින් එලියට පැනපු දත් කුට්ටම වගේම එලියට දික්
කරගත්ත රතු පාට දිව,කාලවර්ණ ලොම් පිරුන ශරීරය වගේම මහත බඩගෙඩිය,අගිලි
වලින් දිගට නෙරපු නියපොතු පිහිටන යකෙක් දැක්කම ඕනෙම චන්ඩියෙක් සසල වෙනව.කපු
මහත්තය ජප කරන මන්තර වලින් යකා එහා ඇදපු රවුම මැද නතර වෙලා හිර වෙනව.ඊලගට
කියන මන්තර වලින් රවුම මැද ගිනි ඇවිලෙනව.යකාගෙ කෙදිරිලි හඩින් මුලු කැලේම
දෙවනත් වෙනව.තමන්ගෙ බිරිද අර දරු පැටිය කොයි තරම් වේදනා විදින්න ඇද්ද කියල
හිතුනම මන්තර වල වේගෙ වැඩි උනා.අන්තිමට යකා දැවිල අලු වෙනව.තමන්ගෙ පලි
ගැනීම සාර්තක උනා වගෙම තමන්ට තිබුන ලොකෙ යකා හන්ද විනාශ උන දුක නැති කරගන්න
මොනවද කරන්න ඕනෙ කියන එක දැනන් හිටියෙ කපු මහත්තයගෙ ඉනේ රැදුන කිනිස්ස
විතරයි... පපුව හරහ වේගෙන් එල්ල කරගත්ත කිනිසි පාරින් කපා හෙලපු කෙසෙල්
කදක් වගේ කපු මහත්තය රවුම ඇතුලෙ මැරිල වැටෙනව...
බෝධි පූජාව තියන විට මහ හඩින් හැඬූ ප්‍රෙතිය
“රෑට නිදාගන්න දෙන්නෙම නෑ. යන්තම් නින්දයාගෙන එනකොටම කවුදෝ කෙනෙක් කකුලෙන් අදිනවා. ඉතින් ගැස්සිලා ඇහැරෙනවා”යි සිරිසේන කීවේය.
“තමුන් කොහේද පදිංචි?”
“පිළියන්දල. අලුතෙන් සල්ලිවලට ගත්ත ගෙයක.”
“අලුතෙන්ම හදපු ගෙයක්ද?”
“නෑ, ඒ ගෙදර හිටපු අය ගේ අපට විකුණලා වෙනත් දිහාවකට පදිංචියට ගියා.”
“ඔහොම තමයි. අනුන් හදපු ගෙවල්වල පදිංචියට ආවම. ඒ ගෙවල් හදලා තියෙන්නේ ඒ අය
උපන් නැකැත්වලට. ඒ වගේම ඒ අය ගේ විකුණලා යන්න ගියත්, ඒ ගෙවල්වලට ආශාවෙන්
මැරිලා දුගතිගාමීව ඉපැදුණු අමනුස්සයෝ ඒවා අතහැරලා යන්නේ නෑ. ඔය ගෙදර කොයි
වගේ එකක්ද?”
ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා සිරිසේනගෙන් තවදුරටත් ප්‍රශ්න කළේය.
“ගේ අලුත් එකක්. හදලා අවුරුදු හතරකට පහකට වැඩිය නැහැ. කාමර හතරයි, සාලයයි,
කෑම කාමරයයි, කුස්සියයි තියෙන්නේ. දැනට අපිත් අරගෙන අවුරුදු පහක් වෙනවා.”
“වෙන කවුද ගෙදර ඉන්නේ?”
“අපි පස් දෙනා විතරයි”
සිරිසේන පැවැසුවේ එහි පැමිණ සිටි බිරියත්, දරු තිදෙනාත් පෙන්වමිනි.
“කාමර හතරම නිදන කාමරද?”
“නෑ. තුනක් නිදන කාමර. එකක් ගබඩා කාමරයක්. ඒ ගබඩා කාමරෙන් නිතරම වගේ
දුර්ගන්ධයක් දැනෙනවා. කලින් හිටපු අය අතහැරලා දාලා ගිය අල්මාරියකුත් ඒ
කාමරේ තියෙනවා. ඒක ඇතුළෙ ගෑනු ළමයකුගෙ ඇඳුම් වගයකුත් තියෙනවා. ඒ කාමරේ
ඉඳලා සුදු සාරියක් ඇඳගත්තු තරුණ ගෑනු ළමයෙක් රෑට එහා මෙහා යනවා පෙනෙනවා.”
“කොච්චර කාලයක ඉඳලද ඕවා දැක්කේ?”
“අපි මේ ගෙදර පදිංචියට ආපු මුල් දවස්වල ඉඳලම ඒ දුර්ගන්ධය දැනුණා. සතියක් දෙකක් ගත වෙනකොට ඒ ඡායාව පෙනෙන්නත් ගත්තා.”
