මහ රෑ දුටු අද්භූත සිහිනය
දෙයියන්ගේ ලෙඩ හැදී කනත්ත ළඟින් ගෙදර ආ දවසේ මහ රෑ දුටු අද්භූත සිහිනය
මේ සිද්ධිය වනවිට මට වයස අවුරුදු 15ක් පමණ ඇත. පහ ශිෂ්‍යත්ව විභාගය සමත්වී
මම වලල මධ්‍ය මහා විද්‍යාලයට නේවාසිකාගාරයට ඇතුළත් වුණෙමි. ගෙදර සිට
විදුහලට දුර සැතපුමක් පමණ වුවත් ශිෂ්‍යත්වය සමර්ථ වූ නිසා නේවාසිකාගාරයේ
නැවැතී ඉගෙනීමට මට සිදුවිය. එක දිනක් උදෑසන නැඟිටින විට ඉවසිය නොහැකි තරම්
දරුණු උණකින් මම පෙළුණෙමි. දහවල් වනවිට ඇඟ කසමින් ඇඟේ කුඩා බිබිළි කීපයක්
මතුවිය. දරුණු උණ සමඟ ඇඟපත දරුණු ලෙස කකියයි. හිස කෙළින් තබා ගැනීම පවා
අසීරුය. ඒ නිසා නේවාසිකාගාර භාර ගුරු මහතාට දන්වා ගෙදර යෑමට අවසර ලබා
ගතිමි. තනිව යන නිසා වෙනත් කෙනකු කැටුව යෑමට එවන්න දැයි ඔහු කළ යෝජනාව ඉවත
ලූ මම තනිව නිවෙස බලා ගියෙමි.
විදුහලේ සිට නිවෙසට ඇති දුර
සැතපුමක් වුවත් ඒ දිනවල මේ පාරේ බස් රථ ධාවනයක් සිදු නොවීය. මුළු දුරම පාළු
පරිසරයක මැදින් ගමන් කළ යුතු විය. ප්‍රභූ පවුලකට අයත් පොල්, රබර්, කොකෝවා,
ගම්මිරිස් වැවුණු අඩක් කළුවර ඇති ගහකොළවලින් මේ මුළු දුර වැසී ඇත. මේ
රූස්ස ගස් අතර මිනිස් කටහඬක් නැත. පාළුව දෙගුණ කරමින් එක දිගට රැහැයි රංචු
මහහ¾ඩින් හඬ නඟති. ඉඳහිට පොල්ගසක් මුදුනේ අතුර බැඳ පොල් මල් තළා රා මුට්ටි
බිමට බාන අයකු ඒ නිම කොට අතුර හොඳින් ඇද බලා උඩ ලණුව අල්ලාගෙන පහළ ලණුව
දිගේ සෙමින් පා තබමින් අනික් පසට මාරුවෙයි. ගහකොළ රූස්ස බැවින් ඉරඑළිය පවා
බිමට නොවැටෙයි. මේ පාළු පාර කෙළවර වන්නේ සොහොන් පිට්ටනියකිනි. උණ වේදනාව
පුපුරු ගහන ඇඟ රිදුම සමඟ ඉර මුදුන් යාමේ පයින් ගමන් කොට තනිව අවුත්
සොහොන්පිටිය පසු කරනවිට චකිතයක් දැනෙයි. අලුතෙන් ඉදිවූ සොහොන් දෙක තුනක්
එහි විසිර ඇත. ගෙදර එනවිට ඇඟ ගිනියම් යකඩයක් මෙන් රත්වී මුළු ඇඟම ගින්දර
විහිදුවන්නට විය. දිව ගිලෙන තරම් පිපාසය දැඩි විය. මගේ ඇඟ නළල ඇඟපත අල්ලා
බැලූ මව මහ දවල් ඉර මුදුන් වේලාවේ තනිව ඒම ගැන ෙදාස් නඟන්නට වූවාය. පිපාසය
විනා බඩගින්නක් නොදැනෙයි. තේ කෝප්පයක් පානය කළ මම පසෙක වූ බූරු ඇඳෙක
වැතිරුණෙමි. එකල අප විසූ නිවෙස කුඩාය. කුඩා ඉස්තෝප්පුවක්, කාමර දෙකක් කටු
මැටි ගැසූ කුස්සියක් විය. වසා තිබුණේ පිදුරුය. එය ගිනියම් අව්ව ඇති විට ඇඟට
සිසිල ගෙන දෙයි. එදා හවස ගමේ පන්සලේ සූවිසි විවරණ පින්කමක් ආරම්භ විය.
කලින් යොදාගෙන තිබුණු පරිදි පියා සහ මව රාත්‍රි කෑම කා සූවිසි විවරණ බැලීමට
පන්සලට ගියහ.
නිවෙසේ ඇතුළුවන ස්ථානයේ වූ ඉස්තෝප්පුවේ ලෑලි
ගැසූ ඇඳක් විය. එහි නිදා ගත්තේ අපේ මාමා කෙනෙකි. ඔහු ඉස්තෝප්පුවේ ඇඳ මත
දිගාවී පුරුද්දක් ලෙස බුලත්විට සපමින් පරණ කවි, බලිතොවිල් කවි, යන්ත්‍ර
මන්ත්‍ර, ශබ්ද නඟා නින්ද යනතුරු කියවයි. ඉස්තෝප්පුවට යාව ඉදිරි කාමරයේ බූරු
ඇඳේ මම නිදා සිටියෙමි. අරුචිය නිසා රාත්‍රි කෑම නොගත් මම තේ කෝප්පයක් බී
ඇඳෙහි වැතිර නින්ද යනතුරු ඒ මේ අත පෙරළුණෙමි. මාළඟ ඇඳක පොඩි නංගි නිදයි.