“ඉතින් අවුරුදු පහක් තිස්සේම ඔය අමනුස්සයත් එක්කමද ජීවත් වුණේ?”
“ඔව් මහත්තයා වෙන මොනවා කරන්නද? සල්ලි දීලා ගත්ත ගේ දාලා කොහේ යන්නද?
කරදර වැඩිවෙනකොට ඇදුරන් ගෙන්නලා තොවිල් පවිල් කළා. එහෙම කළාම මාසයක් හමාරක්
කරදර නැතිව ඉන්නවා. ආයෙත් කරදර පටන් ගන්නවා. මේ කාලය තුළ තොවිල් හතක් අටක්
කළා. පිරිත් කිව්වා. වැඩක් වුණේ නෑ. ඒකයි ඔබතුමා ගැන පත්තරෙන් දැකලා,
හොයාගෙන ආවේ” යි සිරිසේන ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ආ
ආකාරය පැවැසීය.
ගවේෂකවරයා සිරිසේන වෙතට ශක්ති කිරණ එල්ල කරන විට ඔහු
පසුපසට විසිවී ගොස් වැටුණේය. බිම වැටී දඟලන්නට වූයේය. ඔහුගේ ශරීරයට ඇතුළු
වී සිටි ප්‍රේත ජීවියා ඉවත් කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ බෝධි
පූජා පවත්වා නැවැත එන්නැයි උපදෙස් දුන්නේය.
සති තුනකට පසුව සිරිසේන පවුලේ අය සමඟ නැවැත ආවේය. එදින ඔහු දිෂ්ටි වී අඬන්නට පටන් ගත්තේය. ගවේශකවරයා ප්‍රශ්න කළේය.
“කවුද මේ අඬන්නේ?”
“මේ මගේ ගෙදර මට යන්න බෑ. මගේ ගෙදර දාලා මම කොහේ යන්නද?”
“හරි හරි අපි තවම යන්න කීවේ නැහැනේ. මම ඇහැව්වේ ඔය කවුද කියලා.”
“මම රෝෂිණී.”
“රෝෂිණී මොනව වෙලාද මැරුණේ?”
“ගෙදර පිටිපස්සෙ පඩිය ළඟ ලිස්සලා වැටිලා ඔළුව වැදුණා. එච්චරයි මතක සිහිය නැතිව ගියා.”
“මොන අවුරුද්දෙ ද?”
“1997”
“ඊට පස්සේ කවද ද සිහිය ආවේ? මොනවද දැක්කේ?”
“මගේ ශරීරය මිනී පෙට්ටියක තියලා තිබුණා. ලස්සන සුදු සාරියක් අන්දලා තිබුණා දැක්කා. ඒ වෙලාවේ තමයි සිහි කල්පනාව ආවේ.”
“වෙන මොනවද දැක්කේ?”
“නෑදෑයො ඇවිත් හිටියා. මගේ අම්මයි, තාත්තයි අඬනවා දැක්කා. සුනන්දත් ඇඬුවා.”
“කවුද සුනන්ද කියන්නේ?”
“ඒ මාව බඳින්න හිටිය එක්කෙනා.”
“ඒ වෙනකොට රෝෂිණීට වයස කීයද?”
“අවුරුදු විසි අටයි.”
“රෝෂිණීගේ අවසන් කටයුතුවලින් පස්සේ කොහෙද ගියේ?”
“මම කොහේ යන්නද? ගෙදරමයි හිටියේ.”
“ඒ මොකද? මැරුණ නම් ඉවත් වෙලා යන්න එපෑයැ.”
“ඒ මොකටද කොහේවත් යන්නේ? මගේ ගෙදර, මගේ බඩුමුට්ටු.”
“ඊට පස්සෙ?”
“මම ගෙදර ඉන්නවා දැකලා අම්මයි තාත්තයි බය වුණා.”
“ඇයි අම්මයි තාත්තයි ඔයාට පින් දුන්නේ නැද්ද?”
“ඒ අය පින්කම් කළා. මට පින් දැනුණේ නෑ.”
“කට්ට¾ඩි ගෙනැල්ලා මාව ගෙදරින් පන්නන්න හැදුවා. මට කේන්ති ගියා. කේන්ති ගිහින් ඒ දෙන්නට කරදර කළා. බය කළා.”
“ඊට පස්සේ?”
“ඊට පස්සේ ඒ දෙන්නා ගෙදර ඉන්න බැරුව ගේ විකුණලා යන්න ගියා.”
“ඉතින් ඒ අය එක්ක ඔයාටත් යන්න තිබුණනේ?”
“මම මොකටද යන්නේ? ගියත් එතැනටත් කට්ටඩි ගෙනැල්ල මට කරදර කරන්න හදාවි. මම
මගේ ගෙදර නතර වුණා. මගේ අල්මාරිය, ඇඳුම් මේ ගෙදරමනෙ තිබුණේ.”
“මේ ගෙදරට කට්ටඩි ඇවිත් මොනවද කළේ?”
“මම දන්නෙ නෑ. අම්මයි, තාත්තයි තොවිල්වලට සූදානම් වෙනකොට මම පැනලා ගියා. ගිහින් සොහොනට වෙලා හිටියා. මාසෙකින් විතර ආයෙත් ආවා.”
“ඉතින් සොහොනෙම ඉන්න තිබුණනේ?”
“අපෝ එතැන හරියට සෙනඟ. එතැන ඉඩ නෑ. කරදරයි. මම ආපහු ගෙදර ආවා. මට මගේම
තැනක් තියෙද්දි මම මොකටද සොහොනෙ ඉන්නේ. එතැන ඉන්නෙ යන්න එන්න තැනක් නැති
අය.”
“ඉතින් මේ ගෙය අලුතින් ගත්ත අයට ඇයි කරදර කරන්නේ?”
“මම කාටවත්
කරදර කරන්නේ නෑ. මම මගේ අල්මාරිය ළඟට වෙලා ඉන්නවා. ඉතින් මේ අය මාව දැකලා
බය වුණාට මම මොනවා කරන්නද? මේ ගොල්ලොත් කට්ට¾ඩි ගෙන්නනවා. එතකොට මම පැනලා
යනවා. ආයෙත් එනවා.”
“මේක හරියන්නෙ නෑ. තමුන්ට මේ ගෙදර ඉන්න බෑ.”
ප්‍රේත ජීවියා යළිත් හඬන්නට වූවාය. නොනවත්තවා හඬන්නට වූවාය. ඇඩිල්ල නතර
කරන්නට අපහසු වූ බැවින් සිරිසේනගේ ශරීරයෙන් ප්‍රේත ජීවියා ඉවත් කළේය.
නැවැත බෝධි පූජා හතක් පවත්වන ලෙසද, ඒ ගෙන යන මල් වට්ටිය වේලපහින් සකස් කොට
රෝෂිණීගේ අල්මාරිය ඇති කාමරයේ තබා සවසට පන්සලට ගෙන යන ලෙසද උපදෙස් දුන්නේය.
බෝධි පූජාව ආරම්භ කළ මුල් දිනවල රාත්‍රියට ප්‍රේතිය මහ හ¾ඩින් හඬන හඬ
නිවෙසේ සියල්ලන්ටම ඇසෙන්න විය. වෙනදා ලස්සන සුදු සාරියකින් සැරැසී ඡායාවක්
ලෙස පෙනුණු කාන්තා රූපය, තද නිල් පැහැ ගත් මුහුණින් යුතුව කොණ්ඩය කඩාගෙන
සාලයේ පුටුවක හිඳගෙන සිටින අයුරු රෑ දවල් දෙකේම විටින් විට පෙනෙන්නට විය.
බෝධි පූජාවේ පස්වැනි දිනයේ සිට මෙතෙක් ගෙදර පැවැති කරදර තත්ත්වය මඳක්
අඩුවිය.
නැවත සිරිසේන පවුලේ අය සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියේය. එදින ද ඔහු දිෂ්ටි ගැන්වීය.
“කොහොමද රෝෂිණී?”
“අනේ මන්දා මහත්තයා”
“රෝෂිණී 1997 මැරුණා නේද?”
“ඔව්”
“ශරීරය වළ දැම්මා නේද?”
“ඔව්”
එතැනින් රෝෂිණී ඉවරයි. දැන් වෙනත් කෙනෙක්.”
“ඔව් මට දැන් තේරෙනවා.”
“මේ අය බෝධි පූජාවට යනකොට ඔබත් ගියාද?”
“ඔව්, අන්තිම දවස්වල ගියා.”
“මොනවද දැනුණේ?”
“අමුතු සුවයක් දැනුණා.”
“එතැන වෙන මොනව ද දැක්කේ?”
“මම වගේ තවත් අය එතැන හිටියා. ඒ අය මිනිස්සු මල් පහන් පූජා කරනකොට ඒවාට අත
ගසා සාධුකාර දුන්නා. මමත් එහෙම කළා. එතකොට හිතට විශාල සහනයක් දැනුණා.”
“රෝෂිණී හොඳ කෙනෙක්. කාටවත් කරදරයක්, පාඩුවක් නොකර ජීවත් වුණ කෙනෙක්. ඒ මේ
මගේ ගෙයය, මගේ අල්මාරියය, මගේ ඇඳුම්ය කියා හිතින් අල්ලාගෙන හිටපු නිසා
දිව්‍යාත්මයක් ලබා දිව්‍යාංගනාවක් වෙන්න බැරි වුණා. මගේය මගේය කියල ගෙවල්
ෙදාරවල් බදාගෙන හිටියම ප්‍රේතාත්ම ලබා ඒවායේම උපදින්න සිද්ධ වෙනවා.