මගේ ඇඟේ වේදනාව යට කරගෙන දහදිය පිහිල්ලකින් මෙන් ගලයි. නළල ඇඟපත දාදියෙන්
තෙත් වෙයි. නින්ද පේන තෙක් මානයක නැත. කොට්ටය ඒ මේ අත උස් පහත් කරමින් නිදා
ගැනීමට තැත් කළත් ඒ සියල්ල බිඳ වැටෙයි. පන්සලේ කියන කවි, නැටුම්, බෙර හඬ
කන් දෙබෑ කරමින් ශබ්දවාහිනියෙන් ප්‍රදේශය පුරා විසිර යයි. මා සිටි කාමරයේ
ෙදාර හා ඉදිරි පස ඉස්තෝප්පුව යතුරු දැමූ ෙදාරකින් වෙන්වී තිබිණි. මා නිදා
සිටි කාමරයේ යතුරු දමා තිබූ ෙදාර දඩාං යන හඬ නඟමින් එකවරම ඇරුණේය.
තිගැස්සී ඔළුව එසවීමේදී මා දුටු දෙය ඇඟ සලිත කළේය. ඉස්තෝප්පුවෙන් පිටත
සිටින අයකු එහි සිට මා සිටින කාමරයේ ඇඳ දෙසට අඩි දහයක් ෙදාළහක් පමණ දිගට
ගෙල දිගු කරයි. විනාඩි ගණනකට පසු ඔහු යළිත් දිගු කළ ගෙල ආපසු පස්සට ඇද ගනී.
යළිත් දිගු බෙල්ල මා දෙසට විහිදුවයි. විනාඩි කීපයකින් යළිත් මුහුණ පස්සට
ඇද ගනී. ඉහ වහා ගිය බයෙන් මම මුහුණ කොට්ටයේ ඔබා ගතිමි. දිග විරූපී මුහුණ...
එල්ලෙන දිග දිව... අඩි ගණනක් දිග බෙල්ල... මේ සැබෑවක්ද? උණ විකාරද? මම
කල්පනා කළෙමි. ඒ උණ විකාර නොව නින්ද නැති මා ඉදිරියේ සැබෑ ලෙසම රකුසු වෙස්
ගත් එල්ලෙන දිගු දිව ඇති භයංකර ඇස් ඇති දිගු බෙල්ල නැවැතත් කාමරයට දිගු
කරයි. නංගි තද නින්දේ පසුවන්නීය. මම හයියෙන් කෑ ගැසුවෙමි. එහෙත් මුවෙන් හඬ
පිට නොවෙයි. උගුර තොල කට සියල්ල වේළී ඇඟ සට සට ගා වෙව්ළයි.
ෙදාර මහත් හඬ නඟමින් ඉබේම වැසිණි. මම නැඟිට ඇඳේ ඉඳගෙනම ෙදාර දෙස
බැලුවෙමි. ෙදාර තදින් වැසී ඇත. ඉස්තෝප්පුවේ නිදා සිටි මාමා ගේ වටා මහත් හඬ
නඟමින් අඩි තබමින් ගේ වටා දුවනු මට ඇසෙයි. ඔහු කිසියම් අයකු පිටුපස
ලුහුබඳිමින් ගේ වටා දුවයි. හරක් රෑනක් ගාල කඩාගෙන දුවන්නා සේ අර අද්භූත
අවතාරය ගේ වටා මිදුලේ හඬ නඟමින් දුවයි. ඉස්තෝප්පුවේ නිදා සිටි මාමා උෟ
පිටුපස පන්නමින් ලුහුබඳියි. දෙදෙනාගේ දිවිල්ල කෙළවරක් නැත. රවුම් තිහ
හතළිහකට වඩා දෙදෙනා ගේ වටා දුවති. ගේ පිටුපස පිළේ ළිප දැල්වීමට පොල් ලෙලි
ගොඩ ගසා තිබිණි. මාමා උෟ ලුහුබඳිමින් උෟ වෙත පොල් ලෙලිවලින් දමා ගසයි.
හිටපිය බල්ලා... හිටපිය පෙරේතයා... ඔහු පරුෂ වචනයෙන් බැන වදිමින් උෟ
ලුහුබඳියි. මගේ ඇඟ සට සට ගා ගැහෙයි. ඉහින් කනින් දාදිය පෙරෙයි. තොලකට වේළී
ඇත. පාන්දර තුනට පමණ කුකුළා හැඬළුවේය. පන්සලේ සූවිසි විවරණ නිමවී මිනිසුන්
ගෙවල්වලට යන හඬ ඇසෙයි. සියල්ල සන්සුන් වෙයි. අම්මා තාත්තා ඉදිරි ෙදාර
ඇරගෙන එන විටත් මට තවම නින්දක් නැත.
"ඇයි තවම නින්දක් ගියේ නැද්ද?" අම්මා ඇසුවාය. මම සිදුවූ සියල්ල ඇයට කීවෙමි.
"දෙයියනේ ලෙඩ හැදීගෙන එනකොට සොහොන් පිට්ටනි පහුකරගෙන ඉර මුදුන් යාමේ ආපු
එකේ වැරැද්ද. හෙට උදේ තෙල් ටිකක් මතුරල ගාමු." ඇය මගේ හිසට අත තැබුවාය.
උදෑසන වයසක යකැදුරකු ගෙන්වා තෙල් මතුරා නළලේ ගෑමෙන් පසු උණ හා විකාර ගතිය අඩුවී යන්තම් නින්දට වැටිණි.
No comments:
Post a Comment