රෝෂිණීත් මැරිලා ප්‍රේතියක් වෙලා උපන්නා. ඔතැනම තව දුරටත් හිටියොත් මේ අය
රෝෂණීව අල්ලලා බැඳලා මුහුදට දාන්න කියාවි.”
“අනේ! අනේ! එපා මහත්තයා. ඒක නම් කරන්න එපා. මට හොඳ තැනකට යන්න මහත්තයා උදවු කරන්නකෝ. එතකොට මහත්තයා කියන හොඳ තැනකට මම යන්නම්.”
“හොඳයි මම කියන දේ කරන්න ඕනෑ.”
“හොඳයි කියන දෙයක් මම කරන්නම්.”
“එහෙම නම් මේ සිරිසේනලා තවත් දවස් හතක් බෝධි පූජා තියාවි. හෙට ඉඳලා ඒ අය
සමඟ බෝධි පූජාවට ගිහින් ඒ දවස් හත එතැන නතර වෙලා ඉඳලා අටවැනි දවසේ ගෙදර
එන්න.”
“හොඳයි මම එහෙම කරන්නම්.”
බෝධි පූජාව පටන් ගත් දිනයේ
සිට නිවෙස ශුද්ධ පවිත්‍ර කොට අටවැනි දින දහවලට භික්ෂුන් වහන්සේ දස නමක්
නිවෙසට වඩම්මවා සාංඝික දානයක් පිරිනමා රෝෂිණිගේ නම කියා පැන් වඩා ඇයට පින්
අනුමෝදන් කරන ලෙසද උපදෙස් දුන්නේය.
මේ අතර රෝෂිණීගේ අල්මාරිය
අලුත්වැඩියා කොට පන්සලට දානය දවසේ පූජා කරන ලෙසද, ඇගේ ඇඳුම් සෝදා පිරිසුදු
කොට ගමෙන් අෑත සිටින නැතිබැරි කෙනකුට පරිත්‍යාග කරන ලෙසද, එසේ දෙන්න බැරි
ඇඳුම් පුලුස්සා දමන ලෙසද උපදෙස් දුන්නේය.
දානය පිරිනමා පැන්වඩා පින්
අනුමෝදන් කළ විට සිරිසේන දිෂ්ටි ගැන්වී “මම යනවා. මම යනවා. ආයෙත් එන්නෙ නෑ,
සාධු.... සාධු... මම කැලණියට යනවා” යි ප්‍රේත ජීවියා ඉවත්ව ගියාය.
මහ මුහුදේ මායාකාරියන්,දියකිදුරියෝ
“දිය කිදුරියෝ“, මේ නම ඇහෙනකොටම අපේ හිත්වල මැවෙන්නේ අඩක් මත්සයෙක් වූත්
අඩක් ඉතාමත් ලස්සන අහිංසක කාන්තාවකගේ රූපයක්.මොනවා වුනත් පුරාවෘත වලට අනුව
දිය කිදුරියෝකියන්නේ ශාප ලත් පිරිසක්.ඒවගේම ඒ අය කියන තරම්ම අහිංසක අයත්
නෙමෙයි.එක එක රටවල් වල,විවිධ විවිධ ආගම් වල අය දියකිදුරියන් ගැන එක එක
විධිහේ කතා ගොඩක් තියෙනවා.මොන විධිහේ කතා කිව්වත් දිය කිදුරියන් කියලා කියන
සත්ව විශේෂය අදටත් මනහ්කල්පිත සත්වයින්ගේ කොට්ඨාශයට තමයි අයිති
වෙන්නේ.කිහිප වතාවක්ම මේ සත්වයින් ගැන විවිධ ප්රදේශ වලින් වාර්ථා වුනත්
පිලිගන්න තරම් සාක්ෂි මදි කියලා තමයි විද්‍යාඥයින් නම් කියන්නේ.
“දියකිදුරියන් විවාහ කර ගැනීම අකාලයේ මරණය ලගා කරගැනීමකි“.මේ චීනයේ ඈත
අතීතයෙ ඉදන් භාවිතා වන ප්රස්ථා පිරුළක්.මේ ප්රස්ථා පිරුළ පිටිපස්සේ කථාවක්
තියෙනවා.ඔවුන් කියන විදිහට දියකිදුරියන් කියන්නේ සිත් වශීකරගන්නා තරම්
රූසපුවකින් හෙබි කාන්තාවකගේ උඩුකයක් ඇති සත්ව විශේශයක්.ඒ කාලේ චීන ධීවරයින්
විසින් වශී ගුරුකම් මගින් මේ දියකිදුරියන්ව වශී කරගෙන විවාහ කරගෙන
තියෙනවා.නමුත් ඔවුන් දැනගෙන ඉදලා නෑ ඒ නිසා ඔවුන් කිදුරු ශාපයට ලක් වු
බව.මේ විදිහට කිදුරියන් විවාහ කර ගත් ධීවරයින් වැඩි කල් යන්න කලින්ම කිදුරු
ශාපහට ලක් වෙලා අකාලයේම මැරිලා ගිහින්.ඒ නිසාලු දියකිදුරියන් විවාහ කර
ගැනීම අකාලයේ මරණය ලගා කරගැනීමක් කියලා ඔවුන් විශ්වස කරන්නේ.මෙහෙම තමයි
චීන ජනතාව දිය කිදුරියන් ගැන විශ්වාස කරන්නේ.මොනවා වුනත් අදටත් චීන
ධීවරයින් මුහුදු යන්න කලින් කිදුරු පහන කියලා පහනක් පත්තු කරනවලු.ඒ ඔවුන්ට
යම් හෙයකින් මුහුදේදී කිදුරියක් හමු වුවහොත් ඔවුන් කෙරෙහි තම සිතෙහි ආදරයක්
ඇති නොවේවා යනුවෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටීමටය.
ජෛන ආගමේත්
දියකිදුරියන් ගැන කියවෙනවා. දේව ආශිර්වාදය හා මිනිසෙකුගේ පින් මහිමයෙන්
දියකිදුරියක වී ඉපදුන ලද ජෛන කාන්තාවක් ඉතා ලස්සන කතා පුවතක් “කිදුරු
වැනුම“ නමින් ජෛන සාහිත්‍යෙය් කියවෙනවා.
නමුත් ඈත අතිතයේ පටන්ම යුරෝපීය
නාවිකයින්ගේ සිත් තුල දියකිදුරියන් ගැන ඇත්තේ වෙනස්ම ආකාරයේ
සිතිවිල්ලක්.ඔවුන් දියකිදුරියන් ලෙස හදුන්වන්නේද පෙර කී ආකාරයේම භාහිර
ස්වභාවයක් ඇති සත්ව කොට්ඨාශයකටයි.නමුත් ඔවුන් විශ්වාස කරන්නේ දියකිදුරියන්
එක්තරා ආකාරයේ මායා කාරියන් පිරිසක් ලෙසටය. දියකිදුරියන් නාවිකයින්ව වශී
කරගෙන ඔවුන්ව තමන් පසු පස මුහුද තුලටම ගෙන්වා පසුව ඔවුන්ව ආහාරයට ගන්නා බව
ඔවුන්ගේ මතයයි.
ඉහත සදහන් කරන ලද කරුණු සියල්ලම එකට ගත් කල එක
කාරණයක් පොදු වේ.ඒ දියකිදුරියන් යනු මිනිසුන් වශී වන තරම් රූපකායක් ඇති
සත්ව කොට්ටාශයක් යන්නයි.එය තව තවත් ඔප්පු කරනා සිදුවීමක් 1952දී සිදු විය.ඒ
ඇමරිකානු නාවික කපිතාන් වරයෙකු වූ ලුතිනන් ජෙනරල් පිට්සන්ගේ දින පොතේ
සදහන් කර තිබූ සිදුවීමයි.එහි සදහන්ව තිබුනේ ඔහු විසින් මහ මුහුද මැදදි අහඹු
ලෙස දකිනා ලද දියකිදුරියක් ගැනය.ඔහු සදහන් කර තිබූ ආකාරයට ඔහු දුටු දිය
කිදුරියට සිත් වසග කරනා රූපයක් ඇති බවය.තවද මුහුදු වෙරලවල් වලට
දියකිදුරියන්ගේ යැයි සැක කල හැකි මල සිරුරු ගොඩ ගැසීම් කිහිපයක්ම වාර්ථා
වුවත් විද්‍යාඥයන් තවමත් මේ සතුන්ව තබා ඇත්තේ මනහ්කල්පිත සත්ව කොට්ටාශයේය.
මේක
සිද්ද වෙලා තියෙන්නේ එක්තරා ගම් පළාතක කාලයකට ඉස්සර ජීවත් වුන දක්ෂ කට්ටඬි
මහත්තයෙකුට. මේ කට්ටඬිමහතා ට කරන්න භාර වුන ගුරුකමක් කරද්දි තමයි මේ
සිද්ධිය වෙලා තියෙන්නේ. මේක ටිකක් බරපතල ගුරුකමක්. මේ ගුරුකම කරන්න නම්
මැරුණ තරුණ ගැහැණු ළමයෙක් අවශයයි. හැබැයි එහෙම ආවට ගියාට මැරුණ ගැහැණු
ළමයකුගේ සිරුරක් මේ වැඩේට හරි යන්නේ නැහැ.මොකද මේ වැඩේට ඕන තරුණ ගැහැණු
ළමයා කන්‍යාවියක් වෙන්න ඕන, ඒ වගේම සිය කැමැත්තෙන් දිවි තොර කරගත්ත කෙනෙක්
වෙන්නත් ඕන. ඒ කියන්නේ සියදිවි හානි කරගත්ත කෙනෙක්. ඉතින් මෙහෙම ගැහැණු
ළමයෙකුගේ මිනියක් සොයා ගන්න එකත් ලේසි නැති නිසා, මේ කට්ටඬියයි එයාගේ
ගෝලයයි එක්ක අවට ගම්මාන හැම එකකම විපරම් කරමින් හෙව්වේ මේ විදියට මැරුණ
ගැහැණු ළමයෙකුගේ සිරුරක් සොයා ගන්න.
කොහොම හරි මේ කට්ටාඬියාට
අවශ්‍යම විදියටම අල්ලපු ගමක ගැහැණු ළමයෙක් මැරුණා කියලා ආරංචි වෙලා
තියෙනවා.ඉස්සර කාලේ මිනිය එම්බාම් කරන්නේ නැති නිසා වැඩි දවසක් නොතියා
අවසන් කටයුතු කරලා තියෙනවා.
දැන් ඉතින් ගුරුකමට අවශ්‍ය කළමනා
සියල්ලම එකතු කරගත්ත කට්ටඬිමහතා, එයාගේ ගෝලයත් එක්ක එකතු වෙලා කනත්තට
එහායින් කැළේ පැත්තට වෙන්න තැනක් සූදානම් කරගෙන, ගැහැණු ළමයාගේ මිනිය වලෙන්
ගොඩට අරගෙන එතනට ඇවිත් වැඩේට සූදානම් වෙලා.
මිනියේ ඇඳුම් ඉවත්
කරලා නාවා පිරිසිඳු කරලා පැත්තකින් බිම දිගා කරලා තියලා කට්ටඬයා මන්ත්‍ර ජප
කරන්න පටන් අරගෙන. මන්ත්‍ර ජප කරන අතර ගෝලයා කුකුළෙක් අරගෙන උගේ බෙල්ල
කපලා ඒ ලේ වලින් මේ කන්‍යාවියගේ සිරුර සම්පූර්ණයෙන්ම නහවලා. දැන් මේ ගැහැණු
ළමයාගේ සිරුර කුකුළා ගේ ලේ වලින් වැහිලා.රතුම රතු පාටයි. රාත්‍රියේ අඩ
අඳුරේ කරන ගුරු කමක් නිසා මේ සිරුර දිහා බලන එකත් බය වැඩිකරවනවා.
දැන් තමයි හොඳම හරිය.
මේ විදියට කට්ටාඬියා මන්ත්‍ර ජප කරගෙන යන කොට මේ මිනියේ දිව ටිකෙන් ටික
දික් වෙන්න පටන් අරගෙන. තව තවත් මන්ත්‍ර ජප කරන කොට මිනියට පණ ඇවිත්. පණ
ආපු මිනිය එකපාරටම නැගිටලා. හයියෙන් හූ කියපු මිනිය කුකුළා ගේ බෙල්ල කපපු
පිහිය අතර අරගෙන ළඟ තිබුන ගහක ගැඹුරට ඇනෙන්න විසිකරලා. මේ සිදුවීමෙන්
බලාගෙන හිටපු ටික දෙනා හොඳටම බය වෙලා දුවන්න පටන් අරගෙන. එතන ඉතුරු වෙලා
ඉඳලා තියෙන්නේ කට්ටාඬියයි එයාගේ ගෝලයයි විතරයි.ලේ පෙරාගෙන දිව දිගු කරගෙන
හිටපු මිනිය කට්ටාඬියා දිහාට හැරිලා මෙහෙම කිව්වලු.
“මම මැරුණේ නැහැ.ඌ මාව මැරුවා.මම තොපෙන් පළි ගන්නවා.මං උඹවත් අරගෙන යනවා“
ඊට පස්සේ මිනිය පණ නැතුව ඇදගෙන වැටිලා.
මේ දේවල් කියලා තියෙන්නේ කට්ටාඬියා දිහා බලා ගෙන නිසා කට්ටාඬි මහත්තයා හොඳටම බය වෙලා.
කරන්න ආපු වැඩෙත් වැරදුන නිසා ආපහු මිනිය සෝදලා, ඇඳුම් අන්දලා කලින් වළලපු තැනම වළදාලා ගෝලයත් එක්ක ඇවිත්.
පස්සේ මේ ගැන ගමේ කසුකුසුවක් ගියාම මේ ගැන ආපහු හොයලා බලන්න පටන් අරගෙන.
මැරුණ ගැහැණු ළමයා, එයාගේ ගමේම තරුණයෙක් එක්ක ප්‍රේම සම්භන්ධයක් පවත්වලා
තියෙනවා.අන්තිමට මේ කොල්ලා අතින් මේ කෙල්ලට දරුවෙක් ලැබෙන්න ඇවිත් තියෙනවා.
ඒ බයට මේ කෙල්ලට මැරෙන්න කියලා කොල්ලා තර්ජනය කරලා.ගමේ අයට මුහුණ දෙන්න
බැරි වෙන නිසා කෙල්ල සිය දිවි හානි කරගෙන තියෙන්නේ කොල්ල ගැන වෛරයක් හිතේ
තියාගෙන.
හැබැයි දරුණුම සිද්ධිය වුනේ ගුරුකම කරන්න ගිය
කට්ටාඬියාට. එදා ගුරුකම වැරදුන දවසේ ඉඳන් කට්ටඬියාට එක දවසක් වත් හරියට
නිදාගන්න ලැබිලා නැහැ. හැමදාම හීනෙන් බය වෙනවා. තමන් දන්න මන්තර සාස්තරෙන්
මොන තරම් ගුරුකම් කලත් මේ බය වෙන එක නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා. හරියටම
ගුරුකම කරලා දවස් 7 කට පස්සේ මේ කට්ටාඬි මහත්තයා නිදි ඇඳේදිම අභිරහස්
විදියට මැරිලා තියෙනවා.
අසාමාන්‍ය භයකින් මැරුණ ලක්ෂණ මුහුණෙන් පේන්න තිබිලා තියෙනවා. කට්ටඬියාගේ ගෝලයත් පිස්සු හැදිලා ඉබාගාතේ යන්න ගිහින්...
මම වැඩ කරන්නේ ඇෆ්ඝනිස්තාන් වලානේ. 2008 ඉදන් වැඩ කරන්නේ
මෙහෙ තමයි .ඔන්න ඔහොම ඉන්නකොට තමඊ එළකිරි එකේ පොස්ට් එකක් දැක්කේ කාසි බුතය
ගැන .ඒ පොස්ට් එකේ තිබ්බේ කොල්ලෙක් ඕක කරන්න ගිහිල්ල මැරිලා කියල
.සාමානයෙන් ඔය වගේ දේවල් දැක්කම පොඩි අමාරුවක් එනව් මගේ ඇගට .එක දැකපු ගමන්
කරේ ගූග්ලේ එකේ හොයල බැලුව මේ වැඩේ ගැන. අම්ම ගහයි කිව්වලු අම්බානෙකට
resault .
එට පස්සේ මම එළකිරි එකේ දැම්ම මේක කරන විදිහ.එත් සහෝදරයෙක් කරපු ඉල්ලීමක් අනුව එක අයින් කරා.
එට පස්සේ මම වැඩේට ඇත ගැහුවා. හොයා ගත්ත වැඩේ කරන්න තව 2ක් ව .එකෙක් කෙන්යන් , අනික නේපාල කාරයෙක් .
හා හා පුර කියල ගූග්ලේ එකෙන් ouja බෝඅර්ඩ් එකේ image එකේ ප්‍රින්ට් එකක්
අරන් ඉටිපන්දම් හොයාගෙන වැඩේට බැස්ස .camera සෙට් කරලා ඔන්න කසියත් කොලෙන්
තියල මමයි නේපාල එකයි ඇගිල්ල කාසිය උඩින් තියාගෙන ඇහුව කවුරු හරි අමනුස්ස බලවේගයක් ඉන්නවද කියල අපි අතර .
බෂා 4කින් විතර ඔය ප්‍රස්නේ ඇහුව .
හ්ම්ම් නො උත්තර .කාසිය හෙලවෙන්නේ වත් නැහැ .
ආයිත් පටන් ගත්ත Search කරන්න මේ මගුල හරියටම කරන්නේ කොහොමද කියල. තිබ්බ
camera ඔක්කොම අයින් කර .අමනුස්සයෝන්ට කතා කරන්න කලින් කාසිය කොලේ උඩ එහෙට
මෙහෙට කරකවල දන්නා වැඩ දාල කරා එත් මුකුත් නැහැ.
අන්තිමට වැඩේ එපා උන. දවස් ක් විතර කරට පස්සේ.අන්තිමට 3 දෙනාම තීරනය කරාඅන්තිම පාරට කරන්න.ඔන්න ආයිත් පටන් ගත්ත වැඩේ.
විනාඩි 15ක් විතර ගිය.කාසිය හෙලවෙන්න පටන් ගත්ත.හෙමීට ගිය yes කියන එකට.yes එකට යන්න 1min විතර ගිය .හෙන හිමින් ගියේ.
3 දෙනාම අම්බානෙකට බය උන. එක නෙවෙයි වැඩේ ඊට පස්සේ තමයි සුපිරි සිදුවීම් ටිකක් උනේ
ඔන්න ඉතින් චන්ඩි වගේ හිටපු 2 ම අම්බානෙකට බය උනා. හිමීට
කාසිය Good bye කියන එකට ගේනවා.මේ මගුල් කාසිය එන්නෙත් නැහැ .ම හිතන්නේ
හිතේ බය නිසා. good bye එකට ඇවිත් නේපාල එකයි මමයි ගූඩ් bye කියල එක පාර
ඇගිලි 2ම ගත්ත. කෙන්යන් එකාට මල පැනල .ඒ යකා කියනවා නම ඇහුවේ නැත්තේ ඇයි කියල.
ඔන්න එදාට ඉවරයි .ඔලුවෙත් ලොකු බරක් තියාගෙන ඔහොම දවස් 2ක්, 3ක් , ගියා.
ඔන්න ආයිත් අපි ඒකමතිකව තීරනය කරා ඕක කරන්න .මේ පාර අහන්න ඕනි ප්‍රශ්ණ ඔක්කොම
අහනවා කියල හිතා ගත්ත .
එදත් කාසිය පටන් ගත්ත ගමන් yes එකට ගියා. මමයි
කෙන්යන් එකයි කරන්නේ. නේපාල එක කොලයක් අරන් ඉන්නවා උත්තර ලියන්න. නේපාල
එකට කාසියේ ඇගිල්ල තියාගන්න බැහැ කිව්වා.
නම ඇහුව හෙම්මෙට අකුරින් අකුරට ගියා කාසිය මම පල්ලෙහා දන්නුම් ප්‍රස්න ටිකයි උත්තර ටිකයි
What is Your Name:
Greg
Are you Male or Female :
Male
How old r u when you die :
24
R U American
Yes
එදා ඔය ටික අහල Good Bye කියල ඉවර කර.දැන් ඉතින් කාසි බුතය තමයි අපි 3 දෙනාගේ ලොකුම රාජකාරිය.ඕක ගැන අපි american කාරයෝ 2,3 කිව්වත්
උන් පිලි ගත්තේ නැහැ .උන් කියනවා මනෝ විකරළු . ඔන්න ඔහොම ගිහින් ආයිත් දවසක
අපි වැඩේ පටන් ගත්ත .ඔන්න කාසිය ගිය yes එකට .
r u greg?
no
what is your name?
Rollins
R U Male or Female?
Female
How Old R U when u die?
28
What You Want?
I Want Stay with You Guys
ඔන්න ඉතින් මෝඩ ප්‍රස්නයක් අහල කෙල කරගත්ත .දැන් මේකිට
අපිත් එක්ක ඉන්න ඕනිලු. අයියො සල්ලි ...ඊට පස්සේ අපි ඇහුව මොනවා වෙලාද මලේ
කියල .ගෑස් ගින්නක් කියල කිව්වේ ?එට පස්සේ අහන අහන එකට කිව්වේ I am crying ?
crying. Crying . ඇනයක් වෙන්න යන නිසා අපි good bye කියල ඉවර කර.
හබැයිඑක තමි අපි කරපු ලොකුම මෝඩ කම. එදා ඉදල 3 දෙන පෝලිමට
ලෙඩ වෙන්න ගත්ත. කාබරේ අමුතු පුළුටු ගදක් එන්න ගත්ත . අපේ බඩු නැති වෙන්න
ගත්ත .කොටින්ම කෙන්යන් එකාට ඇත්තටම හෙවනැලි වගේ දේවල් පෙන්න ගත්ත.
මචන් ල මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කාසි බුතයා වැඩකට ඇති වැඩක් නෙවෙයි. අපි
ඉන්න විදිහටම ඉන්න එක තමයි හොදම. මේ වැඩෙන් වෙන්නේ අහක යන නයි රෙද්ද අස්සේ
දාගන්න එක .අපි හැදුනේ වැදුනේ ඔකුන්ග් පිහිටෙන් නෙවෙයි නේ , හැබැයි එකක් කියන්න
ඕනි ඔය වැඩේ බොරුවක් කියල හිතන් ඉන්නවනම් කවුරු හරි එක වැරදි.
ඒ වගේම තමන්ගේ කවුරු හරි නැති උනාම ඕක කරලා ඒ අය එක්ක කතා කරන්න පුළුවන්. මම
එක අත්දැකීමෙන් දන්නවා . ඒ වගේ වැඩකට ඇරෙන්න නිකන් කරන්න යන්න නරකයි. මොකද
ගොඩක් ඉන්නේ දුෂ්ට ආත්ම.